පලමු පියවර ක‍්‍රියාත්මකයි.. රවි එලවන්නැයි එජාප පසුපෙල මන්ත‍්‍රින් රනිල්ගෙන් ඉල්ලති..

February 1, 2018 at 5:30 pm | lanka C news
පලමු පියවර ක‍්‍රියාත්මකයි.. රවි එලවන්නැයි එජාප පසුපෙල මන්ත‍්‍රින් රනිල්ගෙන් ඉල්ලති..

රවි කරුණානායක මහතා දරන එක්සත් ජාතික පක්‍ෂ උප නායක ධුරයෙන් ඉවත් කර පක්‍ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකු ඒ සදහා පත් කරන්නැයි එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් හා පක්‍ෂ කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.

බැදුම්කර කොමිසමේ වාර්තාවෙන් කරුණානායක මහතාට චෝදනා එල්ල වන නිසා එය එජාපයට මෙම මැතිවරණ කාල සීමාවේදී දැඩි ලෙස අවාසිදායක බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

එජාපයේ මැතිවරණ ජනහමු ඇමතීමටද කරුණානායක මහතාට ඉඩ නොදෙන්නැයිද ඉල්ලා ඇති එම මන්ත‍්‍රී පිරිස ඔහු පක්‍ෂයේ සියළු කටයුතුවලින්ද ඉවත් කරන්නැයි ඉල්ලා ඇත.

13,456 Viewers

9 Comments to “පලමු පියවර ක‍්‍රියාත්මකයි.. රවි එලවන්නැයි එජාප පසුපෙල මන්ත‍්‍රින් රනිල්ගෙන් ඉල්ලති..”

  1. T. F. says:

    Issallama elawanna ona Ranilwa

  2. LION HEART says:

    This film show till 10th February

    ACTING, ACTING, ACTING, ACTING, ACTING

  3. john the baptice says:

    එන්ගලිකන් වරු රනිල් එලවන්නේ නැහැ

  4. ජගත් රත්නායක, ඔබෙිසේකරපුර says:

    රවි UNP බලයට ගේන්න වෙහෙස නොබලා කැපවීමෙන් වැඩ කළ කෙනෙක්.ඒත් අනුන්ගෙ පවිවලට රවිටත් කරගහන්න සිදුවෙලා.රවි දේශපාලන වශයෙන් පිරිහීමට බලපෑ ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා.
    1.ඔහුට ලබාදෙන අමාත්‍යාංශයන්ට අයත් ආයතන පාලනය කිරීමෙිදී අනුගමනය කරන ප්‍රතිපත්තීන්වල අදූරදර්ශී බව.සතොස පෞද්ගලීකරණය රවිගෙ තීරණයක් නෙවි.2002 රනිල් බලයට පත්උනාම පාඩු ලබන සතොස පෞද්ගලීකරණය කරන්නට උපදෙස් ලැබුනේ රනිල්ගෙ ආර්ථික කමිටුවෙන්.එය සාමූහික කැබිනටි තීරණයක්.ජනතාවට ඉතාම සමීප රාජ්‍ය ආයතනයක්වූ සතොස පෞද්ගලීකරණය UNP යට පාරාවලල්ලක් උනා.විෂය භාර ඇමති හැටියට සතොස විකිණීමෙි අපවාදය රවි පිටින් ගියා.රවි මහජනයා අතර අප්‍රසාදයට ලක්වීම ආරමිභවූයේ එතනින්.⁣අදටත් මිනිස්සු කියන්නෙ සතොස කාපු රවි කියලයි.
    යහපාලනයේ මුදල් ඇමතිකම ලැබුනට මහ බැංකුව රවිගෙ අමාත්‍යාංශයට අයත් නැහැ.ඒත් අවසානයේ මහ බැංකු බැදුමිකර සිද්ධියේ ඔක්කොම පවි රවි පිටින් ගියා.
    2.රවිගෙ බිරිඳගේ අඥාණ ක්‍රියාකලාපය අනෙක් හේතුවයි.ඇය අමාත්‍යාංශයේ බොහෝ දේවල්වලට ඇගිලි ගැහුවා. ඇයගේ කිටිටු ඥතීන්ට තනතුරැ ලබාදීමට රවී පෙළඹවූවා. මුදල් හා දේපළ පසුපස හඹා ගියා මිස වගකිව යුතු ඇමතිවරයෙකුගේ බිරිඳක් හැටියට කටයුතු කළ යුතු සංයමය ඇයට තිබුනේ නැහැ.අධික තෘෂ්ණාව සහ කෙදිනක හෝ රවි රටෙි නායකත්වයට පත්වෙනවායැයි ඇය තුළ සිය ස්වාමියා පිළිබඳව තිබූ අධිතක්සේරැව නිසා ඇය උඩගුව බලයෙන් මත්වී අන්ධවී සිටියා.ඇය රවිට පමණක් නොව සිය තරැණ දියණියටද අපකීර්තියක් අත්කරදී රවිගේ දේශපාලන ගමන විනාශ කළා.
    රවි කොපමණ වෙහෙස මහන්සිවී UNP ය වෙනුවෙන් වැඩ කළත්,ඔහු පිළිබඳව යහපත් ජනතා පිළිගැනීමක් නැහැ.ඔහුගේ සාධනීය පැත්ත ඔහු ලගින් කටයුතු කළ අයෙක් මිස බාහිර සමාජය දන්නේ නැහැ.නැවත ගොඩනැගිය නොහැකි මටිටමට රවිගේ ප්‍රතිරූපය විනාශ වී ඇතත්,ඔහු සතු ධෛර්යය සහ අභියෝගයන්ට මුහුණදීමෙි ශක්තිය අගය කළ යුතුයි.

    • Ravi says:

      ජගත් දන්නේ නැතිව ඇති මම දේශපාලනයට එන්න කලිනුත් හතර වටේටම පොලු තිබ්බ කෙනෙක් කියලා .
      සමහරු නඩු දාල උන් ඒවා දිනලත් මම ගෙව්වේ නැහැ කියලා

  5. Gayantha says:

    Oka ranilge gaitayak ! Akila upanayaka karanna gahana gemak !

  6. රනිල්වූ සූත්තර පැංචාගේ චංන්ඳ ගැටයක් මෙදාපාර ඕකත් ගිල්ලොතින් අපේ ගොන්නු ලංකාවම කඹස්තමයි 2002 දී ගිවිසුම් ගැහැව්වා 2019 දී කොටස බෙදා දෙනවා නියතයෙන්ම ඇවරයි දැවරයි රටම කම්මුතුයී??????????

  7. මල කෝලං says:

    කාටද අනේ me කොළ කඩන්නේ. me ඔක්කොම අකමැති පොල්පිති ජනපිතිගේ චන්ද ගුණ්ඩු තමා.

  8. උපාසක ඇත්තෝ says:

    එහෙනම් ඔන්න දරුවනේ මං හු කිව්වම ඔයාලත් කියන්න. හැබැයි කොල්ලනේ කන්න හදන්න එපා. පොඩ්ඩක් ඉවසපල්ලා. ඔන්න මං හූ කිව්වා. කෝ කියාපලා.අම්මට කන්නේ නැතුව. me වගේ පක්ෂවලට අබ සරණයි.

Main News