පලස්තීන ශ්‍රී ලංකා සබදතාවය අඛණ්ඩව…

November 5, 2017 at 2:12 am | lanka C news
පලස්තීන ශ්‍රී ලංකා සබදතාවය අඛණ්ඩව…

පලස්තීනයේ බැල්ෆෝ ප්‍රකාශණයට වසර 100 ක් ගතවීම නිමිත්තෙන් පලස්තීනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ කථික තරගයේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධානොත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර ශාලාවේ දී පැවැත්විනි.

“අයුක්තියේ ශතකය” ලෙස පලස්තීනුවන් මෙම බැල්ෆෝ ප්‍රකාශණය හදුන්වනු ලබයි. පලස්තීනය තුල යුදෙවු නිජ බිමක් ස්ථාපිත කිරීම සදහා බ්‍රිතාන්‍ය ජාතික දේශපාලනඥයෙකු වන ආතර් ජෙමිස් බැල්ෆෝ මහතා 1917 නොවැමිබර් 02 දින මෙම ප්‍රකාශණයට අත්සන් කරන ලදි.

මෙම උත්සවයේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “යුක්තිය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කිරිම ඉතාම වැදගත්. පලස්තීන අර්බුදය අපි තරුණ වියේ සිටම දකින ලද කරුණක්. මම පසුගිය වසරේ පලස්තීනයට ගොස් මෙම ප්‍රශ්නය සියසින්ම දැක ගත්තා. රජයක් ලෙස ශ්‍රී ලංකාව පලස්තීන ජනතාව සමග සිටිනවා. යුදෙව් බලපෑම සමග මෙම ප්‍රශ්නය වර්ධනය වුවද එය කඩිනමින් විසදෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. පලස්තීනය සමග ඇති සබදතාවය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.”

මෙම උත්සවයට පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති Zuhair Darjed මහතා, අමාත්‍ය ෆයිසර් මුෂ්තාෆා මහතා, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන තිස්ස විතාරණ මහතා, ඉමිටියාස් බාකිර් මාකාර් මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

976 Viewers
Main News