පල්ලියක උත්සවයකදී බැතිමතුන්ට කෑම විෂ වී ප්‍රතිකාර…

March 11, 2018 at 12:40 pm | lanka C news
පල්ලියක උත්සවයකදී බැතිමතුන්ට කෑම විෂ වී ප්‍රතිකාර…

යාපනය මෙලෙන්චිමුනෙයි ධීවර ගම්මානයේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයෙ පැවති උත්සවයකදී ලබා දුන් ආහාර විෂ වීමකින් අද (11) උදෑසන 98 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබා ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.

ශාන්ත අන්තොනි දේවස්ථානයේ මෙලෙන්චි මුනෙයි ගම්වාසීන් 700 ක් පමණ දෙනා එක්ව ඊයේ (10) මෙම උත්වය පවත්වා ඇති අතර පසුව සියලු දෙනාටම ආහාර ලබා දී ඇති අතර එහිදී ආහාර ගැනීමෙන් පසුව ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන වැඩිහිටියන් 53 දෙනෙකුට හා ළමුන් 45 දෙනෙකුට වමනේ යාම සහ බඩ රිදීම ඇතුලු රෝගයන්ට මුහුණ දී ඇති අතර අද උදෑසන එම පිරිස් කයිට් ප්‍රදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත.

අදාල රෝග ලක්ෂනයන්ට අනුව කෑම විෂ වූවේ නම් සියලු දෙනාටම අදාල රෝග ලක්ෂණයන් පහල වීමට ඉඩඇති බවටත් කොටසකට පමණක් මෙවැනි රෝග ලක්ෂණයන් පහල වීම සම්බන්ධයෙන් දේවස්ථානයේ පියතුමන්ලා ඇතුලු ප්‍රදේශභාර මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,666 Viewers

6 Comments to “පල්ලියක උත්සවයකදී බැතිමතුන්ට කෑම විෂ වී ප්‍රතිකාර…”

  1. රංග says:

    දේව හාස්කමක් 😀

    • Asaranaya says:

      බයනොවන්න දරුවනේ ,දෙවියන් වහන්සේ විසින් ඔබසැම සුවර්ග රාජ්ජෙදී හමුවීමට කටයුතු සලස්වා ඇත. R.I.P

  2. Love nature says:

    ඉක්මන් සුවය පතමු

  3. kamalasirikuruwita says:

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!!!!!!!!!!

  4. David Milli-banda says:

    It must be Mahinda’s work………or he must be behind it.

  5. Jesus bless them who got sick!!!

Main News