පලාලි යුද හමුදා කඳවුර වටලා විරෝධතා.. අධිආරක්‍ෂිතයේ ඉඩම් ඉල්ලති..

November 5, 2017 at 4:40 pm | lanka C news
පලාලි යුද හමුදා කඳවුර වටලා විරෝධතා.. අධිආරක්‍ෂිතයේ ඉඩම් ඉල්ලති..

යුද සමයේදී පලාලි අධිආරක්ෂිත කලාපයට ගත් සාමාන්‍ය වැසියන්ගේ මුල් ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා අද (05) දහවල් පලාලි යුද හමුදා කඳවුර ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවත්වූහ.

පලාලි දකුණ ප්‍රදේශයේ ගොවි සංවිධාන කිහිපයක් විසින් අදාල උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර පලාලි අධිකආරක්ෂිත කලාප වලට ගෙන ඇති සෙසු ඉඩම්ද සියල්ලක්ම නිදහස් කරන මෙන් උද්ඝෝෂකයින් ඉල්ලා සිටි අතර එම උද්ඝෝෂණයට ශ්‍රීලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අංකජන් රාමනාදන් මහතාද එක්ව සිටියේය.

එහිදී උද්ඝෝෂකයින් වැඩි දුරටත් කියා සිටියේ වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව පලාලි ආරක්ෂක අංශ භාරයේ තිබූ ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට පියවර ගත්තද පලාලි දකුණ ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට අයත් තවත් ඉඩම් තොගයක්ද පවතින බැවින් එම ඉඩම්ද වහාම නිදහස් කිරීමට වත්මන් පාලකයින් පියවර ගත යුතු බවටයි.

උද්ඝෝෂණය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී අංකජන රාමනාදන් විසින් යුදහමුදා නිලධාරින් වෙතට වැසියන්ගේ ඉල්ලීම් ඇතුලත් ලිපයක් භාරදුන් අතර අදාල ලිපිය ආරක්ෂක අමාත්‍යංශය හරහා රජයේ වගකිව යුතු පාර්ශවයන් වෙතට යොමු කිරීමට පියවර ගන්නා බවට පලාලි යුද හමුදා නිලධාරීන් ප්‍රකාශ කිරීමෙන් පසුව උද්ඝෝෂණය නැවත්වුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,961 Viewers

3 Comments to “පලාලි යුද හමුදා කඳවුර වටලා විරෝධතා.. අධිආරක්‍ෂිතයේ ඉඩම් ඉල්ලති..”

  1. Kamal says:

    බැසිල් මහත්තයව ඉක්මනට බලේට ගෙනත් ඔබේ ඉඩම් ලබාගන්න.

  2. LION says:

    This lands are not belong Tamil peoples ..This lands belong to Sinhala Nation ..Donot give any land to this racist Tamil terrorists
    Go and ask part of Tamil Nadu ….It is dangerous to give Palali lands to tamils

  3. Dayani says:

    These bloody racist Tamils are provoked by bloody Tamil politicians and this a crafty way of getting our troops out of North.!!! I think the government should not give an inch where the Palaly Army camp is situated, but any other suitable land.!!! Enough is enough of the greed, lies these migrant racist Tamils are showing to the world.!!!
    If those Tamils unhappy and unwilling to live in peace, must return to Tamil Nadu, where they originate from….

Main News