පවුල ගොඩඟන්න මහින්ද රාජපක්ෂ රට පාවාදෙනවා.. පොහොට්ටුව හැදුවේ නාමල් රජ කරවන්නයි.. – සාගල

January 1, 2018 at 6:48 pm | lanka C news
පවුල ගොඩඟන්න මහින්ද රාජපක්ෂ රට පාවාදෙනවා.. පොහොට්ටුව හැදුවේ නාමල් රජ කරවන්නයි.. – සාගල

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී පොහොට්ටු පක්ෂය සෑදුවෙ සිය පුත් නාමල් රාජපක්ෂ රජකරවීමට පාරකැපීමට බවත් රාජපක්ෂ පවුල ගොඬනැඟීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ්‍ය පමණක් නොව රට වුවද පාවා දිය හැකි අයෙකු බව මේ වන විටත් රටට ඔප්පු වී ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධණ අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ මොරවක පොල්ගස්විල ප්‍රදේශයේ පැත්වූ ජනහමුවකට එක් වෙමිනි.

එහි දී අමාත්‍යවරයා මෙසේද කීය.

“රාජපක්ෂ යුගයේ නම් වැඩ කලේම පවුලේ අයට . ජනතාව වෙනුවෙන් වැඩ කලේම නෑ . හැම වෙලාවෙම ගොඩනගන්න හැදුවේ පවුල .ඒ අයට අද තවම ඒ ගතිය අත ඇර ගන්න බැරි වෙලා .

මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොට්ටුව පක්ෂ හැදුවෙ මොකටද ?. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට හිටපු රාජපක්ෂ මහත්තයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පාවා දීලා පොහොට්ටුව පක්ෂය හැදුවේ තමන්ගේ පුතාව රජකරවන්න පාර කපන්න මිසෙක වෙන දේකට නෙවෙයි. හැබැයි ඒ පොහොට්ටුව පිපෙන්නේ නම්නෑ.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ජනාධිපති වෙලා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය අරගෙන පක්ෂය ගොඩ නඟන්න කටයුතු කරගෙන යද්දි මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොට්ටු පක්ෂය හැදුවේ පවුල ගොඩදාන ගතිය අතඇරගන්න බැරුවයි. පක්ෂය විතරක් නෙවෙයි රට පාවාදීලා හරි රාජපක්ෂ මහත්තයා පවුලේ අය ගොඩනඟනවා කියනදේ දැන් රටට ඔප්පු වෙලා ඉවරයි.

මහින්ද රාජපක්ෂ මහත්තයා යුදදෙ දිනුව කියලා එතුමට ආදරය කරපු මිනිස්සු මේ පොහොට්ටුව නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාව අතඇරලා එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රීලනිපයටත් එකතු වෙලා වැඩකරනවා.

මහින්ද රාජපක්ෂ යුගය අවසන් කරලා අපි තමුන්නාන්සේලා වෙනුවෙන් වැඩකරන්න පටන් අරන් තියෙනවා. අපි කොංක්‍රීට් වක්කරන එකටවත්,පාරවල් කාපට් කරන එකටවත් විතරක් සංවර්ධනය කියලා කියන්නේ නෑ. අපි තමුන්නාන්සේලාගේ ආර්ථිකයත් ශක්තිමත් කරනවා.

සංවර්ධනය කියන එක අපි තමුන්නාන්සේලාට ගෙනත් දෙන්නෙපිළිවෙලකට .ඒක ස්ථිරසාර සංවර්ධනයක්. මම ඊයේ බෙවරලිය ගියා .මේ අයට බෙවරලිය මතක ද ? දෙනියාය නගරය පහු වෙද්දිපාර සංවර්ධනය කරගෙන යනව පේනවා .මහා පස් කඳු කඩා වැටෙන තැන්වල කොන්ක්‍රීට් දාලපිළිවෙලකට කොන්ක්‍රීට් බැමි හදලා හරියාකාරව ඒ වැඩේ කරනවා .ඒ අපේ ආන්ඩුවේ වැඩක් .

ඒක පහුවෙලා ටික දුරක් යනකොට එනසාල් වත්ත පාරට හැරුණු ගමමකාපට් පාරක් හම්බෙනවා .මහ වරුසාව වහින කොටකාපට් පාර උඩින්වතුර යනවා . හරියට කනුවක් වත් හදලා නෑ . ඒ තමයිමහින්ද රාජපක්ෂ මහත්තයාඡන්දෙ දිනාගන්නදවස් දෙකෙන් හදපු පාර. කිසිම ප්‍රමිතියක් නෑ .අද වෙද්දි කාපට් එක කැඩිලාපාර හොඳටම අබලන් වෙලා . ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා දීපු තෑග්ගක් .ඔබතුමාලා වෙනුවෙන් රාජපක්ෂ මහත්තයගෙ තෑග්ග තමයි ඒ.

එක පහු කරගෙන ටික දුරක් යනකොට මහා කන්දක් උඩට හොඳට කොන්ක්‍රීට් දාපු පාරක් තියෙනවා .මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ පාර හැදුවෙ මස්සිනා වෙනුවෙන් .ජනතාව වෙනුවෙන් හදපු පාර කැඩිලා. මස්සිනා වෙනුවෙන් හදපු පාර හොඳට තියෙනවා.

එක පහු කරගෙන තව ටිකක් ඉස්සරහට යද්දිඅලුත් පාලම් හදල, කොන්ක්‍රීට් දාල ,පාර ආයෙත් හොඳට හදාගෙන යනවා .ඒ අපේ ආණ්ඩුවේ වැඩ.

තමුන්නාන්සේලාට ලැබෙන සංවර්ධනයඅපේ සාක්කුවට දා ගන්නේ නැතුව අපි තමුන්නාන්සේලාට ගෙනත් දෙනවා .අපි පවුලේ අයට වැඩ කරන්නේ නෑ .“ යැයි අමාත්‍යවරයා කීය.​

– දිලන්ක ගුණතිලක

6,938 Viewers

22 Comments to “පවුල ගොඩඟන්න මහින්ද රාජපක්ෂ රට පාවාදෙනවා.. පොහොට්ටුව හැදුවේ නාමල් රජ කරවන්නයි.. – සාගල”

  1. somapala says:

    පට්ට පල් බොරු කෙලිනව මූ. යකෝ තොපි කලේ මහජනතාවට අයිති බැංකුව කොල්ලකාල යාලුවො අතර (රෝයල් එකේ) අතර බෙදා ගත්තා. රාජ්‍ය සම්පත් විකුනං කනව. ඒ මදිවට රටත් කඩල දාන්න හදනවා. තොපිට හෙන ගහන්න ඕනැ කියන කෙබර වලට. තොපි දන්නව අපේ බූරුවො සමහරු ආයෙමත් තොපේ බොරු විශ්වාස කරයි

  2. බන්ඩා says:

    අපි (බැංකු හොරු එක්ක සමනල්ලුන්ට වැඩ කරනවා) පවුලේ අයට වැඩ කරන්නේ නෑ – සා-ගල.

  3. Aurora says:

    සාගල මහත්තයෝ කලින් ඔයා සජිත් වගේ වාචාල කතා නොකිව් දේශපාලකයෙක්. නමුත් පොහොට්ටුව නිසා UNP ආණ්ඩුවට ඇතිවෙන අස්ථාවරත්වය ඔබේ මොලේ අවුල්කරලා. මහින්ද මහත්මය 2015 අගෝස්තු මහා මැතිවරණය ඉල්ලපු වෙලාවේ ඒ චන්දෙන් පොදුජන එක්සත් පෙරමුණ පරාද කලේ සිරිසේන. ඒක පොදුජන එක්සත් පෙරමුණට චන්දෙ දුන්න සියලුදෙනාම පිලිගන්නවා. එමෙන්ම ඒ සියල්ලෝම සිරිසේනට වෛරකරනවා. UNP එකට සිරිසේනව වටිනවා තමුන්ට තියන තර්ජනය යටිකූට්ටු වැඩවලින් දුර්වල කරන නිසා. ඔබ කියන විදිහට මේ රට පාවාදෙන්නේ මහින්ද මහත්මය නොවෙයි. සිරිසේනයි රනිල්ගේ හොර නඩෙයි. නාමල් රජකරලා හෝ නැතිව UNP ය ඉදිරි අවුරුදු 20-30 අනිවාර්යෙන්ම සියලු චන්ද පරදිනවා. ඒ මහින්ද මහත්මයගේ සැලසුමක් නිසා නොවෙයි. මහබැංකු හොරකම, හම්බන්තොට වරාය විකිණීම, 73-76 වගේ ආර්ථික අමාරුකම්, රට පාවාදීම්, බෙදුම්වාදීන්ට කප්පම් දෙන ව්‍යවස්ථා සංසෝධන, නැගෙනහිර බොදු උරුමය වෙනුවෙන් රජය පෙනී නොසිටීම, රාජිත/සජිත් වසල කතා මතක තියන චන්දදයක slab එක මැරෙනකම් UNP ය ගොඩ එනවා බොරු. 2015 චන්දෙට එකතුකරගත් සුළුජන පදනම නිසා සහ සිංහලයන්ට යහපාලනය කරන අකටයුතුකම් නිසා සිංහලයෝ UNP + SLFP = යහපාලනය පිළිබඳව ආපහු විශ්වාස කරන්නේ නැහැ.

    • Boo says:

      Well said, well explained, however I am not sure the lunatics in the current government have the mental capacity to understand the facts. They will keep barking at the Rajapakshas because they all suffer from Rajapaksha phobia.

    • vishnu says:

      සහතික ඇත්ත

  4. චන්ද්‍ර says:

    මේ වඳුරු සූට් පැරචූට් කාරය මොනවද මේ කියන්නේ! කොහෙන්ද ඇවිත් තියෙන්නෙ?

  5. lion says:

    “නව ව්‍යවස්‌ථාව එපා” ස්‌ටිකරය අලවන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න සාගල කළු සුද්දා

  6. sam says:

    ane ban mewa UNP ekata chande deepu apiwath wishwasa karanehe, me wage gon katha kiyanakota umbalata chande deepu apitayi lajja, thamangeyi kiyala wedak karpalla, Rajapakshatama katha hadala ekenma yepena balanethuwa

  7. john the baptice says:

    නීතිය සා සාමය පිළිබද අමාත්‍ය,අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල වහාම ඉවත් කිරිමට කටයුතු කිරිම හරහා පමණක් පොලිසීය ස්වාධිනව පවත්වා ගැනිමට හැකියාව ඇති බව පොලිස්පති පුජිත් ජනාධිපතිවරයා හමුවි ප්‍රකාශයක් කර ඇති අතර ඒ අනුව නීතිය සා සාමය පිළිබද අමාත්‍යංශය සාගලගෙන් ගලවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ අමාත්‍යවරයෙකුට ලබාදිම සම්බන්ධයෙන් අවධාණය යොමුවි ඇත.

  8. Janith says:

    ඔබතුමා ගැන තියෙන විශ්වාසය නිසා තමයි යන්තම් නුලෙන් හරි 3වෙනි තැනට හරි එන්න පුළුවන් වුනේ. එත් ලබන සැරේ නම් ඇපෙත් නැහැ. මහින්ද මොනවා කරලා හරි යුද්දේ දින්නා රට ස්වයම්පොෂිත කරා. දැන් රුවන් විජේවර්දන, අමරි විජේවර්දන ඇතුළු රනිල් නායකතුමාගේ නෑදෑයන් කී දෙනෙක් උසස් තනතුරුවල වැජබෙනවද ? අගමැතිතුමාට දරුවන් නැත්නම් එකට මහින්ද පලි නැහැ.

  9. Lolla says:

    ඇයි බයද

  10. Dev says:

    pala nariya

  11. රටරාළ says:

    මුළු බටහිරයන්ටම රට පවා දුන් කල්ලියක් දැන් මහින්ද ගැන කතා කරනවා. අනාගතයට රටක් බාරගන්න නුඹලාගේ කාටවත් දරුවෝ නෑනේ. ඔක්කොම දේදුණු කල්ලියේ නේ. අලුත් අවුරුදු දවසේ වත් ඔය පලිගැනීම් නවත්වපියව්. 87-89 කාලයේ කරපු දේවල් වලට ඒ කාලේ දඬුවම් දුන්න නම් හුඟ දෙනෙක් මහගෙදර උළු ගණන් කරනවා.

  12. " කුඩ්ඩං " says:

    භීතිය කාමය අද රට කන යුද්දේ
    ගංජා සුදු කුඩු රටෙ පුරාම යුද්දේ
    නිතියෙ ඇමති මත්වීද නෑ සද්දේ
    කාමය රැව්දී රටම වෙව්ල සද්දේ

  13. 20-20 සිරිලක says:

    නිදහස සැම මනසට ඇතිකල මහින්ද
    අදහස ගෝඪාභ සුරැකිව ජය යුධ බින්ද
    මදහස සැමගෙ ගෝඪා රජපුටුවෙ හින්ද
    නිදහස් නොබෙදි සිහල රටක සැම හින්ද

  14. අලි-පාගල says:

    හිටං හුටං පාවා දුන්නෙ අත පක්‍ෂ
    සාගලට වැසී ඇත නොපෙනී යක්‍ෂ
    තුන් අවුරුදු අබිං කාපු මේකා යක්‍ෂ
    දැන් පසුතැවෙයි දෙදරන මුගෙ පක්‍ෂ

  15. Sudaa says:

    රැවටුනා ඇති ආයෙත් පොන්සි බය්ලා වලට තිත.

  16. SWoRD says:

    ලොන්තපෝල් නපුංසක ගල් බමුණන්ට මොකක්ද තියෙන අමරුව මහින් ද නාමල්ට බැරිනම් සපුමල් ට පක්‍ෂ හැදුවත් ?

  17. BARCARDI says:

    Rajapakhe Family is very good compared to the others.

Main News