පස්දරු පියාගේ මල සිරුර වැවේ පාවේ..

October 2, 2018 at 5:30 pm | lanka C news
පස්දරු පියාගේ මල සිරුර වැවේ පාවේ..

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කනාකාම්බිකයි වැවේ තිබී මළ සිරුරක් ඊයේ (01) දින හමු වූ බවට කිලිනොච්චිය පෙලීසිය කියා සිටියේය.

කිලිනොච්චිය තිරුමුරුකණ්ඩි ප්‍රදේශයේ පදිංචි දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වන 52 හැවිරිදි පොන්නයියා තිරුනීලකණ්ඩන් නැමත්තාගේ මළ සිරුර මෙසේ ප්‍රදේශවාසීන් දැක ඒ බව පොලීසියට දැනුමී දී ඇත.

මිය ගිය පුද්ගලය කුමන හේතුවක් නිසා මිය ගියේදැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු වෙනුවෙන් කිලිනොච්චිය රෝහලේ තැන්පත් කොට ඇති බවටද සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,568 Viewers

One Comment to “පස්දරු පියාගේ මල සිරුර වැවේ පාවේ..”

  1. desta says:

    ranil norway yai apita kanna epa kiyai passa petthata ebayak gaha ganna kiy a mangala kiyai my3u s a gihin ei emathigullo rata sawari tai latest news Sri lanka

Main News