පහර දී මරා දැමු මල සිරුරක් නගරය මැද…

February 9, 2018 at 5:30 pm | lanka C news
පහර දී මරා දැමු මල සිරුරක් නගරය මැද…

අද පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයෙන් නන්නාදුන පිරිමි මල සිරුරක් හමුව ඇත. අද උදෑසන දඹුල්ල පොලිසියට ලද තොරතුරක් මත දඹුල්ල නගර මධ්‍යයේ ඒ9 මාර්ගයේ හෝටලයක් අසල තිබි මෙම පිරිමි මල සිරුර සොයාගෙන ඇත.

මෙම පුද්ගලයාට පහර දිමෙන් සිදුවු තුවාල සහිතව බිම වැටි සිට ඇති බවත් මුහුණ හා ඔළුවේ පහරදිමේ ලකුණු දක්නට ලැබේන බවත් දඹුල්ල පොලිස් ආරංචි මාර්ග පවසයි.

දඹුල්ල දිසා අධිකරණයේ වැඩ බලන විනිසුරු වසන්ත මහතා පැමිණ ස්ථානිය පරික්ෂණ සිදුකල අතර පොලිස් අපරාධපරික්ෂණ නිලධාරින් දඹුල්ල පොලිස් නිලසුනක අංශයේ නිලධාරින් හා දඹුල්ල පොලිස් අපරාධ අංශයේ නිලධාරින් විසින් මුලික පරික්ක්ෂණ සිදුකිරිමෙන් මල සිරුර වැඩිදුර පරික්ෂන සදහා මාතලේ දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමු කරණ ලදි.

දඹුල්ල සහාකර පොලිස් අධිකාරි වරයා ගේ උපදෙස් පරිදි දඹුල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක සම්පත්කුමාර මහතාගේ මේහේවීමෙන් මරණය පිලිබදව වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– මහින්ද උදයසිරි රත්නායක

7,152 Viewers
Main News