පළාත් සභා මැතිවරණයට සූදානම් වෙන්න.. ඡන්දය තියවන අධිකරන සටන ඇරඹුණා..

October 7, 2017 at 3:22 am | lanka C news
පළාත් සභා මැතිවරණයට සූදානම් වෙන්න.. ඡන්දය තියවන අධිකරන සටන ඇරඹුණා..

පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ශේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

පසුගිය සැප්තැම්බර් මාසේ 20 වැනිදා නීති විරෝධිව කථානායකතුමන් පළාත් පාලන සශෝධන පනතක් සම්මත වුනා කියලා ප්‍රකාශ කිරීමත් ඒක පදනම් කරගෙන මැතිවරන කොමිසම මැතිවරණ නොපවත්වා සිටිමත් පදනම් කරගෙන අද අපි මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කලා. එහි හරය වුණේ සම්මත නොවු නීති විරෝධි මැතිවරණ සශෝධන පනතක් පදනම් කරගෙන මැතිවරණ කොමිසම මැතිවරණ පවත්වන්නේ නැති එක වැරදියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තිය යටතේ අපි දන්නවා පාළාත් පාලන මැතිවරණ සශෝධන පනතේ තිබුණේ පිටු එකහාමාරයි. නමුත් පනතට සංශෝධන එනවා පිටු 31ක්. ආණ්ඩුක්‍රම‍ ව්‍යවස්ථාවේ 78 වගන්තිය යටතේ එහෙම අලුත් තොරතුරක් එනවා නම් ඒක මුලින්ම ගැසට් මගින් ප්‍රසිද්ධ කරන්න අවශ්‍යයි. ජනතාවට දැන ගන්න තියෙන්න ඕනේ, ශේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න අවස්ථාව තියෙන්න ඕනේ. එහෙම නැතුව 79 වන වගන්තිය යටතේ කතානායකතුමාට නිසි ලෙස සම්මත වුනා කියලා අත්සන් කරන්න බෑ.

ඒ වගේම නීතිපතිතුමාට ජනමත විචාරණයකින් තොරව සම්මත කරන්න බෑ කියන තමන්ගේ මතය ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඒ නිසා නීතිපතිවරයා වගකිව යුත්තෙක් වෙනවා ජනමත විචාරණයකට යොමු කරන්න කියලා කතානායකවරයාට උපදෙස් නොදුන් නිසා. ඒ වගේම කතානායකවරයා වගකිව යුත්තෙක් වෙනවා නිසි ලෙස සම්මත නොවුනු පනත් කෙටුම්පතක් නිසි ලෙස සම්මත වුණා කියලා තමන්ගේ අත්සන යෙදු නිසා. ඒවගේම හොරට සම්මත වුන මැතිවරණ පනතක් පදනම් කරගෙන ඡන්ද නොතිය ඉන්න මැතිවරණ කොමිසමත් මේ මුලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තර කරුවන් බවට පත්කරලා තියෙනවා.

අපි ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා කතානායකතුමාත්, නීතිපතිතුමාත් කල නීතිවිරෝධි ව්‍යවස්ථා විරෝධි නීතිය ඉදිරියේ කිසිම වළංගු භාවයක් නෑ කියලා ප්‍රකාශයක් කරන්න කියලා. ඒවගේම ඉල්ලා සිටිනවා ශේෂ්ඨාධිකරණයේ නියෝගයක් මැතිවරණ කොමිසම වෙත වහා උතුරු මැද , සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ පවත්වන්න කියලා. ඒ නිසා අපි උතුරු මැද , සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණයට සූදානම් වෙමින් සිටිය අපේක්ෂකයන්ට කියන්නේ ඔබ වහා වහාම මැතිවරණයට සූදානම් වෙන්න ඔබට මැතිවරණය ගෙන එන්න අපි වැඩ ආරම්භ කලා ශේෂ්ඨාධිකරණයේ දී.

ඒ වගේම ආණ්ඩුව සමග මැතිවරණ කල් දැමීමට වංක සහයෝගයෙන් කටයුතු කරන මැතිවරණ කොමිසමේ හොර නින්දට එල්ල කල අයිස් බකට් ප්‍රහාරයක් විදිහට තමයි අපි අද ගොනු කල පෙත්සම දකින්නේ. විශේෂ නිර්ණ 33/2007 යටතේ මේ පෙත්සම අද ගොනු කර තිබෙනවා.

නුදුරු දිනයකම මේ නඩුව අහාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන මැතිවරණය පිළිබද අපි පෙත්සම් 3ක් ගොනු කලත් තාම අපිට තින්දු ලැබුණේ නෑ. මේ පෙත්සමට එසේ නොවි ජනතාවගේ පාරමාධිපත්‍ය වන ඡන්ද අයිතිය පිලිබද කාරණයක් නිසා ක්ෂණිකව මේ නඩුව විභාග කර තින්දුවක් ලබා දේවී කියලා අපි ශේෂ්ඨාධීකරණයෙන් බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

13,936 Viewers

One Comment to “පළාත් සභා මැතිවරණයට සූදානම් වෙන්න.. ඡන්දය තියවන අධිකරන සටන ඇරඹුණා..”

  1. Ananda says:

    චන්ද පිපාසෙන් ඉන්න ජනතාවට පරමාධිපත්‍ය බලය සහිත පළාත් සභා මැතිවරණ දෙන්නේ..වතුර පිපාසෙන් ඉන්න මිනිසාට ගිනි වතුර දෙන ආකාරයටය

Main News