පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිවම කල් යයි.. සීමා නිර්ණයට තවත් මාස දෙකක් ඉල්ලයි..

September 21, 2018 at 6:48 pm | lanka C news
පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිවම කල් යයි.. සීමා නිර්ණයට තවත් මාස දෙකක් ඉල්ලයි..

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල සීමා නීර්ණය වාර්තාව ඉදිරිපත් කිරීම සදහා තවත් මාස දෙකක කාලයක් එම කමිටුව විසින් ඉල්ලා ඇති තිබේ.

ඒ අනුව සීමා නිර්ණ වාර්තාව දෙසැම්බර මාසයේ ඉදිරිපත් වුවහොත් එහි සංශෝධනද සිදු කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන් ඇත.

එනම් පළාත් සභා මැතිවරණය 2019 වසරේ මුල් භාගයේ පැවැත්වීමට කිසි ලෙසකින් අවස්ථාව නොලැබෙනු ඇති අතර අග භාගයේදීද පැවැත්වේ යයි අදහස් පල කල නොහැක.

කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ප්‍රවෘත්ති නිවේදනයයි.

පළාත් සභා මැතිවරණයට අදාල සීමා නීර්ණය පිලිබදව තවදුරටත් පුළුල් ලෙස කරුනු සලකා බලා එකගතාවයකට එලඹීමට අවශ්‍යය බැවින්, සිය වර්ථාව ඉදිරිපත් කිරීමට තව මාස 02ක පමණ කාලයක් ප්‍රමාද වනු ඇති බවට ඒ සදහා පත්කරන ලද සමාලෝචන කමිටුව ගරු කථානායකතුමා වෙත දැනුම් දී තිබේ.

මෙම තත්වය පිළිබඳව සලකා බැලීම සඳහා අද (2018.09.21) පස්වරුවේ ගරු කථානායකතුමා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවන ලදී.

මෙම පක්ෂ නායක රැස්වීමේ දී සමාලෝචන කමිටු වාර්ථාව ඉදිරිපත් කිරීමට තවදුරටත් කාලය ගතවන්නේ නම් ගත යුතු ඉදිරිපියවර පිළිබඳ අවධානය යොමු කරන ලදී. පක්ෂ නායකයන් හමුවේ ගරු කථානායකතුමා අවධාරණය කලේ කවර තත්ත්වයක් යටතේ වුවද හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

මෙහිදී, ගරු අග්‍රාමාත්‍යතුමන් සඳහන් කලේ සීමා නීර්ණ සමාලෝචන කමිටු වාර්ථාව තවදුරටත් ප්‍රමාදවීමට තිබෙන ඉඩකඩ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කර එහි අදහස් පක්ෂ නායකයන් වෙත දැනුම්දීමට කඩිනමින් පියවර ගනු ලබන බවයි.

– කථානායක මාධ්‍ය අංශය.

5,220 Viewers

8 Comments to “පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිවම කල් යයි.. සීමා නිර්ණයට තවත් මාස දෙකක් ඉල්ලයි..”

  1. John the baptice says:

    ෆයිසර් මුස්තාෆා ඉල්ලා අස්විය යුතුයි

    පලාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව අමාත්‍යවරයා ට අත්තනෝමතික ලෙස මැතිවරණ කල්දැමීමේ කිසිදු බලයක් නොමැති අතර මෙය ලැජ්ජා සහගත ලෙස මැතිවරණ සිතියම අකුලා දැමීමක් බව මෙය හෙළා දකින කැෆේ සංවිධානය ප්‍ර‍කාශ කරයි.

  2. බන්ඩා says:

    මැතිවරණ න‌ොතියා දිගටම පච ද‌ෙසා බාමින් බ‌ොරුව‌ෙ‌න් රට පාලනය කිරීම තමය් යහපාලුවන්ග‌ේ පාලන ක්‍රමය.

  3. Sinhalaya says:

    Bala giri dose. Ada nemeyi heta. Hama dama 2020 wena kal. Bari nam puluwan ekekuta dipan. Adu gane montisori lamayekuta u karayi.

    • A Democrat says:

      Disgraceful, Shameful and Disgusting.Amid people’s protests he promised to have the due elections in December.Is it ethical to lie the people and deceive the people. It is the responsibility of the minister to plan these things prior to the Election and hold the elections in due time ,which was the practice of the previous governments.If such undemocratic failure happened during Rapjapakse’s period, must see how the Western embassies, NGO s and media people issue statements criticising it.Their Dual behaviour is well exposed to the people.What is so called DEMOCRATIC movement of Sarath Wijesuriya ,Male Nurse .Viyangoda are doing now?Are they still not finished washing “KAKKA”of the Siri Kotha people?Biased,One _sided crooks.

  4. sarath says:

    Para ballo !!!!!!

  5. NoParty says:

    We don’t want Palath Saba at all. Cancel all of them without wasting our hard earned money further. Those elected officials nor the President, PM, Stupid ministers, MP s pay any tax. Only we pay tax.

  6. පොඩි එකා says:

    මාර්තු අවසන් වෙනකොට අපි පලාත් සභා මැතිවරණය අරං දෙන බවට ඡනතාවට සහතික වෙනවා යැයි කියා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සමග චන්දය දුන් ඡවිපෙය දැන් මොකද කියන්නේ.. අනුර සහෝදරයා.. ඔය සහතිකේ ඡනතාවට දුන්නේ ඔබ…දැන් ඡනතාවට උත්තර දෙන්න..

  7. vipakshaya says:

    ආණ්ඩුවේ නායකයෝ වේදිකා ගානේ අපි තමයි 2015 මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ කියලා ලොරි ටෝක් දෙනවා .රජයේ සිටින සියලු පක්ෂ මැතිවරණය කල්දමීමේ වංචාව බොරු සීමා නීර්නයක් ඉදිරියට දමාගෙන කල්මරමින් සිටිනවා .මෙයට හේතු කීපයකි.1.මැතිවරණයෙන් ලැබෙන අන්ත පරාජය 2.නව ව්‍යවස්ථාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට 3. ගම්පෙරලිය ,ග්‍රාම ශක්ති,එන්ටර්ප්රිසස් ශ්‍රී ලංකා ,සමුර්දිය වැනි වැඩසටහන් හරහා ජනතාවට රජයේ මුදල් පගා දීම සඳහා කාලය ගැනීම,රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ හිතවතුන් හිරේ දැමීමට කල්ගැනීම 4.මහබැංකු වංචාව යට ගැසීම සඳහා කාලය ගැනීම ….වැනි කරුණු .ඒකාබද්ද විපක්ෂය මේ ගැන අවදියෙන් සිටින්න !!

Main News