ප්ලාස්ටික් සහල් පිළබදව වහා හෙළි කරනු.. ජාවාරම පිටුපස ප‍්‍රබල දේශපාලක සහෝදරයෙක්..

June 8, 2017 at 1:20 pm | lanka C news
ප්ලාස්ටික් සහල් පිළබදව වහා හෙළි කරනු.. ජාවාරම පිටුපස ප‍්‍රබල දේශපාලක සහෝදරයෙක්..

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්ලාස්ටික් සහල් පිළබදව සියමතය වහා හෙළි කලයුතු යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්ලාස්ටික් සහල් පිළබදව සියමතය වහා හෙළි කලයුතුයි…

රට තුළ ප්ලාස්ටික් සහල් පිළිබදව ආන්දෝලනයක් ඇති වී ඇති මෙම අවස්ථාවේ ආහාර පිළිබදව නිසි බළධාරියාවන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සිය මතය වහා හෙළි කරන ලෙස අප සංවිධානය ඉල්ලා සිරිමු. අදාල සහල් තොගය පිළිබදව මෙතෙක් ප‍්‍රකාශ නිකුත් කරන්නේ එම තොගම ටෙන්ඩර් මගින් ලබාගෙන සිය අලෙවිසල් තුළ අලෙවි කරන ලද ලංකා සතොස සභාපති තෙන්නකෝන් මහතා පමණි එසේ කිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වන අතර ස්භාවික නීතියේ මූලධර්මයක් වන තම නඩුව තමන්ම නොඇසිය යුතුය යන සිද්ධාන්තයද කඩ කිරීමකි.

මෙරට කිසිදු සහල් හිගයක් නොමැති අවස්ථාවක ව්‍යාජ සහල් හිගයක් මවා පෑවේ මහාපරිමාණ මෝල් හිමියන් වන අතර ඊට පිළියමක් ලෙස මෙරටට සහල් ආනයනය කරීම හිසේ අමාරුවට කොට්ටය මාරු කිරීමක් වැනිය. වැඩි මිල ගණන්වලට වී මිලදී ගෙන තොග රැුස් කරගන්නා මහා පරිමාණ මොල් හිමියන් නිසා මෙරටට සහල් ආනයනය කිරීම සදහා දොරටු විවර කළේය. ඒ අනුව වාණිජ කටයුතු භාර ඇමතිවරයාට හිතවත් ව්‍යාපාරිකයින් මගින් මෙරටට ප‍්‍රමිතියෙන් තොර සහල් ආනයනය කිරීම සදහා කටයුතු කර ඇත. එහි අනිසි ප‍්‍රති විපාක සමස්ත පාරිභෝගිකයින් හට විදින්නට ඉඩ සලස්වා රජය බලා සිටීම කිසිසේත්ම අනුමත කල නොහැකි.

අප රටේ විශාල පරිමාණයේ සහල් මාෆියාවක් ඇති බව අප හෙළි කලේ අද ඊයේ නොවේ. මෙරට ප‍්‍රබල දේශපාලකයෙකුගේ සහෝදරයෙක් ඒ පිටුපස සිටින බව සමසත රටවැසියන්ම දන්නා කාරණයකි.

අපගේ ගොවියාගේ ජීවිත විනාශ කරමින් හා පාරිභෝගිකයාගේ ජීවිත අනතුරේ දමමින් අධික විෂ සහිත සහල් මෙරටට ආනයනය කිරීමට ඉඩ සලසා කෙසේවත් බලා සිටිය නොහැකි අතර 1980 අංක 26 දරණ ආහාර පනතට අනුව ආහාර පිළිබදව නිසි බළධාරියාවන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්ලාස්ටික් සහල් පිළිබදව නිසි පරීක්ෂන කර ඒ පිළිබදව වහා රටට හෙළි කරන ලෙස අපි බල කරමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

10,114 Viewers

2 Comments to “ප්ලාස්ටික් සහල් පිළබදව වහා හෙළි කරනු.. ජාවාරම පිටුපස ප‍්‍රබල දේශපාලක සහෝදරයෙක්..”

  1. හීන් බන්ඩා says:

    කෝ මේ වස විස නැති රතන? මැරිල නැත්නම් වහාම පෙරට එනු.

    • kumaraya says:

      karapu aparaadahayata RATHANAYATA pissu hadila marennath yanawa …ane saadu.
      ratata lokuma sethak.

Main News