ප්‍රතිකාර ප්‍රමාදයි කියා දොස්තරට පහර දෙයි.. දොස්තර රෝහල්ගත වේ..

April 10, 2017 at 5:30 pm | lanka C news
ප්‍රතිකාර ප්‍රමාදයි කියා දොස්තරට පහර දෙයි.. දොස්තර රෝහල්ගත වේ..

දඹුල්ල මුලික රෝහලේ වෛද්‍යවරයෙකුට හා ආරක්ෂක නිලධාරියෙකුට අද (10) පෙරවරුවේ පහරදී පලා ගිය පුදගලයෙකු අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා හා ආරක්ෂක නිලධාරියා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර සදහා ඇතුලත්ව ඇත.

මෙම පහර දීමට සැකකාර පුදගලයා අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ,තලාව ,මොරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට පොලිසිය හදුනා ගෙන ඇතැයි පවසයි.

වාර්ථා වන අන්දමට පහර දිමට සැකකාර පුදගලයාගේ හත් හැවිරිදි දරුවෙකු බිම ඇදවැටී නළලට සිදුවූ තුවාලයක් හේතුවෙන් අද පෙරවරු 9.30 ට පමණ දඹුල්ල රොහලට ගෙනවිත් ඇති බවද දරුවාව .රෝහලේ අංක 03 වාට්ටුවට නේවාසික ප්‍රතිකාර සදහා ඇතුලත්කර ඇත.  රොහල් ගත කලද   තම දරුවාට ප්‍රතිකාර ප්‍රමාදවීම හේතුවෙන් වාට්ටුවේ කාර්ය මණ්ඩලය සමග බහින් බස් වීමක් කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයා  පසුව වාට්ටුව භාර වෛද්‍යවරයාට පහරදී කුඩා දරුවාද රැගෙන තම මෝටර් රථයෙන් පලා ගොස් ඇති බව රෝහල් පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසිය.

වෛද්‍යවරයාට පහරදී පලායන පුදගලයා අල්ලා ගැනීමට උතසහ කල ආරක්ෂක නිලධාරියටද පහරදී ඇත.

පහර දි පලා ගිය පුද්ගලයා අල්ලා ගැනිමට  දඹුල්ල පොලිසිය පරික්ෂණ සිදුකරණ අතර පහර කෑමට  ලක්වුවන්ගේ තත්වය බරපතල නොවන බව දඹුල්ල රොහල් ආරංචි මාර්ග පවසයි.

මහින්ද
දඹුල්ල උදයසිරි

11,956 Viewers

28 Comments to “ප්‍රතිකාර ප්‍රමාදයි කියා දොස්තරට පහර දෙයි.. දොස්තර රෝහල්ගත වේ..”

  1. sekara says:

    SAITM අවුල ලිහන්න කලින් වෛද්‍යවරැන්ගේ වෘත්තීය ආචාරධර්ම ගැන වෛද්‍ය සභාව බැලුවොත් හොදයිත. වෛද්‍ය මාෆියාවෙන් රෝගීන් බේරාගත යුතුයි. වෛද්‍ය සංගමය ඔවුන්ගේ කාරිය කෙරෙන තෙක් ජනතාම සමග සිට ගනී. ඉන් පසු ජනතාවට පයින් ගසා මුදල් පසු පස යාම ආරම්භකරයි. හදිසි ප්‍රතිකාර කරන්න ප්‍රමාධ කරල රෝගියා මිය ගිය විට ලෙඩාගෙ වරදක් කියල මරණළ වාර්තාව දෙන්නෙත් මේ ගොල්ලන්ම තමයි.

    • mdmd says:

      come and do this job one month

      • බබා says:

        Some doctors think this job is superior than every other job. But its not. If an engineer ask to do his job for one month can you do that? As a third world poor country we do not have enough facilities to made enough doctors for the requirment. But one day it will reach the limit. Thats why current doctors and students afraid about private medical college. If you fly out from that Island you will realise that doctor is only one profession among all the other professions without any specility.

    • kamalsiri kuruwita says:

      What you are telling is really true. Medical doctors are no gods. All the professions are noble including road side drain cleaners and public road sweepers.

    • වැඩිහිටියා says:

      සහතික ඇත්ත. 100% එකඟයි

    • Buddhi says:

      Highly qualified buru doctors.well..Padeniya..

    • Wijebahu says:

      GMOA ekek nam hombata annata kamak na.

  2. lanka says:

    now doctors are doing there duty like as private bus con-doctors.first take disciplinary action against the doctor for his careless duty.

  3. kumara says:

    අන්න එහෙම තමයි මුන්ට කියාදේන්න ඕනි. ඉසිපිරිතාලෙදි ලෙඩ්ඩු ගැන කිසිම හැගීමක් 90% දොස්තරලාට නැත.චැනල් කරපු අයට විතරයි සලකන්නේ .

  4. හාල් මැස්සා says:

    බොහෝ රෝගීන් රජයේ රෝහල් වලදී කලට වෙලාවට ප්‍රතිකාර නොමැතිව මිය යන බව අසන්නට ලැබේ නිදහස් අද්‍යාපනයෙන් ලයිසොන් වෛද්‍යවරයකු බිහි කලද සැබෑ මනුෂ්‍ය ගතිලක්ෂන සහිත වෛද්‍ය වරයකු බිහි නොකරයි. නිදහස් අද්‍යාපනයෙන් ජනතාවගෙන් ඈත්වූ බමුණකු සහ සල්ලි තියෙන මිනිසුන් සඳහා චැනල් දොස්තරයකු බිහි කිරීම දරාගත හැකිද? මගේ මිමන්ඩිය මිය ගියේද කලට වෙලාවට ප්‍රතිකාර නොමැති කමිනි. මේ අවනඩුව කියන්නට කෙනෙක් නැත දුප්පත් ජනතාව මාෆියාවක් සමග කොසේ ගැටෙන්නද

    • Mohomad says:

      SAITAM එකද මේවට උත්තරේ ? මෝඩ මිනිස්සු !

    • Ranga says:

      තොට මොන වාර්තාවෙද එහෙම අහන්න ලැබුනෙ? අනේ පල කෙප්ප අරින්නෙ නැතිව

      • හාල් මැස්සා says:

        SAITAM වගේ ධනවත් පවුල් වලට සීමාවන අද්‍යාපන කඩවලට මම පුද්ගලිකව විරුදුදයි. කබලෙන් ලිපට වැටෙනවාට පමනයි ඒවාට ජනතා විරෝදය ඒ තරම් ප්‍රබල නොවන හේතු කල් කල්පනා කරල බලන්න. ආන්ඩුව මෙහෙම ගියොත් ඉන්දියාවෙන් දොසුතරල ගේන එක වලකන්න අමාරු වේවි. ඒත් මම කිවුවේ පවතින තත්වයයි මට බැන්නට වැඩක් නැහැ

  5. nim says:

    most of the hospitals are like that. they don’t care about others life. most probably not the doctors but other staff including nurses (not all).

    that person is a farther.

    • Somawansa says:

      Some Doctors care about his fellow professionals ( the funeral directors.) Income . That we shouldn’t call as negligence

  6. ඇස says:

    දොස්තරයෝන්ට ගහලා මදි . ගල් ගහන්න ඕන යන යන තැන .

    • Nal says:

      Mama Ada witharak Leduc dennek beruwa maranayen… ekkenek heart disease ammakene baba hambenna .. Anithkena accident wela le gihin… Ada peya 12 weda.. aurudu namayak weda karala me wage Sita ganan berala tiyanawa. Awith gal gahanna …

  7. MAJ says:

    Where is the JVP who supports MAFIA of Doctors to close the SAITM? Why don’t these JVP idiots talk about this poor child and the situation that his father faced? – – Police should not take action against this father, any father will do the same. When the leaders don’t do their job. People will take the law into their hands!. This bloody Yahapalanya will never implement the law and make the country peaceful. They support the MAFIA of the Doctors, to make them more shout about SAITM so that they can divert the public attention to somewhere!

  8. Kamal says:

    දැන් මේකටත් ස්ට්‍රයික් කරයි.

  9. Lolla says:

    Ela da bra munta gahala madi
    Lankawe witharai munta dewathwayen salakanne
    Pinata igena gaththa haththa

  10. janaka says:

    ඇත්තටම අපේ රජයේ රෝහල් වලට ලෙඩුන් ඇතුලත් කිරීමේදී රෝගීන්ගේ ඥාතීන්ට දැඩි සිත් වේදනා ගෙන දෙන සිදුවීම් නොයෙක් විට සිදු වන බව සත්‍යයක්‌, එවැනි අමිහිරි සිදුවීමකට මා හට මීට වසර කිහිපයකට පෙර මීගමුව මහා රෝහලේදී මුහුණ දීමට සිදු විය,
    වෙලාව සවස 6.45 ට පමණ මාගේ මල්ලීගේ බිරිද විසින් මගේ ජංගම දුරකතනයට කතා කොට මල්ලී හදිසි අනතුරකට මුහුණ දුන් බවත් ඒ වන විට මීගමුව රෝහල කරා රැගෙන යන බවත් දැන්වීය. මමද එම ඇමතුමෙන් විනාඩි 15 ට පමණ පසු මීගමුව මහ රෝහලට ළගා වීමි. ඒ වන විට මල්ලි හදිසි රෝගීන් ඇතුලත් කරගන්නා කාමරය තුල ට්‍රොලියක් මත තබා මුල්ලකට කර තිබිණ. මම වහා ඔහු වෙත ගොස් තත්ත්වය කුමක් දැයි පිරික්සන අතර ඔහුට කතා කලෙමි ඔහු වචනයක් දෙකක් මා සමග කතා කල අතර හිස හිරිවැටී ඇතී බව මා සමග පැවසුවේය. ඔහුගේ වම් ඇසට ඉහලින් ඔලු කටුව කඩාගෙන ඇතුලට අගල් බාගයක් පමණ කිදා බැස ඇති අයුරු දිස් විය, මා වහා ගොස් එහි සිටි හෙදියකගෙන් රෝගියාව පරික්ෂා නොකරන්නේ මන්දැයි අසා සිටියෙමි එවිට ඇගේ පිළිතුර වූයේ වෛද්‍යවරයා තවමත් නොපැමිණි බවයි ඒ වන විටත් රෝගියා එම කාමරයට ඇතුලත් කර විනාඩි 45 ට වඩා ගෙවී ගොසිනි. ඒ වන විට එහි වෛද්‍යවරැන් දෙදෙනෙකු රැදී සිටි අතර ඔවුන් ඉවත බලාගන සිටිනු මට දිස් විය හෙදියන් දෙදෙනා එකිනෙකට විහිළු කරමින් ඔවුන්ගේ ආගිය කතා බහේ යෙදෙනු මා හට සිහිනෙන් මෙන් වුවත් හොදින් මතක තිබේ. හිටි අඩියේම මල්ලී උගුර යටින් කෑ ගසමින් ෆිට් එක සෑදුන අයෙකු මෙන් එම කුඩා ට්‍රොලියෙන් බිමට වැටෙන තරමට දගලන්නට විය විනාඩි කිහිපයක් එසේ ඔහු දැගලුවද ඔහු අසල මාත් ඔහුගේ මිතුරන් දෙදෙනෙකුත් හැරෙන්නට කිසිවෙකු නොවීය, අප ඔහු තදින් අල්ලාගෙන සිටීමට උත්සහා කළෙමු වෛද්‍යවරැන් දෙදෙනා ඉවත බලගන සිටිනු අයුරක් දිස්විය ( ඔවුන් දෙදෙනා තම සේවා මුරය තවත් විනාඩි කිහිපයකින් අවසන් කිරීමට නියමිතව සිටි බව පසුව පසක් විය) ඒ අවස්ථාවේ මා හට සත්‍ය ලෙසම දෙවියන් සිහි වූ බව කිව යුතුය. දගලමින් විකාරයෙන් මෙන් නන් දෙඩවූ මල්ලි සුළු මොහොතකින් සිහි විසඥ විය. උඩබැලි අතට සිටි ඔහුගේ නළලේ තිබු ගැඹුරු තුවාලයෙන් රුධිරය හිස අභ්‍යන්තරයට වෑස්සී ඔහුගේ මොලයට හානී සිදුවීම ආරම්භ වී ඇති බව මා හට සිතුනි කිසිම වෛද්‍ය දැනුමක් නොමැති අයෙකුට වුවද එය තේරුම් ගත හැකි සත්‍යයකි. මල්ලිගේ අවසානය ළගා වී ඇති බව මට සක් සුදක් සේ පැහැදිලි විය. මා හට ඔහුගේ පුංචි දියණියගේ මුහුණත් ඔහුගේ බිරිදගේ මුහුණුත් මැවි මැවී පෙනින මා නැවත හෙදියන් දෙදෙනා අසලට දිව ගොස් මල්ලීට අමාරු බවත් වහාම යමක් කරන මෙන් ආයාචනා කර සිටියෙමි. එවිට ඔවුන් දෙදෙනා කලබල බවක් පෙන්වා කාමරය මුල්ලේ සගවා මෙන් සිටි මල්ලීගේ ට්‍රොලිය කාමරය මැදට ගෙනවුත් ඒ වන විට සිහි විසඥ ව සිටි ඔහුගේ මුඛයේ පිරී තිබු සේම ඉවත් කිරීම ආරම්භ කරන ලදී. තවත් විනාඩි 5-10 අතර වෛද්‍යවරියක් කඩිමුඩියේ පැමිණ ප්‍රතිකාර කිරීම ආරම්භ කලාය. ඒ වන විට රෝගියා රෝහලට ඇතුළත් කර පැයකට වඩා ගතවී තිබිණ. ඔහුව ගිලන් රථයක් මගින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන විට තවත් විනාඩි 45 ක් පමණ ගත විය. නමුත් කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ කැපවීම හා උත්සාහය නිසා මල්ලි සිහි නොමැතිව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර දින තුනක් සටන් කොට යලි පියවි සිහිය ලැබීය. යක්ෂයින් අතර දෙවියන්ද සිටින බව එදා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරැ මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය ඔප්පු කර පෙන්වීය. ඔවුන් නොවන්නට අද මගේ සහෝදරයා ජීවතුන් අතර නැත.
    මාගේ මල්ලි අනතුර සිදු වන කාලයේ ඉතා හොදින් ශක්තිමත්ව සිටි නිසා එසේ මරණයෙන් බේරුනද කුඩා දරුවෙකු හෝ දුර්වල ශරීරයක් හිමි අයෙකුනම් මීගමුව රෝහලේදීම මිය යන බව මාගේ හැඟීමයි . එම සිදුවීම මා මියයන තෙක් අමතක කිරීමට නොහැකි වුවද කිසිවෙකුටත් දොස් කීමට හෝ වෛරකිරිිමට මා අදහස් නොකරමි. එහෙත් මාගේ මල්ලී එදා මීගමු රෝහලේ ට්‍රොලිය මත පණ අදිද්දී එහි සිටි තරුණ හෙදියන් දෙදෙනා සිනාසෙමින් එකිනාකගේ පෙම්වතුන් ගැන වූ කතා බහ මට කෙදිනකවත් අමතක කල නොහැක. මේ අප ජීවත් වන සමාජයයි.

  11. Shiran says:

    It is interesting how some people react when it comes to doctors, Some idiots doesn’t know about doctors work and how busy it is in a govt hospital, Would you advice someone to hit a bank officer or govt officer when you have to wait for hrs to get the job done ?
    People who react angrily are all jealous of doctors that is the only reason nothing else !

  12. bandula says:

    Godak media wala doctors la gene benala comment karanne doctor kenek wenne try karalaberi una aya, nettan Iirisiyawata
    me siddiyedi pahara dun kena weradiyi

  13. rajitha says:

    තුවාල වලට මැහුම් දාන්න හිතුන හිතුන වෙලාවට බැරි බව නොදන්නා හරකෙක්. ආපු ගමන් දොස්තර බලලලු තිබුනේ

  14. Siripala says:

    Who ever. He is great citizen.

Main News