ප්‍රබල ඇමැති 4ක්‌ මහින්ද සමග එක්‌වෙති..

May 28, 2017 at 12:22 am | lanka C news
ප්‍රබල ඇමැති 4ක්‌  මහින්ද සමග එක්‌වෙති..

ඉදිරියේදී ඇතිවන තීරණාත්මක අවස්‌ථාවකදී තම උපරිම සහයෝගය ලබාදෙන බව ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරු හතරක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ප්‍රකාශ කර ඇත.

මෙම හමුව පසුගිය සතියේ අවස්‌ථා තුනකදී සිදුවූ බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවැසීය.

එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු පිරිසක්‌ මෙලෙස වරින් වර මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡා කළ බව හෙතෙම කීය.

පසුගියදා සිදුකළ ඇමැති මණ්‌ඩල සංශෝධනයට අයත්වූ ඇමැතිවරු කිහිප දෙනකු හා තවත් ඇමැතිවරු පිරිසක්‌ හිටපු ජනාධිපතිවරයා හමුවූ පිරිස අතර සිටින බවද හෙතෙම සඳහන් කළේය.

සම්මුතික ආණ්‌ඩුවේ ගිවිසුම්ගත වසර දෙක ලබන අගෝස්‌තු මාසයෙන් අවසන් වන බැවින් ඒ වනවිට තම තීරණය ගැනීම සඳහා තවත් ඇමැතිවරුන් පිරිසක්‌ සූදානමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

– දිවයින

24,241 Viewers

13 Comments to “ප්‍රබල ඇමැති 4ක්‌ මහින්ද සමග එක්‌වෙති..”

  1. John says:

    මහින්ද මහත්තයෝ! ඔය එහාට මෙහාට පනින උන්ව තඹ සතේකට විශ්වාස කරන්න එපා!! ඕකුන් වාසි පැත්තට හැරෙන උන්! එකෙක්වත් රටට ආදරේට නෙමෙයි ඔබ තුමාට එකතු වෙන්න එන්නේ! ඔකුන්ගේ මඩිය තර කරගන්න! ඔබ තුමා දැන්වත් පාඩමක් ඉගෙන ගෙන ඇති කියල හිතෙනව බොරුවට වටේ හිටපු කට්ටියගෙන්!

  2. Micro Man says:

    මහින්ද රාජපක්ෂ මැතිතුමණි,අපේ එදා වගේම අදත් නායකයා ඔබතුමන්,එය ඉදිරියටත් එසේමයි.එනිසා ඔබතුමා නැවතත් මෙරට දේශපාලන පාලන තන්ත්‍රයට රැගෙන ඒවට අප අපට හැකි උපරිමයටම සිදු කරන්නෙමු.එහෙත් වර්තමානයේදී සිදුවන මෙම දේශපාලන සාකච්ඡා පිළිබඳව ඔබතුමන් ප්‍රවේශමෙන් සිටින්න කියා ඉල්ලා සිටිමු.ලඟම සිටපු එකා ආප්ප කාලා ගොස් රටම ආගාධයට ඇද දැමුවා නම්, දැන් එන එකා මොනවා කාලා යයිද කියා කාටනම් කිව හැකිද.ඒක නිසා ප්‍රවේශමෙන් සර්….

  3. wASAWARTHI says:

    THIS UGLY GAME SHOULD BE STOPPED @ ANY COST. Why should we have the hood-winkers back in the fold.? The traitors of the masses who went to Appaya & backed the UNP should not be permited to fool the people to enjoy benefits till the buggars die, & it will be disadvantageous for Rajapakshas’ as well.

  4. Chandana says:

    Kamon mahinda jajuni. Ara kaalakanni denna pannala ratata adare karana oba rata baraganna. Maithree henchaiya mala kolamak wela. Oka pawadennek. Okata rata palane karanna baha. Eyata hodai gawapalanayak. Rajathumani obata rateth apeth ashirwadaya nirathuruwama labenawa.

  5. Jay says:

    This is an attempt to to destabilise the government and threatning MY3. All are fake and fabricated, he has nothing else to do.

  6. රාහුල කොලුවා says:

    ඔය මොන ඇමතිය දැන් මහින්දත් එක්ක එක්කහු වුනත් ඊගාව චන්දෙදි නම් ඔය කපටියන්ට මනාප හම්බ වෙන්නේ නෑ…

  7. siraa says:

    Ekama moonu, ekama kaalakanni, Meyath paadamak igena genada kiyana ekath sekayi…

  8. Vimarshana says:

    එහෙට මෙහෙට පනින ගෙම්බන් දේශපාලන කුණු කූඩයට යැවීම චන්දදායකයාගේ වගකීමයි. එසේ නොකොළොත් පරදින්නේ චන්දදායකයාමයි.

  9. Harsha says:

    පිල් මාරු කරන අය තමුන්ගේ වාසියට පමනයි වැඩ කරන්නේ. මේ අයට දේශපාලනයේ අරමුනු නෑ; පුද්ගලික වාසි පමනයි අැත්තේ.

  10. DAYA says:

    මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන ඒකාබද්ධ විපක්‍ෂය තවදුරටත් ඔය කියන ජඩපාලන අැමතිවරු කියන වංචාකාරී ක්‍රියා පිළිවෙත විස්වාශ කරන්නේ නම් එය ඉදිරි ගමනට අතිමහත් බාධාවක් වනු අැත. එම චපලයන් තවදුරටත් උත්සාහ කරන්නේ තම මඩිය තදකර ගැනීමට පමණි. එම දේශද්‍රෝහී ජඩපාලන අැමතියන් භංග වේවා.

  11. රාහුල කොලුවා says:

    ඔය කියන ඇමතිවරු හතර දෙනා මහින්දව කරේ තියන් උස්සන් ආවත් ආයේ අපෙන් නම් ඕකුන්ට මනාප ලැබෙන්නේ නෑ… ඒ හින්දා ඔය ලැගලා ඉන්න වලේම දිගටම හිටියට අපිට කමක් නෑ…

Main News