ප‍්‍රභාකරන්ගේ මිනිය ගැන කියද්දී හමුදාපති ෆොන්සේකා මට බැන්නා.. අටවසරකට පසු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රහසක් හෙලිකරයි..

May 18, 2017 at 10:11 pm | lanka C news
ප‍්‍රභාකරන්ගේ මිනිය ගැන කියද්දී හමුදාපති ෆොන්සේකා මට බැන්නා.. අටවසරකට පසු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රහසක් හෙලිකරයි..

මැයි 18 කියලා කියන දවස ඉතාමත් තීරණාත්මක දිනයක්. වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ මළසිරුර සොයා ගැණුනේ නන්දිකඩාල් කලපුවෙන්. ඒ මොහොතේදී එවකට 53 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් කමල් ගුණරත්න විශේෂ දුරකතන ඇමතුමක් ලබා ගත්තා. ඒ අන් කිසිවෙකුටත් නොව. එවකට යුද හමුදාපතිව සිටි ලුතිතන් ජනරාල් සරත් ෆොන්සේකාටයි. එම ඇමතුම පිළිබදව කමල් ගුණරත්න මහතා තමන් ලියූ රණ මග ඔස්සේ නන්දිකඩාල් කෘතියේ මෙලෙස දක්වා තිබෙ….

තවත් විනාඩි දහයකට පමණ පසුව යුද හමුදාපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට මා හට හැකි වූයෙන් මා මෙතෙක් කල් මගේ ජීවිතයේ දෙන ලද සතුටුදායකම දුරකථන ඇමතුම ඒ අවස්ථාවේ දුන්නෙමි.

“Sir, Happy news (සර්, සතුටුදායක ප්‍රවෘත්තියක්) යනුවෙන් මා ප්‍රකාශ කළ විට “What Kamal?” (මොකක්ද කමල්?)” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

“සර් මහ එකා ඉවරයි” යනුවෙන් මා කී විට ඔහු “මොකක්?” යනුවෙන් නැවතත් ප්‍රශ්න කළේය.

“Sir, we killed prabhakaran” (සර් අපි ප්‍රභාකරන්ව මරා දැම්මා)” යනුවෙන් මා කී විට එම ප්‍රවෘත්තිය අදහාගත නොහැකි වූ ඔහු “What?” (මොකක්ද?) යනුවෙන් ප්‍රශ්න කළේය.

මේ අවස්ථාවේ ඇති වූ දෙබස මෙහිදී එලෙසම ඉදිරිපත් කළහොත් මෙය කියවන අයට එය වඩාත් රසවත් වනු ඇතැයි මා සිතන නිසා එය ඒ ලෙසින්ම ඉදිරිපත් කරමි.

“Sir, we killed prabhakaran”

(සර්, අපි ප්‍රභාකරන්ව මරා දැම්මා)

තත්පර 30ක් පමණ නිශ්ශබ්දව සිටි ඔහු, මා ලලන්ත ගමගේගෙන් ඇසූ පරිදිම,

“Sure”

(සහතිකද?)

“Yes, Sir”

(ඔව් සර්)

නැවතත් තත්පර 30ක් පමණ නිශ්ශබ්තාවකින් පසු ඔහු,

“How do you know it is Prabhakaran”

(කොහොමද ඔබ දන්නෙ ඔහු ප්‍රභාකරන් කියලා?)

“Sir, I have the dead body with me”

(සර්, මාගේ ළඟ ඔහුගේ මළ මිනිය තියෙනවා)

“Okay, you have a dead body, but how do you know it is Prabhakaran’s body”

“හරි, ඔබ ළඟ මිනියක් තියෙනවා. ඒත් කොහොමද දන්නෙ ඒක ප්‍රභාකරන්ගේම මිනිය කියලා?”

“Sir, please believe my word. This is Prabhakaran. Even a grade 4 child will identify this man. This is Prabhakaran. Sir, Please give the good news to secretary defence and president.”

(සර්, කරුණාකරලා මගේ වචනය විශ්වාස කරන්න. මේ තමයි ප්‍රභාකරන්. ඉස්කෝ‍ලේ හතරේ පන්තියේ ඉන්න ළමයෙක් වුණත් හඳුනාගෙන කියයි මේ ප්‍රභාකරන් කියලා. සර්, කරුණාකරලා මෙම සතුටුදායක ප්‍රවෘත්තිය ජනාධිපතිවරයාටත් ආරක්ෂක ‍ලේකම්වරයාටත් දෙන්න.)

“Hmm, don’t tell this to anyone, until I tell you.”

(හ්ම්, මම කියනකන් මේ ගැන කිසිවෙකුටවත් කියන්න එපා)

යුද හමුදාපතිවරයා මෙම ප්‍රවෘත්තිය ඔවුනට දීමට කලින් මා ආරක්ෂක ‍ලේකම්වරයාට එය දන්වනු ඇතැයි ඔහුට සිතුණා විය හැකිය.

එහෙත් මා විනයගරුක යුද හමුදා නිලධාරියකු ලෙස එවැනි දෙයක් කිරීමට මාගේ සිතකවත් තිබුණේ නැත.

ආරක්ෂක ‍ලේකම්වරයා මා තරුණ නිලධාරියකු සමයේ මාගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියාව සිටි බැවින් ඔහු කෙරේ ඉතා ගෞරව සම්පන්න හිතවත්කමක් මා තුළ තිබුණද මෙම අතිශයින්ම ප්‍රීතිජනක මොහොතේ වුවද යුද හමුදාපතිවරයා අභිබවා යමින් මෙම ප්‍රවෘත්තිය ආරක්ෂක ‍ලේකම්වරයාට දීමට මා උත්සාහ කළේ නැත.

තවත් විනාඩි 5-10ක් පමණ යන විට නැවතත් යුද හමුදාපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

සිංහල භාෂාවෙන් කතා කළ ඔහු සහ මා අතර ඇති වූ දුරකථන සංවාදය මෙහිදීද එලෙසම ඉදිරිපත් කිරීමට මා කල්පනා කළෙමි.

“කමල්, දැන් ඔය යකා කොහේද හිටියේ?”

“සර් කඩොල් කැ‍ලේ.”

“දැන් ඊයේ සවස කඩොල් කැ‍ලේ පරීක්ෂා කරලා ඉවර වෙලා මට කිව්වා නේද ඔක්කෝම ඉවරයි. හැම බිම් අඟලක්ම අල්ලා ගත්තා කියලා.”

“ඔව් සර්”

“ඒකේ හිටපු ඔක්කෝම කොටි ඉවරයි කියලත් කිව්වා නේද?”

“ඔව් සර්”

“එහෙනම් මේකා හිටියේ කොහේද?”

“සර්, කඩොල් කැ‍ලේ, ඊයේ අපිට මේකව මිස් වෙලා.”

“එහෙම මිස් වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ඔබලා වැඩේ හරියට කරලා නැහැ.”

“සර් කළුවර වැටුණු නිසා මිස් වෙන්න ඇති.”

“ඔබ වැඩේ හරියට කරලා නැහැ. හරියට කළා නම් මිස් වෙන්න විදිහක් නැහැ. ඕකා පැන්නා නම් මොකද වෙන්නෙ?”

“සර් පැන්නා නම් යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ. ඒත් පැන්නෙ නැහැනේ. අපි මේකව මරලා දැම්මානේ සර්”

“මරලා දාපු එක ඇත්ත. ඒත් ඕකා පැන්නා නම්? වැඩේ කරන්න විශ්වාසය ඇතිව භාර දුන්නට වැඩේ හරියට කළේ නැහැ.”

“සර් පැන්නා නම් අප්සෙට් තමයි. ඒත් මේකාට පනින්න ලැබුණේ නැහැ. අපි මේකව පනින්න ඉස්සෙල්ලා මැරුවානේ සර්.”

“මැරුව එක ඇත්ත. ඒත් පැන්නා නම්?”

“පැන්නෙ නැහැනේ සර්. අපි මේකව මැරුවනේ. දැන් මේකා මැරිලා මිනිය මගේ ළඟ තියෙනවනේ.”

ඒ සමගම කෝපය ඉහවහා ගිය ඔහු මා හට තදින් දෝෂාරෝපණය කරන්නට වූ අතර එය මාගේ යුද්ධ හමුදා ජීවිතය තුළදී ඔහු මා හට තදින් බැණ වැදුණු දෙවන අවස්ථාව විය.

මුළු රටම බලා සිටි ප්‍රභාකරන්ගේ මරණය සිදුකිරීමෙන් පසුව යුද හමුදාපතිවරයාගෙන් බැණුම් අසන මා ගැන මටම මහත් අනුකම්පාවක් මෙන්ම කලකිරීමක් ඇති විය.

මා සියල්ල අසාගෙන නිශ්ශබ්දව සිටියෙමි.

ඉන්පසු නැවතත් ප්‍රශ්න කිරීම් ඇරඹූ ඔහු,

“දැන් ඕකා තනියම නොවෙයිනේ ඉන්න ඇත්තේ? තව 7-8 දෙනෙක්වත් ඉන්න ඇතිනේ.?”

“ඊට වඩා හිටියා සර්”

“කීයක්ද 10-15ක්?”

“නැහැ සර් ඔක්කෝම 52ක් හිටියා. මේකත් එක්ක ඩෙඩ් බොඩීස් 52ක් එකතු කළා දැනට.”

“Whattt? Fifty two buggers have escaped yesterday?”

“Yes sir, but we got all of them and all of them are dead now”

“ඔහොමද ඔච්චර ලොකු වගකීමක් දුන්නහම වැඩ කරන්නේ?” යනුවෙන් නැවතත් සිය බැණුම් ආරම්භ කළ ඔහු නැවතත් මා හට බැණ වැදීමට පටන් ගත්තේය.

තවදුරටත් නිදහසට කරුණු දැක්වීමට යාමෙන් ඔහු තව තවත් කෝපවන බව දැන සිටි මා එතෙක් තිබූ ඉහවහා ගිය ප්‍රීතිය වෙනුවට හදවත පුරවාගත් මහා කලකිරීමකින් යුතුව සියල්ල අසා සිටියෙමි.

එහෙත් ඔහු සාමාන්‍යයෙන් කෙනෙකුට තදින් බැණ වැදීමේදී භාවිත කරනා වචන සමූහය මා වෙත එල්ල නොකිරීම ගැන සතුටු වූයෙමි.

(“රණ මග ඔස්සේ නන්දිකඩාල්” කෘතිය, 834-836 පිටු)
– Adaderana

58,112 Viewers

40 Comments to “ප‍්‍රභාකරන්ගේ මිනිය ගැන කියද්දී හමුදාපති ෆොන්සේකා මට බැන්නා.. අටවසරකට පසු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රහසක් හෙලිකරයි..”

  1. LION says:

    කිලිනොච්චියේ සිට යාපනයට රනවිරුවන් වෙනුවෙන් සිංහලේ කොඩිය ඔසවන සිංහයන්.

    https://www.youtube.com/channel/UCGaUnKQYR8kowf9UVVt_ukg

    • ෴තත්තරු෴ says:

      කමල් සැමහද දිළෙනා තරුව….!
      පොන් සේක දියවෙනා තරුව…!
      විරුවන් රණ විරුදාවලි තරුව…!
      බැබලේ සැමදා රණවිරු තරුව..!

    • chapa says:

      Balauhama kamal gunarathnath dan fonsekatath wada anthawela

    • Ranil says:

      “Sir, we killed prabhakaran”
      pons “What?” (මොකක්ද?) යනුවෙන් ප්‍රශ්න කළේය.”

      මේකෙන්ම කියවෙනවා අණ දුන්නේ පොන්ස්ට බාහිර පාර්ශවයක් බව. එනම් කොටියව එවන විටත් පොන්ස්ට ඉහල අනින් ඝාතනය කර අවසන්.

  2. Nana says:

    SF is quite right here. When something happened for good, that does not mean you have to forget how it happened. Always look back and analyse any weaknesses even while a success is a high quality leadership behavior. Kamal G acts like and argue like a kid here, though he could achieve.

    • Bobby Pereira says:

      What the fudge are you talking bloody Nana? When a subordinate achieves something you have to give him praise first. After that only you can criticize him if there are grounds for that. We all know how hard and how long these ground soldiers and officers tried to achieve their target while playing with death at every minute. So obviously they deserve praise. True Fonseka gave the leadership to the army. But here he is absolutely wrong talking about a hypothetical situation while ignoring the achievement. We all know how dirty is his language. Don’t try to white-wash the bugger.

    • dayadd says:

      aතෝ කියන විදිහට මේකා ඇනලිස් කොරලද දැන් මේ කියන්නේ උතුරේ ප්‍රභාකරන සමරන එක හොදා කියලා. අනේ පල නානා

    • Janan says:

      100% Agreed, This shows SF’s leader ship qualities

    • Gothaya says:

      Cannot agree more! If they did the job right how would they miss 52 ppl??? Could have been ended in a disaster. I see this as luck more than an achievement.
      However everybody konws what kind of person SF is. He should have congratulate Kamal and then enquire.

      • NAK says:

        Gothaya, Think before you say something. Prabhakaran is not just any idiot to get caught that easily and get slaughtered like a lamb. They may have had pre-planned hiding places.
        The army may have missed them the first time in unfamiliar terrain but they got the job done,that what matters most.

    • Xman says:

      Agree with Nana

    • Boo says:

      That means if General Kamal G kept quiet about missing the bastards in the previous night and acted as nothing happened and acted like if pabakaran and 52 other bastards were never in the area, then General Kamal G may have not got this blame.

      Because General Kamal G was honest and truthful, and had the courage and energy to surround the area till the morning and didn’t rest until he did a good search and killed the buggers, he got the blame. Remember, if General Kamal G has gone back to the camp with the troops and had a good sleep like what SF had then what will happen?

      Prabakaran was not an easy enemy, if he had the tiniest gap for him to escape from that area he could have disappeared without a clue. Any person who cannot understand the fact that General Kamal G has kept the area under extremely tight vigilance and never let those buggers to escape till the morning, is the damn fool and only good for the butcher’s shop for meat.

      Using the same argument, what about SF when he was the northern commander before he retired? Why didn’t he catch Prabakaran and finish off all terrorism from Northern area when he was responsible to do so? That means SF didn’t do his job properly so the war went on for 30 years !

      For a person who has never gone to war, and never experienced a brutal war with death is staring you from every corner, it is very easy to say these things.

      These pundits are called the “Armchair Generals”.

      • soldier says:

        හමුදාව ගැන දැනගෙන කතාකරන්න. හමුදාවේ අය දේශපාලුවෝ වගේ උද්දාමයෙන් නටන්නේ නැහැ. වැරදුනු තැන හොයනවා මතුවට නොවරදින්න. ඒක ජීවිත එක්ක කරන සෙල්ලමක් නිසා.

    • roopa says:

      U ara a real BULLSHIT

    • daham says:

      kotinwa samaruwata kamak naha kiyala dan kiyanneth oya ponnasekamane.

    • Sinhaya says:

      Nana, your handle itself suggests you are a “pakeer” know it all hollow fart. So according to you, a Major General is a “kid”..??

      Grow up Nana Pakeer, probably you still need your daily dose of breast milk. Go ask your step mom Anoma.. or your step dad KALAVADDAA.

      You are an effing disgrace to all Sri Lankans.

    • Dilusha says:

      1000% agree with you..This is the way to rectify mistakes specially when you are working in forces. I also feel what SF done is correct.

    • fass says:

      That’s the quality of a Army commander, but that quality is nit there with Minister SF, himself he tarnished his image

    • Namal says:

      SF is 100% right. He has looked at a different point of view. In case the 52 terrors and the leader had escaped, what would have been the outcome today?

      • Sivanajaram says:

        You are forgetting that SF was not in that area on the last stages.
        Yes, it’s good to look back and see the potential mistakes, but unstopping vigilance kept their escape at bay. It must also be considered that Prabakaran was very familiar with the area as his hand but soldiers under the command were not. If General Gunaratne didn’t tell that these 52 combatants escaped SF as the commander had no way of knowing. He is coming from a hypothesis there, not an actual situation, forgetting the escape was avoided due to constant vigilance of the army. Which means they took lessons from similar mistakes occurred before, in which SF was among commanders at the time.

  3. jay Edieisinghe says:

    don’t Bragg about you. general was %100 correct.

  4. රියල් ජනරාල් says:

    මේකා නමින්ම පොන්න සේකා. ගමේ අපි කියන්නේ පොන්නප්පුවා.මූ උඩට ගත්ත එකාටත් අමු කැවිලා තියෙන්න ඇති.

  5. jaya says:

    What Kamal reported here may be the real situation he encounted. I see a point in what Nana saya. But given the circuptences, killing was overwhelmed irrespective of how it happend. Kamal is correct sharing his feeling. As a human it would be the same with many. Killing of a cancer to nation overhelmed any lapses.

    Kamal my see what Sarth had told later. But scale of the situation justifieds what Kamal expalined in the book.

  6. රාහුල කොලුවා says:

    මේ දෙබස්වලින් හිතා ගන්න පුළුවන් 2010 දී ඡනාධිපති වුනා නම් කොහොමට හිටීද කියලා… කැබිනට් ඇමතිවරු කැබිනට් රැස්වීම් මහ හරීව් බැනුම් අහන්න බැරි හින්දා… ඡෙප්පො කියවල තියෙනවද දන්නේ නෑ මේ දෙබස් ටික…

  7. Janu says:

    No wonder why fellows like “Nana” writes comments like this.. They are the results of Prabakaran’ s sperm flowing in Nandikadal

  8. Menik says:

    I agree with Nana. SF has looked at it from a different point of view. I think Kamal Gooneratne is getting a little carried away and revealing what should not be revealed.

  9. clem says:

    Yes blame him for achieving the greatest moment in recent history and thus make sure he is demoralised.
    Nana you are an arse licker. Still licking the dead tiger’s arse
    SF is a TRAITOR just like the fools who support him.

  10. Nilesh says:

    I too have to agree with Nana, Final success does NOT mean you have done the job right the first time. After all this was not a football match & we wouldn’t have had any second chance. This was real war not the ones you play on your XBox. In war perfection & doing the right thing at the right time is extremely important. Whilst I without a doubt praise our Sri Lankan soldiers for killing this bastard, I cannot agree with Kamal G’s argument.

    • Boo says:

      So, why didn’t SF finished the job when he was the northern commander? Didn’t he made a massive mistake or was he fast asleep there?

  11. Upali says:

    52ක් කොහොමද මිස් වුණේ කියන එක ප්‍රශ්ණයක් තමා. මෙතන මොකක් හරි වෙන ගේමක් ගිහින් තියෙනවා.

    • Gsk says:

      The game you think was this.
      When you report ‘ all clear’ the enemy get the news and get releaved. He naturally lower his vigilant. But at the same time you put heighest ambush and keep quite.
      That was the stratergy. SF digested it or not no one knows.

  12. Ex SLA says:

    ඔබ හොඳ සේනාංකාධිපති කෙනෙක්. ඔහු හොඳ හමුදාපති කෙනෙක්. ඒ ගැන කාටවත් විවාදයක් ප්‍රශ්නයක් නෑ.
    නමුත් ඔහු අද තමන්ගේ බල ලෝභීත්වය නිසා රට පාවා දෙන දේශපාලනයේ. ඔබ හිටි තැනමයි. ඔහුට අද මිනිසුන්ගේ ගෞරවයක් නැත්තේත් ඔබට ගෞරවයක්‌ ඇත්තෙත් ඒ නිසයි.

    • KAMAL says:

      Ex SLA , You are 100% correct.we all wish him a long life & all the best.he is a great person. not like ponseka.

  13. R2D2 says:

    SF is right

  14. Donald I Wilegoda says:

    Major General Gunaratne is a great soldier, soldiers in the 53rd division know it very well

  15. Amanda says:

    No one can deny sf’s mature approach and perseverance towards the war victory.As the head of army the way he acted here can’t be looked down on at any cost..when war becomes a deciding factor ,actions should be taken meticulously as a miss can change the result.Despite sf’s political view we all must be grateful to his great leadership in the battle field n all the others who sacrificed their lives in order to save our motherland.however sf’s behavior as the field marshall can’t be acceptable and avarice in power has disgraced him.

  16. M de silva says:

    I agree 10000%with Boo.
    Major Kamala is a genuine gentleman – not like SF.
    May the Triple gem be with Major Kamala G.

  17. DAYA says:

    LONG LIVE M/G KAMAL GUNARATHNA ESQ.
    GO TO HELL FONSEKA.

  18. BARCARDI says:

    What SF wanted was the what MR,GOTA wanted. That is three of them wanted kill Prabhakaran. There is know confusion in command flow.
    SF was not at the war front as military person even at the critical stages of the war.

Main News