ප්‍රභාකරන් මිනිමරුවෙක් සහ ත්‍රස්තවාදියෙක් මිස මහත්තයෙක් නොවේ..- රනිල්ගේ දෙවැනියාත් රාජිතට ටොකු අනී..

May 23, 2018 at 11:20 am | lanka C news
ප්‍රභාකරන් මිනිමරුවෙක් සහ ත්‍රස්තවාදියෙක් මිස මහත්තයෙක් නොවේ..- රනිල්ගේ දෙවැනියාත් රාජිතට ටොකු අනී..

ශ්‍රී ලංකාව තුල සිදු වූ ජනසංහාරයට වගකිව යුතු ප්‍රභාකරන් වැනි මිනිමරුවෙක් සහ ත්‍රස්තවාදියෙකු ගේ ක්‍රියා කිසි ලෙසකින් අනුමත නොකළ යුතු බවත් ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් ශ්‍රී ලංකික ජාතියට කල විනාශය සුළු කොට තැකිය නොහැකි බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ යථාර්තවාදී සංහිඳියාවක් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නිවේදනයක් නිකුත් කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමත්‍යවරයා මෙසේද පැවසිය.

‘සංහිඳියාව ශක්තිමත්ව ඉදිරියට ගෙනයා හැක්කේ මෙරට ජනවාර්ගික ගැටුම් වලට මුල් වූ හේතු නිවැරදිව තේරුම් ගැනීමෙන් සහ ප්‍රයෝගිකව සියළු පාර්ශව වල එකඟවීම මතයි. ඒ හැරුණු විට උතුරේ හෝ දකුණේ අන්තවාදීන්ට සුදු හුණු ගෑමෙන් සංහිඳියාව ඉදිරියට ගෙනයාමට තැත් කිරීම නැවතත් යුද්ධයකට අතවැනීමක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම තිස් වසරක යුද්ධයෙන් දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දුන් රටක් ලෙස කිසිදු අයුරකින් උතුරේ හෝ දකුණේ ඇතැම් දේශපාලඥයින්ට සහ අන්තවාදීන්ට ජන හදවත් අන්තවාදී අදහස් ඔස්සේ යළි පෑරවීමට ඉඩලබා නොදිය යුතුය. තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් අන්තවාදය පතුරවන උතුරේ හෝ දකුණේ ඇතැම් දේශපාලන බලවේග ඉටු කරනු ලබන්නේ අනාගත පරපුරට යුධ ගිනි ඇවිලුන රටක් උදාකර දීමේ උත්සහයයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් සහ ඔහුගේ අනුගාමිකයන්ගේ අන්තවාදී හැසිරීම් නිසා 1987 දී ඉන්දු ලංකා ගිවිසුම තුලින් හදුන්වාදුන් බලය පළාත් සභාවලට විමධ්‍යගත කරන ක්‍රමවේදය පිලිබඳ දකුණේ විශ්වාසය බරපතල ලෙස බිඳවැටීමට හේතු වී ඇත.

බලය සාර්ථක ලෙස විමධ්‍යගත කිරීම තුලින් උතුරේ සහ දකුණේ ජනතාව අතර සංහිඳියාව ශක්තිමත් කිරීමේ ඓතිහාසික අවස්ථාව මේ වනවිට ක්‍රමක්ක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතී. ත්‍රස්තවාදීන් වීරයන් කිරීම රටේ ඒකීයභාවයට මහත් තර්ජනයක් වන අතර එය හෙලා දැකිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

සංහිඳියාවේ නාමයෙන් සංහිඳියාව බිඳ දමන අන්තවාදීන්ගේ කුඨ උපක්‍රම පරාජය කොට උතුරත් දකුණත් එකම ජනතාවක් ලෙස ශක්තිමත් ශ්‍රී ලංකාවක් තුල ඉදිරියට යාම රටේ අනාගතයට ඉතාම වැදගත් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසිය.

Media Unit
Ministry of National Policy & Economics Affairs

22,962 Viewers

6 Comments to “ප්‍රභාකරන් මිනිමරුවෙක් සහ ත්‍රස්තවාදියෙක් මිස මහත්තයෙක් නොවේ..- රනිල්ගේ දෙවැනියාත් රාජිතට ටොකු අනී..”

  1. shantha kurus says:

    MUNTA KELAWENAKOTA DAN KATHA WANASE

  2. JANA says:

    Thank you very much for the statement Mr. Minister. I hope you meant it.
    During your late fathers time, then your leader had every opportunity to crush LTTE.
    But he never did that,other than using the situation for his political gain.
    But never the less its good to have from a UNP Minister who’s party leader wants to sell
    the country to Tamil politikka’s for power.

  3. Sadda says:

    ඔයා ඔය කිව්වට බොසුත් පරාජිතගෙ පැත්තෙ.

    • Asaranaya says:

      ඇයි තොපිලට කුනු දත් රාජිතයට ත්‍රස්තවාදි දරුවන් ගැන පාඩමක් කියාදෙන්න බැරි ? නිකම් සෙවල සුදුලූණු පොඩිකරන්නේ නැතුව ඉන්නවා හලෝ

  4. David Milli-banda says:

    Sahodaraya…… Chanda tikak ganna mehema kiuwe………………

    Chanda kaale langa enakota ohoma kiyawenawa.
    Ara Anura Kumara ballata weradila………. oota ithin rata salli ne. Niroshanlata rupiyal

  5. Saman says:

    අනේ නිකම් පලයන් නිරෝෂන් යන්න. උඹ යුද්ද කාලේ ඇමෙරිකාවේ අවුරුදු 25කට වැඩිය ජීවත්වෙලා එහෙ පුරවැසිභාවය අරගෙන ලංකාවට ඇවිත් UNP එකට දර දිය ඇද්ද සන්විධායකන් කපලා පැරෂුට් කරලා උඹ දැන් පාර්ලිමේන්තුවේ. උඹ ලංකාවේ තියෙන දේවලුත් සුරාකාගෙන චන්දෙ පැරදුන ගමන්ම ආපහු යන බව කවුරුත් දන්නවා. උඹලගේ තාත්තා වුනත් කෝටි ගණන් සල්ලි හම්බකරේ දුක්විඳලා මහන්සි වෙලා නෙමෙයිනේ. ධීවර සංස්ථාවත් කාලා දැම්මේ ෆෙස්ටස් ධීවර අමෙති ඉන්න කාලේදී තමයි.

Main News