ප්‍රභූ පිරිසක්‌ අත්අඩංගුවට…

September 10, 2017 at 10:40 am | lanka C news
ප්‍රභූ පිරිසක්‌ අත්අඩංගුවට…

පසුගිය රජය සමයේ සිදු වූ බව කියන අභිරහස්‌ මිනීමැරුම්, අතුරුදන් කිරීම්, මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු රැසක්‌ මේ වන විට අවසන් අදියරේ පවතින අතර, එම අපරාධවලට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූ පුද්ගලයන් පිරිසක්‌ ඉදිරි සති දෙක ඇතුළත අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවැසීය.

එමෙන්ම වර්තමාන රජයේද සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා කීපයක්‌ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස්‌ මූලස්‌ථානය පවසයි. මෙම අපරාධ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් සිදු කෙරෙන අතර, ඒවා කඩිනමින් නිම කිරීමට පොලිස්‌පතිවරයා උපදෙස්‌ ලබා දී ඇත.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග මරා දැමීම ඇතුළු අභිරහස්‌ ඝාතන කීපයක්‌ සම්බන්ධයෙන් වූ විමර්ශන මේ වන විට අවසන් අදියරේ තිබෙන බව ද පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

එමෙන්ම පසුගිය රජය සමයේ සිදු වී ඇති මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්ද විමර්ශන කීපයක්‌ අවසන් අදියරේ තිබෙන බව ද පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියි.

– දිවයින

13,223 Viewers

7 Comments to “ප්‍රභූ පිරිසක්‌ අත්අඩංගුවට…”

  1. Upul says:

    මහින්ද – රනිල් – ශිරන්ති – රවි – මලික් අත් අඩංගුවට ගත හොත් අනිත් අයට තව ටික කාලයක් හොරකම් කරලා ජීවත් වෙන්න පුළුවන් .

  2. Mayadunne says:

    සාමාන්‍යයෙන් බෞද්ධ සමාජය තුළ කෙනෙකු දන් දෙනුයේ මෙලොව පරලොව යන දෙලොවටම පින් රැස් කිරීමේ චේතනාවෙනි. 2015 ජනාධිපතිවරණ දිනය වූ ජනවාරි 8 වැනි දාට පැය අනූ හයකට පෙර දුරුතු පොහොය දිනක ලක්ෂ අටක උවැසි උවැසියන්ට සිල් රෙදි බෙදා දීමට රාජපක්ෂ කල්ලිය කටයුතු කළේ පින් ලබා ගැනීමේ චේතනාවෙන් නොව වැඩි වැඩියෙන් තමන් වෙත ඡන්ද එකතු කර ගැනීමේ අරමුණින් බව ඉතා පැහැදිලිය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකු ලෙස තමන්ගේ ඡන්ද කුට්ටිය තර කර ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂට ඇති අයිතිය අප ප්‍රශ්න නොකරන මුත් එම කටයුත්ත ජනතා මුදල් හොරකම් කරමින් සිදු නොකිරීමට ඔහු වග බලා ගත්තේ නම් එය ප්‍රශංසනීයය. එහෙත් සදාචාර ප්‍රමිතීන් හෝ නෛතික විධිවිධාන පිළිබඳ මහින්ද රාජපක්ෂ ඒ හැටි සැලකිල්ලක් දැක්වූවෙක් නොවේ. ඔහු මෙරට පාලනය කළ දශකයකට අධික කාලය තුළ හොරකම වංචාව රටේ නීතිගතව පැවැතිණි. සිල් රෙදි බෙදා දීම හොරකමක් වනුයේ මහින්ද ඒ සඳහා වියදම් කළේ තම පසුම්බියෙන් නොව ජනතා බදු මුදල්වලින් නිසාය. හොරකම් කර සිල් රෙදි බෙදා දීම හා බුදුසරණයි කියා ලොරියේ ඉදිරිපස ගහමින් හොර හරක් පැටවීම අතර ඒ හැටි වෙනසක් අපට නොවැටහේ.

    බලහත්කාරයෙන් මුදල් මංකොල්ල කමින්, දන් දීම පින් ලැබෙන ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ කිසි දිනෙක දේශනා කර නැත. මහින්ද රාජපක්ෂ තම පාලන ක්‍රමයේ ආරක්ෂාව වෙනුවෙන් මැතිවරණවලදී අත දිග හැර අල්ලස් දීම් ප්‍රසිද්ධියේ සිදු කළේය. සිල් රෙදි, ඔරලෝසු, ගෑස් ළිප්, පොත්පත්, ලිත් පමණක් නොව බත් පැකට් ද ඔහු ඒ වෙනුවෙන් බෙදුවේය. ඔහු ඒවා බෙදා දුන්නේ පිනට නොවේ. එය සැබැවින්ම ගනුදෙනුවක් විය. එකී අල්ලස් ලබා ගන්නා පුද්ගලයා කුමන ප්‍රශ්න පැවැතිය ද තමන් වෙනුවෙන් ඡන්දය දෙනු ඇතැයි ඔහු ගණන් බැලුවේය. ලංකාව වැනි දේශපාලනික වශයෙන් නොදියුණු තුන්වන ලෝකයේ රටක් තුළ එය සාර්ථක ක්‍රමෝපායක් විය. ඡන්ද අල්ලස් ලබා දෙද්දී ඒ සෑම දෙයක් සමඟම තම නම හා ඡන්ද සලකුණ සන්නාමකරණයට ලක් කිරීමට ද ඔහුගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූවෝ වග බලා ගත්හ. උදාහරණයක් ලෙස බත් පැකට්ටුවක් පිරිනමද්දී බත් ඇටයේ හැර අන් සෑම තැනකම රාජපක්ෂ සන්නාමකරණය දැකගත හැකි විය.

  3. Tax officer says:

    this is what we want, a START.

    whether it is a ex or ruling government doesn’t matter,

  4. john the baptice says:

    බටලන්ද ගැනත් සොයමු

  5. gamarala says:

    88-89 එජාප පාලන සමයේදී තරුණ තරුණියන් 60000ක් පමණ පිරිසක් දරුණු ලෙස වද බන්ධනයන්ට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් පත් කරන ලද ‘බටලන්ද කොමිෂන් සභා’ වාර්තාව නැවත ගෙන ආ යුතුය

  6. Malwanee rambutan says:

    Horu kohomada prabhu venne

Leave a Comment

Main News