පාච රණවක එපා නම් චම්පිකට අලුත්ම නමක්.. ‘පොලිස් කොස්තාපල්’ රණවක..

June 27, 2017 at 3:22 am | lanka C news
පාච රණවක එපා නම් චම්පිකට අලුත්ම නමක්.. ‘පොලිස් කොස්තාපල්’ රණවක..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ඇමති රණවක පාච කියනවාට කැමතියි

පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්වූ පා ච රණවක ඇමතිතුමාගේ අඳ බාල ගෝල බාලයින් දෙදෙනෙකු පාඨලි සහ චම්පික කියන්නේ බෝ ගස් දෙකක්. ඒ නිසා පා ච රණවක කියනවාට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණා.  පාඨලි සහ චම්පික කියන්නේ බෝ ගස් දෙකක නම් තමයි.  නමුත් ඒ නම් දෙකේ මුල් අකුරු එක්කලාම පාච වෙන එකත් ඇත්තයි. වෙනත් වචනයක් ගමුකෝ.  බිහි කියන්නේ ආරම්භය නැතිනම් ඇතුළුවීම කියන අරුත.  සුණු කියන්නේ හුණු වලට.  නමුත් ඒ දෙක එකතු වුණාම භයානක කියන අර්ථය දෙන බිහිසුණු හැදෙනවා.  මේකත් ඒ වගේ තමා.

ගෝලයෝ විරුද්ධ වුණාට රණවක ඇමතිතුමාට නම් පාච කියනවාට එතුමා විරුද්ධ නෑ.  එතුමාට විරුද්ධ වෙන්නත් බෑ.  සිංහලකම ගැන දීර්ඝ කාලයක් කතා කරපු කෙනෙකු විධියට තමන්ගේ නම සිංහලෙන් කියනවාට විරුද්ධ වෙන්නේ කොහොමද? දිමු ජයරත්න විජමු ලොකු බණ්ඩාර  රැ තෙන්නකෝන්  දමු දසනායක රමු රත්නායක  වගේ පාඨලී චම්පික රණවක ඇමතිතුමාගේ නම සිංහලෙන් කියන්නේ පාච රණවක කියලා තමයි.  එතුමන් තමන්ගේ නම සිංහලෙන් කියනවට විරුද්ධයි කියලා අපට ඉංග්‍රිසියෙන් කියන්නත් බෑනේ.  එතකොට එන්නේ පීසී රණවක.  කොස්තාපල් රණවක.  හරියට කොස්තාපල් පුඤ්ඤසෝම වගේ.  එතුමන්ට එහෙම කියන්න දෙන්න බෑ . එතුමන් ඉංජිනේරු විභාගය කරපු කෙනෙක්.  ඒ නිසා අපි, එතුමත් කැමති සිංහල කමට බර පාච රණවක ඇමතිතුමන් විදිහටයි හදුන්වන්නේ.

මම පාවිච්චි කරන්නේ එතුමාගේ උප්පැන්නේ තිබෙන නමනෙ.  ඒකට ආසා නැති නම් කරන්න තිබෙන්නේ පුවත්පත් දැන්වීමකින් උතුම් වූ ලංකාණ්ඩුවටත් ලක්වැසි සැමටත් දැනුම් දීලා නම මාරු කරන එකයි.

මෛත්‍රී ජනපති අපේක්ෂක බව කලින් දැන සිටියා

රණවක ඇමතිතුමාගේ ගෝල බාලයෝ මට චර පුරුෂයෙකු කියලා තිබුණානෙ.  ඒ නිසා තවත් රහස් දෙකක් එළියට දාන්න මට සිදු වෙනවා.  1998 දී බුද්ධි අංශ නිලධාරියෙකු ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයට බැඳුනා.  එයා රණවක ඇමතිතුමාට ඉතාම සමීප වෙලා පක්ෂයේ මධ්‍යම කාරක සභාවට මෙන්ම ඇමතිතුමාගේ කාර්ය මණ්ඩලයේ ඉහළම තනතුරකට ද පත් වුණා. 1998 දි තමන් ලගට එන මේ පුද්ගලයා 2015 වසර වන තුරු බුද්ධි නිලධාරියෙකු බව හඳුනා ගන්න ඇමතිතුමාට බැරි වුණා.  ආණ්ඩුවේ නිල චර පුරුෂයෙකු ඇමතිතුමාගේ ලඟම ඉන්නා විට මම මොකට ද ඔත්තු බලන්නේ?

සියල්ලටම වඩා වැදගත් රහසක් මම හෙලි කරන්නම්.  මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමන් ජනාධිපති අපේක්ෂක බව ප්‍රකාශ කලේ 2014 නොවැම්බර් 22 දා.  නමුත් නොවැම්බර් 12 දා, ඒ කියන්නේ ඊට දින දහයකට කලින් මා ඒ බව දැන ගත්තා.  නොවැම්බර් 12 දා උදෑසන මගේ කාර්යාලයට වැඩිය රතන හාමුදුරුවෝ සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂක වෙන්න එකඟ වුණ බව පැවසුවා.  උන් වහන්සේත් මමත් සමීප මිත්‍රයින් නිසා උන් වහන්සේගේ පිවිතුරු හෙටක් ව්‍යාපාරයට මගේ සහය බලාපොරොත්තු වුණු නිසා ඒක කිව්වේ.  අපේක්ෂකත්වයේ රහස කාටවත් නොකියන බවට උන් වහන්සේට පොරොන්දු වුණු නිසා කාටවත්ම කිව්වේ නෑ.  මම රාජපක්ෂ වරුන්ට ඔත්තු බැලුවා නම් රාජපක්ෂවරුන්ට සැපයිය යුතු හොදම ඔත්තුව මේක නෙවෙයිද? අතුරලියේ රතන හිමිගෙන් ඇහුවනම් මේ කාරණයේ ඇත්ත නැත්ත මේක නෙවෙයිද?

එදා මාධ්‍ය හමුව පැවැත්වූ ගෝල බාලයින් මේ රහස් දෙකම දැන ගන්නේ අද රෑ විද්‍යුත් මාධ්‍ය වලින්. එතෙක් ඒ අය දන්නේ නැහැ. පක්ෂයේ වැදගත් සාකච්ඡා වලට කිසිම දිනක සහභාගි නොවුණු ගෝල බාලයින්ට මා පිලිතුරු දෙන්න අකැමැති ඔවුන් පක්ෂය ගැන දන්නේ නැති නිසා. නමුත් ගරු රණවක ඇමතිතුමන් සංවාදයකට එනවානම් මේ ඕනෑම කාරණයක් පිළිබදව අපි ලෑස්ති කතා කරන්න.

ඒ වගේම මට පිළිතුරු දෙන බව කියමින් මේ මාධ්‍ය හමුව පැවැත්තුවාට 2004 පසු රණවක ඇමතිතුමන් ඥාණසාර හිමියන් සමග කිසිදු සම්බන්ධයක් තිබ්බේ නෑ කියන ප්‍රකාශයට මම පිලිතුරු දෙමින් අවස්ථා පහක් හෙළි කරා චම්පික අමාත්‍යතුමන් ඥාණසාර හිමියන් සමග සමීප සබදතා පවත්වපු. නමුත් ඒ එකක්වත් ප්‍රතික්ෂේප කිරීමක් ඒ මාධ්‍ය හමුවේදී සිදුවුනේ නෑ. මා හෙළි කළ කරුණු නිහඩවම පිළිගැනීම ගැන මා ජාතික හෙළ උරුමයේ ගෝල බාලයන්ට මගේ ප්‍රණාමය පිරිනමනවා.

– අරවින්ද අතුකෝරල

11,116 Viewers

2 Comments to “පාච රණවක එපා නම් චම්පිකට අලුත්ම නමක්.. ‘පොලිස් කොස්තාපල්’ රණවක..”

  1. සුදත් says:

    පච කොස්තාපල්
    නියම නම .
    එක්කෝ පචයා
    එහෙමත් නැතිනම් කොස්තාපල් පුඥ්යසෝම
    නමුත් ඉතින් වඩා ගැලපෙනම නම
    පචයා .ඊට වඩා ගැලපෙන නමක් කොහෙද ?

    • කුමාර දහනායක says:

      පලයන් බන් යන්න
      අපිට අලුත් නම් එපා පචයා කියන නම මොනතරම් සරලද සුන්දරද චරිතයට මොනතරම් ගැලපෙනවද .
      “පච” කියනකොටම මිනිහා දේශපාලන ඉතිහාසේම කරපු බොරු එක පාරටම මැවිලා පේනවනේ
      එවිතරක්ද වෙන උවමනාවකට ‘පච ” කිවත් නැතිනම් පච ගහ යට කිව්වත් මතක් වෙන්නේ පචයාව
      වෙන එකක් තියා ඊයේ පෙරේද මගේ බයිසිකලේ පැච් එකක් ගිහිල්ල එත් මතක් උනේ පචයා ව
      “පච ” තමයි ලංකා දේශපාලනේ ඉන්න ලොකුම පචයා එහෙවු නමක් වෙනස් කිරීමට අපේ බලවත් විරෝදය

Main News