පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමගුල රාජකීය මට්ටමින්.. ගුවනින් මල් ඉසියි..[Video]

September 4, 2018 at 10:40 am | lanka C news
පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමගුල රාජකීය මට්ටමින්.. ගුවනින් මල් ඉසියි..[Video]

මාකඳුරේ මධූෂ් නම් පාතාල කල්හි නායකයාගේ පියාගේ අවසාන කටයුතු මහ ඉහළින් ඇඹිලිපිටියේදී සිදුකර ඇති බව වාර්තා වෙයි.

මෙම අවමංගල පෙරහර සඳහා හෙලිකොප්ටරයක ආධාරයෙන් ගුවනේ සිට මල් ඉස ඇති අතර අධික වියදමක් දරමින් පසුගිය සෙනසුරාදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මෙම අවමංගල උත්සවය සිදු කෙර ඇත.

මේ සඳහා යොදාගත් හෙලිකොප්ටර් යානය මෙරට පුද්ගලික ආයතනයක එකක් වන අතර ඊට මුදල් ගෙවා ඇත්තේ කොට්ටාවේ පුද්ගලයකු විසින් සිය ණය කාඩ් මත මගිනි.

මාකඳුරේ මධූෂ් දැනට ඩුබායි සැඟවී සිටින්නේ යැයි සැක කරන අතර ඔහු එහි සිට සිය පියාගේ අවසාන කටයුතු වීඩියෝ තාක්ෂණයෙන් සජීවීව නරඹා ඇති බවද සඳහන්ය.

මාකඳුරේ මධූෂ්ගේ පියා පසුගියදා වස්කඩුවේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

43,641 Viewers

12 Comments to “පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමගුල රාජකීය මට්ටමින්.. ගුවනින් මල් ඉසියි..[Video]”

  1. HUNA says:

    Pathale RAJA wela.

    • darshana says:

      අනේ ඕක මොකද්ද අනේ. අර මීතොට මුල්ලේ කුඩු ගේන පාතාල කල්ලි වෙඩි තියාගෙන ඇමතියෙකුත් මැරිල ඉන්නකොට වෙඩි තියපු අනික් එකාව රටෙ අරක්ශක ලේකම්ම බලන්නත් ගිහින් ෆුල් ගාඩ් එක පිට සින්ගප්පූරිවෙ ම්වුන්ට් එලිසබත් එකට යැව්වෙ අම්බුයුලන්ස් ෆ්ල්යිට් එකක. එකාලේ නම් පාතාලෙ කුඩු රජාලා රටේ ඇමතිලා. අරක්ශක ලේක්ම්ගේ සම්බන්දිකාරක. ඒ අතින් බලනකොට දැන් රට හොදයි.

  2. sakalabujan says:

    අත්අඩංගුවට ගත් ISIS ත‍්‍රස්තවාදි ඥාතියා බේරාගන්න මෙරට ප‍්‍රබල ඇමති ඔස්ටේ‍්‍රලියාවට නීතීඥයන් යවයි..

  3. Ranga Bandara says:

    no comments

  4. sam says:

    This man is becoming like Pablo Escobar the drug lord of Colombia! What is happening to our country?!

  5. Hari says:

    This a joke how the Helicopter take off with out information ????

  6. මොනතරම් වියදම්කලත් තමුන්ගෙ පියාගෙ පෙට්ටියට කර තියන්න ඔය කාලකණ්ණියට එන්න බෑනෙ. ඉතින් ඒකත් දඬුවමක්නෙ. මල් නෙවෙයි මොනව ඉස්සත් මොකටද තමුන්ට මූනබලන්න එන්න බැරිනම්.

  7. සූස්තින්ගේ දේශය says:

    නොදන්නා නිසා අහන්නෙ, එතකොට මේ රටේ ජනාධිපතිටත් ඉහළින්ද ඔය කියන මාකදුරේ මධූෂ්?

    • සීගිරි says:

      තවම නෑ! නමුත් මිනිහගෙ එකටත් උඩින් මල් දාන දවස එනකම් තමා මේ රටේ මිනිස්සු දින ගැන, ගැන ඉන්නෙ!

  8. Boga says:

    බලාගෙන යනකොට ඒ රාජකීය අවමගුලත් චතුරගෙ රාජකීය අරලිය මගුලට දෙවෙනි නෑ!

Main News