පාදෙණිය මාධ්‍යට තර්ජනය කරලා.. ද්‍රෝහී මාධ්‍යවේදී ලයිස්තුවකුත් හදලාලු..

August 10, 2018 at 12:00 pm | lanka C news
පාදෙණිය මාධ්‍යට තර්ජනය කරලා.. ද්‍රෝහී මාධ්‍යවේදී ලයිස්තුවකුත් හදලාලු..

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වෛද්‍ය සංගමය ජනමාධ්‍යට දැක්වූ ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍ර විරෝධියි! නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පසුගිය අගෝස්තු 3 දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ සංකේත වැඩවර්ජනය පිලිබඳ විශේෂාංග ලිපියක් සකස්කිරීමේදී ඊට අදාලව වෛද්‍ය නිලධාරීන්ගේ පාර්ශවයෙන් අදහස් ලබාගැනීමට කටයුතු කළ ‘Sunday Observer’ පුවත්පතේ මාධ්‍යවේදියාට සංගමයෙහි සභාපතිවරයාගෙන් එල්ලවූ බවට වාර්තා වන තර්ජනාත්මක ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය හෙළා දකී.

ලැබී ඇති තොරතුරු අනුව, මෙම මාධ්‍යවේදියා වෛද්‍ය සංගමයෙහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අමතා ඇත්තේ තම වෘත්තීය වගකීමට අනුව අදාල වාර්තාකරණය සඳහා වෛද්‍ය සංගමයේ අදහස් ලබාගැනීමටය.

එම උත්සාහයෙදි වෛද්‍ය සංගමයට .තම මතය අනුව ප්‍රතිචාර දැක්වීමට අයිතිය තිබුනද තර්ජනාත්මකව ප්‍රතිචාර දැක්වීම , වගකිවයුතු වෘත්තිකයන්ගේ සංවිධානයක නායකත්වයෙන් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම වෘත්තීමය අයිතීන් වෙනුවෙන් අරගල කිරීමට වෙනත් ඕනෑම වෘත්තීය සංවිධානයකට මෙන්ම වෛද්‍ය සංගමයට ද අයිතියක් ඇති අතරම ඒ හා සමාන අයිතියක් වන මාධ්‍ය නිදහස වැනි ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට ඔවුන් සංවේදී නොවීම කණගාටුදායක තත්ත්වයකි.

විශේෂයෙන් ‘Sunday Observer’ පුවත්පත වාර්තා කරන පරිදි වෛද්‍ය පාදෙණිය මහතා ද්‍රෝහී ජනමාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් සකස් කොට ඇතිබවට කර ඇති ප්‍රකාශය අවධානයට ලක්විය යුත්තකි.  ආචාරධාර්මික මිනුම් දඬු අනුව ජනමාධ්‍යවේදීන්ගේ භාවිතය මැන බැලිය හැකි වුවත් කිසියම් මාධ්‍යවේදියෙක් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීම අප සලකන්නේ මර්දනීය ප්‍රයත්නයක් ලෙසයි. පසුගිය වකවානුවේද එවැනි ද්‍රෝහි  ලැයිස්තු පෙන්වමින් මාධ්‍යවේදීන් දැඩි පීඩනයකට ලක් කළ අතර ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ඔවුන් ඝාතනය කිරීම එමඟින් සාධාරණීකරණය කිරීමට උත්සාහ කරනු ලැබිණ. මෙම ප්‍රයත්නය පිටුපස තිබෙන ජනමාධ්‍යවේදීන් බියගැන්වීමේ උත්සාහය සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි අප්‍රදසාදය පළ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අප අවධාරණය කර සිටින්නේ, ඔබට රිසි මතයක් දැරීමේ, ප්‍රකාශ කිරීමේ හා ඒවෙනුවෙන් අරගල කිරීමේ අයිතියක් ඇති අතරම, ජනමාධ්‍ය ඇතුළු සෙසු පුරවැසියන්ටද එම අයිතිය සමානව ඇතිබව පිළිගනිමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් තුළ පිහිටා කටයුතු කරන ලෙසයී.

සි.දොඩාවත්ත 
කැඳවුම්කරු                                                                                 

දිලිෂා අබේසුන්දර
ලේකම්

18,285 Viewers

6 Comments to “පාදෙණිය මාධ්‍යට තර්ජනය කරලා.. ද්‍රෝහී මාධ්‍යවේදී ලයිස්තුවකුත් හදලාලු..”

  1. KP says:

    පහුගිය කාලේ කියන ඔය කාලේ “ද්‍රෝහින්ලෙස හංවඩු ගහලා” ඝාතනය කරපු මාධ්‍ය වේදීන් ගේ ලැයිස්තුවක් දෙන්න පුළුවන්ද “නිදහස්” මාධ්‍ය වේදියෝ?

  2. Dubba says:

    මොකක්ද කළ තර්ජනය ? මොකක්ද සඟවා ගෙන මොකක්ද කරනවා වගෙ නැතිව කියන්නක.

  3. Nimal R says:

    Dr Padeniya is a highly qualified specialist and a gentleman. He can get a job in any developed country tomorrow and earn a salary so many times (at least 10 times) more than what he is earning in Sri Lanka. He remains in Sri Lanka because of his love to Sri Lanka and doing a great service to protect Sri Lanka from the ills of Yamapalanaya. Yamapalana bastards should be cursed for denigrating this gentleman.

    • Wijebahu says:

      I don’t think this psychopath will be offered a job in any country. may be a country like somalia offer him a job. his only salvation is country like sri lanka which ridiculously tolerate doctors strikes in every month. more than all sri lankan doctors qualifications do not recognize by any western country unless they pass those countries exams. however if he can get a job in another country he should accept it and it will be a great service to sri lanka. he should take other mad dogs like soyza, aluthge, and herath with him too.

      • kate says:

        Wijebahu, what is your qualification? You would offer a job in Somalia to wash toilets. Because you could not be educated, don’t criticise highly qualified professionals. They are valuable assets of our mother Lanka.

  4. UD says:

    Dr. Padeniya did right thing. I myself couldn’t stand the way the man named Rangana interrupting valuable discussion in the middle for him to ask a question that is of value to only to Rasthiyadu type people. Our media should be ashamed of such behavior. Do you think media can do everything and get away with it because they are able to spread any nonsense. This misinterpretation is an example of media aragonce and nothing more. First maintain you standard and show your discipline in questioning. It is so… unfortunate that they treat good hard working people this way. Please accept the fact that your questioning was below international media standard.

Main News