පාර්ලිමේන්තුව විසුරුවයිද… කල් දමා ඇති අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනපතිට..

April 14, 2018 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවයිද… කල් දමා ඇති අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනපතිට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනපේක්ෂිත පියවරක් ගනිමින් හදිසියේම පාර්ලිමේන්තුව කල් තබනු ලැබීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් පවතී.

බ්‍රහස්තින්දා රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු සැසි වාරය වහාම කල් තබන බව නිවේදනය කළේය.

කල් තැබීමෙන් අනතුරුව යළිත් වරක් පාර්ලිමේන්තුව කැඳවනු ලබන්නේ ලබන මැයි මස 08 වෙනි දින බව ද අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

එවැනි කල් දැමීමක් සමග පාර්ලිමේන්තුවේ සියලු කමිටුවල කටයුතු ද අත්හිටවීමකට ලක් වන්නේය යන්න එක් අදහසකි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (3) වගන්තිය ප්‍රකාර, පාර්ලිමේන්තුව කල් දමා තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන බව තවත් අදහසකි.

ඒ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට කියා සිටියේ, තමන්ට වැටහෙන ආකාරයට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු අදහසක් ජනාධිපතිවරයාට නොමැති බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) වගන්තියෙන් පැවරී තිබෙන බලතල ප්‍රකාර ජනාධිපතිවරයා විසින් වත්මන් පාර්ලිමේන්තුවේ වාරය අවසාන කර ඇතැයි පවසන ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ඒ සමගම පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනයත් ප්‍රකාශයට පත්කර තිබෙන බව පෙන්වා දුන්නේය.

ලබන මැයි 08 වෙනි දින පාර්ලිමේන්තුව යළි කැඳවනු ලබන්නේ කවර වේලාවක ද යන්න ඉක්මනින්ම දැනුම් දෙන බවත් ජනාධිපති ලේකම්වරයා පවසයි.

පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම මගින් මෙතෙක් පැවති කමිටුවල කටයුතු හෝ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කටයුතු අත්හිටවීමක් සිදු කෙරෙන්නේදැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, එය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට අදාළ කරුණක් බවය.

ව්‍යවස්ථාවේ 70 (4) අනු වගන්තිය ප්‍රකාර, පාර්ලිමේන්තුව වාරාවසාන කරන අවස්ථාවක එතෙක් අවසන් කිරීමට නොහැකි වූ ඕනෑම කටයුත්තක් ඊළඟ සැසිවාරයේදී පවත්වා ගෙන යාමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඒ සඳහා හැකියාව තිබෙන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම මගින් රජයේ කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බවය.

පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමටත්, මාස දෙකක කාලයක් නොඉක්මවන දිනයක දී යළි ඊළඟ වාරය පටන් ගැනීමේ දිනයක් නියම කිරීමටත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට බලය පැවරෙයි.

මේ අතර පසුගිය බදාදා (අප්‍රේල් 11) පදවිවලින් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිස ලබන අප්‍රේල් 19 වෙනි දින පාර්ලිමේන්තුව රැස් වූයේ නම් විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබිණ.

– BBC

27,806 Viewers

7 Comments to “පාර්ලිමේන්තුව විසුරුවයිද… කල් දමා ඇති අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනපතිට..”

  1. Karu says:

    ගිය වාරයේ බැඳුම් කර වංචාව වහගන්න පාර්ලිමේන්තුව කල් දාල රනිල් ව බේර ගත්ත. මේ වාරයෙ මෙහෙම කල් දාල රනිල්ව බේර ගන්නව. සියල්ලම වැඩ කිඩ ඒකාබද්ධය නැග එනවාට බයේ ජනාධිපති කරන තක්කඩි වැඩය.

  2. Gayantha says:

    Pissek pissu kelinawa uparimetama !

    • ජනක says:

      පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැත .චන්ද්‍රිකා රනිල් ප්‍රමුක නඩයට ඔවුන්ගේ මාස්ටර් වරුන්ගෙන් ලැබී තිබෙන නියෝගය නම් කෙසේ හෝ අලුත් වියව්ස්තාවක් ගෙන ඇවිත් මේ රට වෙනම රාජ්‍යක් සෑදීමට ඉඩ දෙනලෙසයි .එදා ශ්‍රීලංකා හමුදාව රසායනික ප්‍රහාර එල්ලකලා කියා බටහිරයන් අපේ රටට අත පෙවීමට උත්සාහ දරන ලදී අද එම උපක්ක්‍රමය සිරියාවට ප්‍රහාර එල්ලකිරීමට පාවිච්චි කර ඇත .
      මේ බලයේ සිටින්නේ රටට විරුද්ද බටහිර ගැති ආණ්ඩුවකි ඒ ආණ්ඩුවේ ගැතිකම් කරන සියලුදෙනාම එලවා යලි රට මුදා ගැනීම මේ නව වසරේ කලයුතුයි . මේ ආණ්ඩුව පවත්වාගෙන යාමට කවර හෝ මාර්ගයකින් උපකාර කරන්නා අනිවාර්ය ජාති ද්‍රෝහියෙකි

  3. Political Analyst says:

    It is the right idea to dissolve parliament as the current political climate of the country badly damage the economy and the living condition of poor people. Sri Lanka needs a reliable government and a political system that supports the wishes of the majority and not a government to satisfy foreign forces.

    • Rajasinha says:

      According to the 19th amendment President cannot dissolve the parliament. Dissolving power already being clipped. If that power exists Sirisena would have done it as the local council elections over on the 10th February.

  4. Aurora says:

    If Sirisena has power to dissolve the parliament, he will not do it. Because that is against his masters wish. He does only masters need.

  5. Asoka says:

    පිස්සුද බන් බලාගෙන හිටපන් විසුරවනකම්. මුන් පුලුවන්නම් තව අවුරුදු දෙකක් විතර වැඩියෙන් ඉන්න බලයි. මේකේ රහ දන්නේ ඉන්න එවුන්. අනෙක දැන් විසුරුවලා යැව්වොත් හිටන්ගේ විතරක් නෙමෙයි අලුත් මන්ත්රීවරුන්ගේත් ජීවිත කාලයටම ලැබෙන පැන්ශෝන් එක ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම කොරයිද. ලබන අවුරුද්දේ තව ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් රවුන්ඩ් එකකුත් යනවා. ඉතින් බම්බුවටද තව විසුරවන්නේ. මගේ ගේ ඔට්ටු වට තියනවා මුන් විසුරවන්නේ නැහැ

Main News