පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කරන්න නම් කොන්දේසියක්…

August 8, 2018 at 8:40 am | lanka C news
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කරන්න නම් කොන්දේසියක්…

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයක අයිතිකරුවන් සේවකයින් හොඳට වැඩ කලොත් හොඳට ආයතනය දියුණු කරලා ලාභ වැඩිපුර ගේනවා නම් සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා.  බෝනස් නැතිනම් ප්‍රසාද දීමනා දෙනවා.  වැඩ හොඳ නැතිනම් එනිසාම ආයතනය පිරිහිලා තිබෙනවානම් සහන බෝනස් කපනවා. ආණ්ඩුවක් පත් කරන්නේ මහජනතාවයි. මහජන නියෝජිතයෝ සේවකයෝ නම් අයිතිකරුවා මහජනතාවයි.

මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ප්‍රගති වාර්තාව කොහොමද?  පසුගිය වසර තුන හමාර පිළිබඳ සලකා බැලුව හොත් ජනතාවට බදු පිට පටවලා ජීවන වියදම අහස උසට.  සංවර්ධනය ඇණ හිටලා.  ජාතික ආරක්ෂාව බිංදුවට වැටිලා.  නීතිය සහ සාමය බිංදුවට වැටිලා.

මේක ජනතාවගේ රීරි මාංශය උරා බිව්ව රිරි යකා ආණ්ඩුවක්.  එහෙව් ආණ්ඩුවකට මැති ඇමතිවරුන්ගේ පඩි වැඩි කරන්න කියා ඉල්ලා සිටින්න කිසිම හේතුවක් නෑ. ඒ නිසා මේ මොහොතේ කවුරුන් හෝ මැතිඇමතිවරුන්ගේ වැටුප් වැඩිකළ යුතු යැයි යෝජනා කරනවා නම් තමන් තමන් ගැනම ලැජ්ජාවට පත් විය යුතුයි.

– අරවින්ද අතුකෝරල

7,481 Viewers
Main News