කතානායක එජාපයට කඩේ යන්න ගොස් කද හරහා ඇනගනී…පාර්ලිමේන්තුව විසුරුවන්න උවමනා සුවිශේෂී තත්වය හදා දෙයි..

November 9, 2018 at 3:50 pm | lanka C news
කතානායක එජාපයට කඩේ යන්න ගොස් කද හරහා ඇනගනී…පාර්ලිමේන්තුව විසුරුවන්න උවමනා සුවිශේෂී තත්වය හදා දෙයි..

අගමැතිවරයා ගැන යම් ගැටළුවක් අත්තේ නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවණයක් පැවැත්වීම මගින් එය නිරාකරණය කර ගත හැකි බව පිවිතුරු හෙල උරුමය පවසයි.

කොලඹදී පැවතැවූ මාධ්‍ය හමුවකදී පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්තාවෙන් බලතල ඇති බවත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

ඔහු එහිදී මෙසේද අදහස් පල කලේය.

රටේ අලුත් සංවාදයක් මතු වෙලා. එක පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඇ) වගන්තිය උපුටා දක්වමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින මෙන් ඉල්ලනවා. තවත් පිරිසක් 70(1) වගන්තිය උපුටා දක්වමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකේ බහුතරයෙන් යෝජනාවක් සම්මත කර ඔහුගෙන් ඉල්ලා සිටියහොත් පමණක් බව කියනවා. දෙපාර්ශවයම උපුටා දක්වන්නේ එකම ව්‍යවස්ථාවයි. එහෙම වුණේ කොහොමද ?

1978 දී සම්මත කළ මුල් ව්‍යවස්ථාවේ 70(1) වගන්තියේ ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය තිබුණේ කොන්දේසි දෙකකට යටත්ව. ඒ අනුව ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් එක්කෝ පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ජනපතිගෙන් ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කළ යුතුයි. නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයේ සිට වසරක් ගත වී තිබිය යුතුයි. 19 වන සංශෝධනයෙන් මෙම කොන්දේසි දෙකම තවත් දැඩි කලා. ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි කාලය වසරේ සිට වසර හතරහමාරක් දක්වා වැඩි කළා. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සම්මත කරන යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බවට නියම කලා.

නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සත්දෙනෙකුගේ තීන්දුවක් තිබෙනවා. ඒ අනුව ජනපතිගේ මොනවා හරි බලයක් ඉවත් කරනවා නම් ජනමත විමසුමකදී ජනතාවගෙන් අනුමැතිය ගන්න ඕනෑ. ජනමත විමසුම මග හරින්න එජාපයට ඕන වුණු නිසා ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය කොන්දේසි වලට යටත් නොකර 33(2) වගන්තිය ලෙස ව්‍යවස්ථාවට ඇතුළු කළා.

අපි 33(2) වගන්තිය කියවමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතල සහ කාර්යන්ට අමතරව ජනාධිපතිවරයාට (ඇ) පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසාන කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය. අමතරව කිව්ව ගමන් 70(1)) වගන්තියෙන් සීමා කර ඇති බලයට අමතරවයි මේ බලය දෙන්නේ.

එකම බලය ව්‍යවස්ථාවේ තැන් දෙකක දෙවිදිහකට සඳහන් වෙනවා නම් ඒකට හේතුවත් තිබෙන්න ඕනෑ. 70 (1) වගන්තියේ තිබෙන්නේ සාමාන්‍ය තත්වයක් යටතේ ජනාධිපති කටයුතු කළ යුතු ආකාරයයි. ඒ අනුව සාමාන්‍ය වාතාවරණයකදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත කරන යෝජනාවකින් තොරව ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බෑ. 33(2)(ඇ) වගන්තියෙන් තිබෙන්නේ අර්බුදකාරී තත්ත්වයක දී කටයුතු කළ යුතු ආකාරයයි. එතැනදී ජනාධිපතිට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.

දැන් ඔන්න කතානායකවරයා විසින් අවශ්‍ය අර්බූදය නිර්මාණය කර තිබෙනවා. විධායකයේ ප්‍රධානියා පත්කළ අගමැතිවරයාව ව්‍යවස්ථාදායක ප්‍රධානියා පිළිගන්න බෑ කියනවා. එතුමා පිළිගන්නේ හිටපු අගමැතිලු. ඒ බව අත්සන් කරලා ලිඛිතව ප්‍රකාශ කර තිබෙනවා. දැන් විධායකය සහ ව්‍යවස්ථාදායකය අගමැති සම්බන්ධයෙන් ගැටුමක. මේ ගැටුම විසඳන්න පුළුවන් එකම බලධාරියා වන්නේ මේ දෙපාර්ශවයටම බලය දුන්නු පරමාධිපත්‍ය බලය තිබෙන ජනතාවයි. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන් වඩාත් කැමති අගමැති කවුදැයි තීරණය කරන්න ජනතාවට බලය ලබාදිය යුතුයි. වර්තමානයේ කථානායකතුමා ඇතිකර තිබෙන අර්බුදයට විසඳුම ලෙස ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2)(ඇ) වගන්තියෙන් තමන්ට ලැබී ඇති බලය පාවිච්චි කර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යැයි කියා අප හිතනවා.

– අරවින්ද අතුකෝරල

71,325 Viewers

24 Comments to “කතානායක එජාපයට කඩේ යන්න ගොස් කද හරහා ඇනගනී…පාර්ලිමේන්තුව විසුරුවන්න උවමනා සුවිශේෂී තත්වය හදා දෙයි..”

  1. Asaranaya says:

    YES sir ! COME OR GO CHICAGO

    • ජනක says:

      ජයවේවා ජයවේවා පක්ශග්රාහි කතානායකයා ගස් ,මහබැංකුව කොල්ලා කාපු වික්කම සිංහයා සහ අර්ජුන් මහින්ද්‍ර උඹලා ඔක්කොම ගස් ටීවී දියුටිෆ්රී එකෙන් පන්නපු ගොන්ජා ගස් ,පොන්න පැරේඩ් යන්න හදපු ලංකාව බටහිරයන්ට පාවා දුන්නු පොන්න මංගල ගස් [මෙහි පොන්න කියා ලිවේ ඔහුට ආඩම්බරයක් වෙන්න මිසක් අපහාසයට නෙවෙයි )
      අන්න පාර්ලිමේන්තුව විසුරුවලා දැන් පෙන්නපන් උඹලගේ බහුතරේ

  2. Janaka says:

    පාර්ලිමේන්තුව විසුරුවීමට ජනමතය ලබා ගැනීම සදහා ජනමතවිචාරණයක් කැදවන ලෙස විද්වතුන්ගෙන් ජනාධිපතිවරයාට ලිපියක්……!

  3. Eiffel says:

    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න ;

    1. පාර්ලිමේන්තුව මේ අවස්ථාවේ ජනාධිපතිවරයාට විසුරුවිය හැකිද?

    2. එසේ නොමැතිනම් පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ලබාගැනීමට ජනමත විචාරනයකට යා හැකිද ?

    කියා.

    එසේ නැතිව එක එකා තමන්ගේ වාසියට කියන විකාර අනුව වැඩ කරන්න ගිහින් රට තවත් අවුලේ හෙලන්න එපා. තොපි ඔක්කොම එකතු වෙලා මේ රටට කරලා තියන විනාසය ඕනෑවටත් වැඩියි දැන්..

    • dasun says:

      President need to get a clarification from supreme court before doing anything. If SC say yes, then dissolve the parliament. Do not take this goda perakadoru opinions.

    • ගලබොඩ අත්තේ චමීන්ද says:

      ආණ්ඩුව විසුරුවාහැර පාර්ලිමේන්තු මැතිවරණයකට ගියොත් ජෙප්පන්ටයි, හූඇන්පී එකටයි වැලේ වැල් නැතිව, නන්නත්තරවෙලා යනවට තොපි බයයි නේද?

    • Roshan says:

      Well said mate this what to be done or let the parliament decide.

      Nowadays every Tom Dick and Harry become a constitutional expert

      Also, whatever said and done President action was unethical and unbecoming to remove the PM whoever it is without due process. It seems instead of any valid governance reason he removed PM for petty personal reasons… it’s a shame and on top of everything huge lost to the country’s image and economy. If actions taken was wrong some one should take the president to court when he leaves the post.

    • නාගසිංහ says:

      @ Eifflel

      ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ජනාධිපතිවරයා අරගෙන තියනවා.
      පාර්ලිමේන්තුව විසුරවීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අහන්න කියලා විවස්තාවේ කොතනද තියෙන්නේ?

  4. Love nature says:

    “පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කියන්නේ පැහැදිලිවම ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලයක්. ඒක සඳහන් වෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) (ඇ) ව්‍යවස්ථාවේ.

  5. kuma says:

    aki iwarada 113 hoyala

  6. Love nature says:

    1948 සිට මේ දක්වා කාලය තුළ අවස්ථා 42 කදී පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තිබෙනවා

  7. Saradiel says:

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වැනි සංශෝධනය යටතේ වුව ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු වන බවට මෙරට නීතිවේදීන් හා නීතිඥ සංවිධාන විසින් පෙන්වා දී ඇත.

  8. gamarala says:

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුනි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි, මේ රටේ ජනතාව ඔබෙන් ඉල්ලා සිටින්නේ
    පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසය

  9. බන්ඩා says:

    අලුත් ආණ්ඩුවක් තෝරන්න ඕනා ජරාව කාල පැති මාරැ කොරන මංත්‍රී ල නොවෙය්. මහ ජනතාවය්. වහාම පාර්ලිමේන්තු චන්දයක් තියනු.

  10. සිංහල බන්ඩා says:

    සිරිසේන ද රනිල් ද හරි කියල තීරණය කල යුත්තේ මුදලට කහින මංත්රි වරැ නොව මහජනතාවය්. දෙපාර්ෂවයම දැන් කල යුත්තේ මහජන මතයට සවන් දීමය්: පාර්ලිමේන්තු චන්දෙකට යාමය්.

  11. සමසම says:

    අනිවාර්යයෙන්ම විසුරුවා හැරිය යුතුයි. එතකොට බලතෑකි සමනලුන්ගේ රග.

  12. vishnu says:

    අනිවාර්යයෙන්ම විසුරුවා හැරිය යුතුයි

    • Asaranaya says:

      විල්සන් කරු නොහොත් හීන් බබා සීයාට වල කජ්ජේම සරණයි,
      අපහිතන්නේ නැහැ ඒකාව විවස්තාව කියවලා තියෙනවාද කියලා, කියවන්නේ ඇත්තේ අන්ඩර දෙමෙලන් කිසිම වැටහීමක් නැහැ, ඔන්න උස්සලම ඇරගත්තා පස්ස පැත්තේම, රනිලයට ඇවිදින්නත් බැරිලු ,පස්ස රිදෙනවලු සමනල රැන පස්සෙන් රොන් බීලම

  13. Ranil Wickamasinghe Pissa says:

    I am still the Prime Minister of Angola Mental Hospital Sri Lanka 🇱🇰

  14. sampath says:

    (2) In addition to the powers, duties and functions expressly conferred or imposed on, or assigned to the President by the Constitution or other written law, the President shall have the power –
    (a) to make the Statement of Government Policy in Parliament at the commencement of each session of Parliament;
    (b) to preside at ceremonial sittings of Parliament;
    (c) to summon, prorogue and dissolve Parliament;

  15. gamarala says:

    අන්ධයාට දීකිරි වල සුද කිව්වා වාගේ…අපේ කතානායක

    . ඔන්න.. දවසක් අන්ධ මනුස්සයෙකුට තවත් කෙනෙක් දීකිරි වාගයක් දුන්නලු.. මේ මොනාද කියලා ඇහුවාම.. මේවා තමයි දීකිරි කිවුවලු.. එතකොට අන්ධයා ඇහුවලු.. දී කිරි මොන වගේද තියලා.. අර මනුස්සයා උත්තර දුන්නලු ..දීකිරි සුදු පාටයි කියලා.. උපතින්ම අන්ධ මනුස්සයෙක් සුදු පාට දැකලා තියෙනවයැ..ඒක හන්දා අන්ධ මනුස්සයා ඇහුවලු.. මේ.. සුද කොයි වාගෙද කියලා.. අර මනුස්සයත් කල්පනා කරලා කිවුවලු .. සුද හරියට කොකෙක් වගේ කියලා.. ඒ සැරේ අන්ධයා අහනවලු.. ‍කොකා මොන වගේද කියලා.. ඒ සැරේ අර මනුස්සය එයාගෙ අතක්.. කොකා වාගේ නවලා හැඩ කරලා.. අන්ධයට අල්ලන්න දීලා කිවුවලු.. කොකා හරියට මේ වගේ කියලා…ඒ සැරේ අන්ධ මනුස්සයා .. අර මනුස්සයගෙ නවාපු අත හොදට අත ගාලා බලලා කිවුවලු…. හ්ම්.. එතකොට දීකිරි වල හැටිත් හරියට අතක් වාගේ.. නේද කියලා… යමක් මොනම විදියකටවත් තේරුං කරලා දෙන්නත් බැරි.. තේරුං ගන්නෙත් නැති මනුස්සයෙක=ට යමක් තේරුං කරලා දෙන්න යනකොට තමා කියන්නෙ.. ඒකත් හරියට .. අන්ධයට දීකිරි වල සුද කිවුවා වාගේ.. කියලා.

  16. Love nature says:

    රනිල්ගේ කථා අහලා කතානායකට වෙච්ච දේ කණගාටුයි

    ඔන්න එක ගමක ජීවත් වුනාලු අබරා කියලා ටිකක් මෝඩ මිනිහෙක්.. මේ මනුස්සයගෙ බිරිද හැම පෝය දවසකම අටසිල් සමාදම් වෙනවලු…. දවසක් මේ බිරිද , අබරා ට කිවුවලු.. ඇයි මනුස්සයො ඔහොම අත් දෙකත් බැද ගෙන බලා ඉන්නෙ.. පෝය දවසටවත් පන්සලට ගෙහුං සිල් සමාදන් වෙනවකො.. කියලා.. එතකොට අබරා කිවුවලු.. අනේ හාමිනේ මට ඕවා තේරෙන්නෙ නෑ.. කියලා. එතකොට අර බිරිද කිවුවලු.. ඕක ඔය තරං අමාරැ දෙයක් නෙවෙයි.. පන්සලට හිහුං හාමුදුරුවො කියන.. කියන වචන තමුනුත් ආයෙම කියන එකයි.. සිල් ගන්නවා කියන්නෙ කියලා… ඉතිං ඊළග පෝය දවසෙ බිරිද කිවුවලු.. අද මට සිල් ගන්න යන්න වෙන්නෙ නෑ.. ඒක හන්දා මේ එක්කෙනා ගිහුං සිල් ගන්න කියලා.. ඉතිං… සුදු ඇදුමක් එහෙම අබරා ට අන්දවලා පන්සලට යැවුවලු… අබරා පන්සලට ගිහුං.. හාමුදුරුවන්ට පේන්න එහාට මෙහාට ගියාලු… හාමුදුරුවො අබරා ව දැකලා.. කොහෙද උඹ යන්නෙ… කියලා ඇහුවලු… එතකොට අබර ත් තිවුවලු… කොහෙද උඹ යන්නෙ… කියලා… හාමුදුරුවන්ට පුදුම හිතිලා.. ඇහුවලු.. උඹට පිස්සුද… කියලා… අබරා ත් හාමුදුරුවො කියන වචනෙම කියන්න ඕනෙ හන්දා… කිවුවලු.. උඹට පිස්සුද.. කියලා.. හාමුදුරුවන්ට හොදටම කේන්ති හිහුං.. කෑ ගහලා කිවුවලු.. කොල්ලනේ.. මෙන්න මේ පිස්සව පන්සලෙන් එළවලා දාපල්ලා කියලා… අබරා ඊටත් වඩා හයියෙන් කිවුවලු… මෙන්න මේ පිස්සව පන්සලෙන් එළවලා දාපල්ලා කියලා… පන්සලේ හිටිය මිනිස්සුන්ට.. කොල්ලන්ට මේක ඇහිලා.. අබරා ව අල්ලගෙන හොදටම තඩි බාලා.. පන්සලෙන් එළෙව්වලු…. අබරා ඇග රිදුම් දිදී.. ගෙදර ගිහුං.. මායියට කියනවලු.. අනේ මන්දා ඔහේ දෙපෝයට සිල් අරගෙනත් හොදට ගෙදර ඇවිත් ඉන්නවා.. අද එක පෝයක් සිල් අරගෙනත් මට ඇගපත සේරෝම රිදෙනවා බං .. කියලා… තමුන්ගෙ මොළේ කල්පනා කරලා යමක් කරන්නෙ නැතුව.. අනුන් කියන දේ ම කරන්න ගියාම තමා කියන්නෙ.. හරියට අබරා සිල් ගත්තා වාගේ.. කියලා.

  17. අපි උදයට ! උදය අපිට!
    අපේ උගත් මිතු ට ජය!

Leave a Comment

Main News