පාර්ලිමේන්තුව විසිරුවොත් පෙන්ෂන් නැතිවේයයි පසුපෙල කැළඹෙයි.. ආණ්ඩුවේ ප‍්‍රබලයන්ට අමතා ඞීල් දමති…

November 8, 2018 at 3:24 am | lanka C news
පාර්ලිමේන්තුව විසිරුවොත් පෙන්ෂන් නැතිවේයයි පසුපෙල කැළඹෙයි.. ආණ්ඩුවේ ප‍්‍රබලයන්ට අමතා ඞීල් දමති…

පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යයි පල වන වාර්තා හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතුළු සෙසු පක්‍ෂවලත් පසුපෙල මන්ත‍්‍රීන් බොහෝ දෙනෙකු දැඩි ලෙස කැළඹි ගොස් සිටින බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු පැමිණ වසර 05ක් සම්පුර්න නොවූ මන්ත‍්‍රි පිරිස් මෙසේ කලබලයට පත්ව සිටින්නේ සිය මන්ත‍්‍රී විශ‍්‍රාම වැටුප අහිමි වේ යයි ඇති වූ බියක් හේතුවෙනි.

එක්සත් ජාතික පක්‍ෂයේ 20ක පමණ පිරිසක් සන්දානයේ 15ක පමණ පිරිසක් මෙන්ම සෙසු පක්‍ෂවලද සැලකිය යුතු පිරිසක් මෙම ගැටළුවට මුහුණ පා සිටී.

මේ හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රින් කිහිප දෙනෙකුම ආණ්ඩුවේ ප‍්‍රබලයන් අමතමින් මෙය වලකා ගත හැකි ක‍්‍රමයක් ගැන සාකච්චා කර ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුනට විශ‍්‍රාම වැටුප ලැබෙන්නට නම් වසර 05ක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර කාලයක් සැපිරිය යුතුය.

මේ අතර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා මේ මොහොත් කිසිදු සූදානමක් නැති බවයි.

41,863 Viewers

9 Comments to “පාර්ලිමේන්තුව විසිරුවොත් පෙන්ෂන් නැතිවේයයි පසුපෙල කැළඹෙයි.. ආණ්ඩුවේ ප‍්‍රබලයන්ට අමතා ඞීල් දමති…”

  1. Mangala says:

    Pension denna watinama molagedi tika.

  2. Namal says:

    මේ වගේ පුද්ගලික දේවල් අදාල කරමින් ජනමතයට පිටුපෑම සුදුසුද?
    පාර්ලිමේන්තුව විසුරුවන්න ජනමතවිචාරණයක් කැදවා ජනමතය අනූව පාර්ලිමේන්තුව වහා විසුරුවා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගමු….!

  3. Political Analyst says:

    Parliament is an institution of the reflection of public authority and when people wants to dissolve it mps cannot stop it.

  4. Psg says:

    This pension scheme should be abolished as the MPs will hold on to keeping the parliament going even if the country is run down to the ground by their leaders.

  5. Dg says:

    So this may be why elections are being delayed.. this pension should be abolished!!!!!!!

  6. kamal says:

    ආදරණිය විමල් අමතන කමල්
    මම දන්නවා මොකද කරන්න ඔනෙ කියලා ඒ තමයි ජනාධිපති තුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසිය යුතුයි ජනාධිපතිගෙ බලතල කප්පාදුව ජනමත විචාරණයකින් තොරව කල නොහැකි බව. එවිට ශ්‍රෙෂ්ඨාදිකරණය කියනවා 13 හා 19 දෙකම වලංගු නැති බව. එවිට පාර්ලිමේන්තුව ජනාධිපතිට විසිරිය හැක. තවද හේතු නිසා ඵල වගේම ජනමතවිචාරණය හා ව්‍යවස්ථාව එකට බැදි ඇත. සමනලයො එක්ක බැ උන් සංස්කෘතිය විනාශ කරනවා. සංස්කෘතිය තිබ්බොත් තමයි බුදු දහම ආරක්ෂා වෙන්නෙ විමල් උඹට ජය මිට දියසෙන් කුමාරයා

  7. පොඩි එකා says:

    මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එකද… එහෙම නැත්තං රටද… ඡනපති තීන්දුවක් ගත යුතුය.. රටට හෙණ ගහලා ගියත් තමන්ගේ පෙන්ෂන් රැක ගන්න දඟලන මුං රොත්තම එලියට දාන්න ඕන… ඡනපතිතුමනි… පමාවීම පසුතැවිල්ලට හේතු වෙයි… වහාම ඡනමත විචාරණයක් කැඳවා පාර්ලිමේන්තුව විසුරවීමට ඔබට ඇති බලය නැවත ලබා ගන්න.. ඡනතාවට රට බාර දෙන්න…

  8. saman says:

    munta dan koti prakoti ganan thiyanawa neda. ape badu mudalin thawa pension gewanne ratata mona sewayak kalaatada?

  9. අනේ අපේ පෙන්සෝන් එක බේරලා දෙන්න මහජන නියෝජිතයෝ..... says:

    අනේ අපේ පෙන්සෝන් එක බේරලා දෙන්න මහජන නියෝජිතයෝ…..

Leave a Comment

Main News