පාරිභෝගික කටයුතු අධිකාරියේ හොර රහසේ උසස්වීමක් දෙයි.. අල්ලස් කොමිසමට පැමිණිලි..

October 7, 2018 at 5:30 pm | lanka C news
පාරිභෝගික කටයුතු අධිකාරියේ හොර රහසේ උසස්වීමක් දෙයි.. අල්ලස් කොමිසමට පැමිණිලි..

මෙහි දැක්වෙන්නේ සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හොර රහසේ ලබා දුන් උසස්වීමක් පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිලි…

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලුම සේවක මණ්ඩලය වෙත දන්වා අධිකාරියේ අභ්‍යන්තර ඉල්ලුම් කරුවන්ගෙන් තෝරා පත්කල යුතු උසස් තනතුරක් වන මානව සම්පත් හා පරිපාලන අංශයේ ජේෂ්ඨ පරිපාලන තනතුර සදහා, එසේ නිසි ක්‍රිමවේදයන් තොරව ලබා දී ඇති පත් වීමක් පිලිබදව අප සංගමයට තොරතුරු ලැබී ඇත.

මෙම පත් වීම ඉතා රහසිගතව සිදුකර ඇති අතර,පත්වීමට අදාල සම්මුක පරික්ෂණය පවත්වා ඇතතේ පසුගිය පලාත් පාලන මැතිවරන සමයේ වීම විශේෂත්වයකි.

මැතිවරණ සමයේ රජයේ කිසිදු ආයතනයක සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම තහනම් කර මැතිවරණ කොමසාරිස් තුමා විසින් විශේෂ චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබියදී, මෙම සම්මුඛ පරීක්ෂණ එක කාන්තාවක් සදහා රහසිගතව පවත්වා,එයට අදාල වාර්තාවක් අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මැතිවරණ සමයේ යොමු කර අනුමත කරවාගෙන ඇති බවද අනාවරණය වී ඇත.

මහත් ආන්දෝලනයකට ලක්වු පසු ගිය මැතිවරණ සමයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් 200ක් බදවා ගැනීමේ ක්‍රියාවලියට මෙම කාන්තාව ලබාදුන් සහයෝගයට අල්ලසක් ලෙස මෙම පත්වීම සිදුකර ඇති බවට සියලුම ශාක්ෂි අප සංගමය වෙත මේ වන විට ලැබී ඇත.

මෙමගින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සේවකයින් වෙත බලවත් අසාධාරණක් සිදු වී ඇති අතර,සේවක වෘත්තීය සමිති නිහඬව සිටීම කනගාටුවට කරුණක් බව අප සංගමයේ අදහසයි.

එබැවින් මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි කිරීමට අප සංගමය කටයුතු සිදුකරන බව දන්වා සිටීමට කැමැත්තෙමු.

ජෙහාන් ප්‍රනාන්දු
සභාපති
සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය

3,595 Viewers
Main News