පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නව මුහුණු වරකින්….

July 23, 2017 at 2:12 am | lanka C news
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නව මුහුණු වරකින්….

පාරිභෝගික ජනතවට කාර්යක්ෂමව හා වැඩදායි සේවාවක් ඉටුකිරීම සඳහා නව වැඩපිළිවලක් ආරම්භ කොට ඇති බවටත් ජනතාවට බිම් මට්ටමේ සිට සේවව ලබා දීම වෙනුවෙන් නව උපාධිධාරීන් 200 දෙනෙකු අධිකාරියට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල් හා අධ්‍යක්ෂක මානව සම්පත් හාපරිපාලන සම්පත් අඟුගුගහ මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඉදිරි දැක්ම පිළිබඳ සිදු කරන ලද විමසීමකදීය.

එහිදී අදහස් දැක්වූ සම්පත් අඟුලුගහ මහතා වැඩි දුරටත් කියා සිටියේ ,

‘පාරිභෝගික ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුධීන් මහතාගේ අධීක්ෂණය හා මහපෙන්වීම යටතේ පාරිභෝගික ජනතාව සුරක්ෂිත කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍ය තුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව උපාධිධාරීන් 200 දෙනෙකු පාරිභෝගික අධිකාරියට බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය හා භාණ්ඩාගාර අනුමැතිය ලැබී තිබෙනවා මෙසේ බඳව ගන්නා උපාධිධාරින් රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දිස්ත්‍රීක් මට්ටමින් අනියුක්ත කොට පාරිභෝගික අධිකාරියේ සේවාව ගම් මට්ටම දක්වා පුලුල් කොට නව මුහුණු වරකින් සිදු කිරීම ප්‍රධාන අරමුණයි.

ඊට අමතරව 1977 නැමති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කේටි ඇමතුම් සේවාව ජනතාව අතරට ප්‍රචලිත කොට ජනතාවගේන් ලැබෙන පැමිණිළි සඳහා ඉතා ඉක්මන් විසඳුම් ලබා දීමට පියවර ගන්නවා මෙහිදී කෙටි පණිවිඩ සේවාවද පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතිනවා අධිකාරියට ලැබුනු පැමිණිළ සම්බන්ධයෙන් මාස 4 ක්වැනි කාලයක් තුල විසඳා විසඳුම් ලබා දීමට අවශ්‍ය නීතිමය කටයුතුත් මේ වන විට සූදානම් කරගෙන යන්නේ,

‘තවද අධිකාරියේ කටයුතු පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙන්ම පාසල් මට්ටමින්ද කව (සමිති) පවත්වා පාරිභෝගක සේවාවන් පිළිබඳ බිම්මට්ටම දක්වා ගෙන යාමට පියවර ගෙන තිබෙනවා ඒ වගේම තමයි ලංකාවේ පිහිටි සෑම වෙළඳසැලකටම පාරිභෝගික අධිකාරියේ සටහන් පොතක් වගේම අංකයක් ඉදිරියේදී ලබා දෙනවා එවිට අධිකාරි නලධාරීන් විසින් සිදු කරන ලද වැටලීම් සටහන් කිරීම මෙන්ම අදාල අංකය මගින් තොරතුරු ලබා ගැනීමටත් හැකියි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂක වරුන් වන ඒ.ආර්.බී.නිමත්දීන් මහතා හා හිටපු මහාධිකරන විනිසුරුවරයෙක් වූ එම්.ඉසැඩ්. රසීන් යන අයගේද ප්‍රධානත්වයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ විනය හා කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරමින් පාරිභෝගික ජනතාවට කඩිනම් සේවයක් ලබා දීම ප්‍රධාන අරමුණ බවටද සම්පත් අඟුලුගහ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,941 Viewers

One Comment to “පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නව මුහුණු වරකින්….”

  1. Niru says:

    Yes this is essential. There should be proper specifications laid down for Cocane imported by the CWE under the supervision of minister prime minister and MY3 palan.
    The money collected from CB scam is fast running out and they need other income generation projects.

Main News