පාර මාරුවීමට ගිය දහතුන් හැවිරිදි දැරියක් මෝටර් රථයක ගැටී මියයයි…

January 21, 2018 at 4:40 pm | lanka C news
පාර මාරුවීමට ගිය දහතුන් හැවිරිදි දැරියක් මෝටර් රථයක ගැටී මියයයි…

මහනුවර – යාපනය ඒ නවය මාර්ගයේ නාඋල – නාලන්ද රෝහලට නොදුරින් පිහිටි වංගු ප‍්‍රදේශයේ දි මෝටර් රථයක ගැටීමෙන් අවුරුදු දහතුනක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

ඊයේ (20) සවස හයට පමණ සිය මව සමග පාරේ රැදී ඇති මිය ගිය දැරිය සිය නැගණිය සමග මවගේ අවවාද නොතකා පාර හරහා මාරුවිමට ගිය අවස්ථාවේ අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ නාලන්ද විදුහලේ නවය වසරේ ඉගෙනුම ලැබූ කෞෂල්‍යා සෙව්වන්දි (13) නැමති නාලන්ද ප‍්‍රදේශයේම පදිංචිව සිටි දැරියකි.

අනතුරින් බරපතල තුවාල ලැබූ එලීසා තරුදනි (අවුරුදු එකයි මාස හතකි) දැරිය මේ වන විට මාතලේ මුලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය ඇසින් දුටුවන් කියා සිටියේ වැඩිමහල් දියනිය සිය කුඩා නැගනිය වඩාගෙන පාර හරහා මාරුවු බවයි.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ දරුවන්ගේ මව එපා කියද්දි මාර්ගය හරහා මාරුවනවාත් සමග මාතලේ දෙසින් දඹුල්ල දෙසට පැමිණි මෝටර් රථයේ දැරිය ගැටුනු බවත් එක්වරම වැඩිමහල් දියනියගේ උකුලේ සිටි කුඩා දැරිය වේගයෙන් විසිවී ගිය බවත්ය.

මොටර් රථයේ රියදුරු සිය රථයේ තිරිංග තදකර ඇති අතර පසුව මීටර් 20 ක පමණ දුරකට මෝටර් රථය ඇදී ගිය බව ද සිද්ධිය ඇසින් දුටුවෝ ස`දහන් කළහ.

මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නාඋල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිනි.
රියදුරු සීගිරිය ප‍්‍රදේශයේ පදිංචි අයෙකු බවත් ඔවුගේ මෝටර් රථයෙන් මහුවර ප‍්‍රදේශයට කුළි ගමනක් ගොස් නැවත සීගිරිය බලා පැමිණෙන අවස්ථාවේ අනතුර සිදුව ඇති බවත් පොලිසිය සිදුකල මුලික පරික්ෂණ වල දී හෙළිව තිබේ.

– ඉන්දික අරුණ කුමාර

8,430 Viewers

4 Comments to “පාර මාරුවීමට ගිය දහතුන් හැවිරිදි දැරියක් මෝටර් රථයක ගැටී මියයයි…”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  2. සෙව්වන්දි දියනියට මතු සසරේ මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා……සහ සැපවත් මනුශ්‍ය ආත්මයක් හිමි වේවා…….

  3. Rajitha Seneviratne says:

    Stupid brat put the innocent driver in trouble. She should quite literally should go to hell if such a thing exists

    • mp says:

      Dude… She was only 13 yrs old… and it is protocol to arrest the driver… doesn’t mean he’ll get charged… BTW you should go to hell for not understanding life and not being compassionate…!!!

Main News