පාර හරහා ගිය ගවයෙකුගේ යතුරුපැදියක් වැදීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකුට බරපතලයි…

June 10, 2018 at 8:26 am | lanka C news
පාර හරහා ගිය ගවයෙකුගේ යතුරුපැදියක් වැදීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකුට බරපතලයි…

වව්නියාව සූඩවෙන්දපිලව් ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරකට ලක්වීමෙන් යතුරුපැදියේ ගමන්ගත් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

සූඩවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංදි 53 හැවිරිදි තුරෙයිසාමී තිරුනාවුකරුසු සහ එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පොන්නම්බලම් ජෙයකුමාර් නැමති අය යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගය හරහා එක්වරම ගවයෙකු දිව යාමෙන් යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව ගවයාගේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් එම ස්ථානයේදීම තුරෙයිසාමි තිරුනාවුකරුසු නැමත්තා මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා වවුනියාව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවටද පරික්ෂණ සිදු කළ වව්නියාව පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

629 Viewers

One Comment to “පාර හරහා ගිය ගවයෙකුගේ යතුරුපැදියක් වැදීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකුට බරපතලයි…”

  1. අමිල says:

    ගවයා කියන සතා සන්හින්දීයාවට බාදාවකි..

Leave a Comment

Main News