පාලකයන් හැසිරෙන්නේ බුදු දහමේ පදනමට නොගැලපෙන ලෙසයි.. රටටම ඛේදනීය ඉරණමක්..

May 3, 2018 at 12:40 pm | lanka C news
පාලකයන් හැසිරෙන්නේ බුදු දහමේ පදනමට නොගැලපෙන ලෙසයි.. රටටම ඛේදනීය ඉරණමක්..

පාලකයන් බුදු දහමේ පදනමට නොගැලපෙන ලෙස හැසිරීම නිසා රටටම ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදුවී ඇති බවත් පාලන තන්ත්‍රයේ ඉහළ සිට පහළ දක්වා පෙනෙන්නට තිබෙන බරපතල අවුල දැහැමි සමාජයක් ගොඩ නගා ගැනීමට බාධකයක් වී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය.

ඒ මහතා එසේ කිවේ වෙසක් පොහොය නිමිත්තෙන් මාතර මහ නගර සභා පරිශ්‍රයේ පැවති බත් දන්සල ආරම්භ කිරීමට පෙර පැමිණ සිටි පිරිස අමතමිනි.

මාතර නගරාධිපති රංජිත් යසරත්න නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ යන මහත්වරුන් ඇතුලු කාර්ය මණ්ඩලය මෙම දන්සල සංවිධානය කර තිබිණි.

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය.

‘මෙවර වෙසක් පොහෝ දිනය ගැනත් මත භේදයක් මතු වුණා. රටේ හැම තැනම පේන්න තියෙන්නෙ අවුලක්. දැහැමිකම තුරන් වෙලාගිහින්. බුදු දහමේ පදනමට පටහැනිව පාලන තන්ත්‍රයේ ඉහළ තැන් වල අය හැසිරෙනවා. එය පහළටම බලපාලා. ආත්මාර්ථය මත පදනම්ව බොහෝ දේ සිදු වෙනවා. ආගමික පසුබිමක් නැත්නම් සමාජය භයානක තැනක නවතින්නෙ.

එදා අපරාධ වල ස්වරුපයට වඩා අද වෙනස්. එය ම්ලේච්ඡත්වය දක්වා ඇවිත්. මේ භයානක තත්වයෙන් ගැලවෙන්න නම් බුදු දහම ජීවිතයට සම්බන්ධ කර ගන්න ඕන. සන්තාන ගත පරිවර්තනයක් සිදු විය යුතු කාලය පැමිණ තිබෙනවා. පරාර්ථකාමී සිතුවිලි සහිතව අප හැම දෙනාම කටයුතු කරන්නේ නම් එම පරිවර්තනය සිදු වීම ආරම්භ වේවි. විශේෂයෙන් පාලකයන් ද මෙය අවබෝධ කර ගන්න ඕනෑ. නැත්නම් අනාගතය තව තවත් අදුරටම වැටීම නතර කළ නොහැකි වෙනවා’

13,200 Viewers

5 Comments to “පාලකයන් හැසිරෙන්නේ බුදු දහමේ පදනමට නොගැලපෙන ලෙසයි.. රටටම ඛේදනීය ඉරණමක්..”

  1. Asaranaya says:

    මහාත්තයෝ පර සුද්දා 1815 රට අල්ලගෙන , උන්ට ආවඩා සින්හලයන් පාවාදුන්න මොල්ලිගොඩයයි එක්නැලිගොඩයයි නැවත ඉපදිලා (පඹයා සහා පින්ගුත්තරයා), අවුරුදු 200 කට පසු සින්හල අපි ව දැන් පාවා දෙනවා, උන් දෙපල සහමුලින්ම තුරන් කරන තුරු අපෙ සමාජය හරියන්නෙ නැහැ, එනිසා මොල්ලිගොඩයයි එක්නැලිගොඩයයි තුරන් කරන ක්‍රමයක් ගැන සොයා බැලුවොත් යහාපති

  2. Love nature says:

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.

    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.

    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.

    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න

    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.

    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.

    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    – අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

  3. Love nature says:

    ඉන්දියාවෙන් බුදු දහම නැතිවීමට හේතු.

    බ්‍රාහ්මනිකයන්ගේ සහ පසුව පැමිනි මුසල්මානු ආක්‍රමණ හමුවේ ඉන්දියාව අසරණ වූයේ ‘මයුර්‍ය’ සහ ‘ගුප්ත’ රාජ වංශ වලින් යුතුවූ මහා මඝද රාජධානිය කාලයාගේ ඇවෑමෙන් අප්‍රකට වීමෙන් පසුවය. ඉන්දියාවේ උපන් බුදුන් වහන්සේගේ අනුගාමිකයන් වූ, බිම්බිසාර, චන්ද්‍රගුප්ත I , සමුද්‍රගුප්ත , චන්ද්‍රගුප්ත II, අශෝක අධිරාජයා වැනි මහා රජවරුන් නැතිවූ කල, ඉන්දියාව කොටස් වලට කැඩී, බල බිඳී තිබුන අවදියක, බුදු දහමේ පරිහානියද ආරම්භ විය.

    ‘සංකාරාචාර්‍ය’ වැනි හින්දු නායකයන්ද, බොහෝ හින්දු රජවරුන්ද, ස්ථූප සහ බුදු කුටි සහ පිළිම විනාශ කිරීමෙන් අපමණ ආශ්වාදයක් ලද බැව් පොත පතේ සඳහන් වේ. හින්දු පාලකයෙකු වන ‘පුෂ්‍ය මිත්‍ර’ විසින්, අශොක මහ රජතුමා විසින් තනවන ලද 84,000 ක් බෞද්ධ ස්ථුප සහ ගනන් කල නොහැකි තරම් විහාර සහ බෞද්ධ ලියවිළිද විනාශ කරන ලදී.

    ‘ජලාලුක රජු’ විසින් බෞද්ධ විහාර සහ පන්සල් විනාශ කලේ, බෞද්ධ ගාථා සජ්ජායනයෙන් වරක් ඔහුගේ නින්දට බාධා වීම හේතුවක් කරගෙනය. මේ අතර කාශ්මීරයේ සිටි කින්නාර රජු විසින් බෞද්ධ පන්සල් විනාශ කලේ, බ්‍රාහ්මණයන්ගේ සතුට සඳහාය.

    මේ විනාශ කල බෞද්ධ සිද්ධස්ථාන, හින්දු කෝවිල් වලට පරිවතනය කල අතර,හින්දු චාරිත්‍ර අනුව, කිසිම අඩු කුලයේ යයි සම්මත පුද්ගලයෙකුට හෝ බෞද්ධයෙකුට, එම කෝවිල තුලට ඇතුල් වීමට ඉඩ නොදෙන ලදී. දහස් ගනන් මෙම ස්ථානවලින් ප්‍රසිද්ධවූ ස්ථාන කිහිපයක් නම්, තිරුපති, උන්ඩවල්ලි, එල්ලෝරා, පූරි, බද්‍රනාත්, මතුරා, අයෝධ්‍යා, නාලන්දා, නාගර්ජුන කොන්ඩා, සහ කේරලයේ අති ප්‍රසිද්ධ සබ්‍රිමාලා කෝවිල වේ.

    අතුරු කතාවක් :- එදා සහ අද දේශපාලනඥයන් පූ* උඩ දමාගෙන වඳින හින්දු කෝවිල් සියල්ල, බෞද්ධ සිද්ධස්ථාන වේ ..

    ‘ආදි සංකර’ නම් හින්දු නායකයා, ‘නාගර්ජුන කොන්ඩාහී’ යක්ෂයෙක් මෙන් කටයුතු කර, බෞද්ධ සිද්ධස්ථාන අති විශාල සංඛ්‍යාවක් විනාශ කර ඇති බව ‘ලෝන්ගස්ට්’ නම් යුරෝපීය විද්වතා විසින් ඔහුගේ කැනීම් වලින් සොයාගන්නා ලදී.
    බ්‍රාහ්මණ ආගමට නොහැරෙන බෞද්ධයන්, ප්‍රසිද්ධියේම පන පිටින් පුච්චා දැමීමට මෙම ‘ආදි සංකර’ නම් හින්දු නායකයා කටයුතු කලේය. බෞද්ධයන් යයි අසුවූ සෑම පවුලකම අත දරුවන්, ඔවුන්ගේ මවුන් ඉදිරියේ කිඹුලන්ට විසි කල අතර, ගැහැනුන් දියේ ගිල්වා මරා දැමූහ. කේරළයේ ‘සුද්ධවනන්’ රජුගේ මස්සිනා කෙනෙකු වන ‘උජ්ජේන්’ බෞද්ධ බික්ෂූන්ගේ නාස් විද ගොනුන් ලෙස කරත්තවලට බැඳ වැඩගත් බව ප්‍රසිද්ධය. දහස් ගනන් නොව මිලියන ගනනක බෞද්ධයන් කේරළ ගං ඉවුරවල් වලදී දසවධ දී මරා දමන ලදී. මෙම අප්‍රකට අවධිය යුරෝපයේ කුරුස යුද්ධ වලට සමාන වූ අතර, ප්‍රසිද්ධියේම බෞද්ධයන්ට වධ දුන් ඝාතන ස්ථානය වන්නේ කේරලයේ ‘අලවි’ නම් ස්ථානයයි. ‘අලවි’ යන්නේ තේරුම විනාශයට අධිපති යයි සලකන,ශිව දෙවියන් දරන ත්‍රිශුලයයි.මේ ආකාරයටම, ටැමිල්නාඩුවේද ‘වයිග’ ගං ඉවුරේ, දහස් ගනන් බෞද්ධයන් මරා දමන්නට හින්දු ජාතික දරුණු මූලධර්මවාදියකු වන ‘සම්බන්තර්’ ක්‍රියා කලේය.

    අතුරු කතාවක් :- මෙසේ බෞද්ධයන් මරා දමා, ඔවුන් වන්දනාමාන කල පන්සල් කෝවිල් වූ බව නොදැන අපේ හරක් දැනගෙන මේවා වන්දනා කරන්න යනවාද , නොදැන හරක් මෙන් වන්දනා කරනවාද යන්න දන්නේ උන්ම පමණි.

  4. SUNIMAL says:

    සිරිපාලද සිල්වා ඉන්දියාවේ තිරුපති කෝවිලට ගොස් හිස බූ ගා බාරයක් වී තිබේ. මේ මිත්තියා දුස්ටිකයන් නිසා තමා අපේ බෞද්ද රටට වෙලා තිබෙන නස්පැත්තිය

  5. lion says:

    තිරුපති සරණං ගච්චාමි කියන නරුමයන් අපේ රටේ ඉන්න තුරු පාලකයන් හැසිරෙන්නේ බුදු දහමේ පදනමට නොගැලපෙන ලෙසයි.. රටටම ඛේදනීය ඉරණමක්..

Main News