පාලිත තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි.. ලිපිය අගමැතිට යවයි..

March 22, 2018 at 8:40 am | lanka C news
පාලිත තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි.. ලිපිය අගමැතිට යවයි..

එක්සත් ජාතික පක්‍ෂයේ බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙන් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ඉල්ලා අස්වී ඇත.

පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යැවූ බව ඒ මහතා සදහන් කරයි.

ගිය පළාත් පාලන මැතිවරණයෙන් බුලත්සිංහල හා මදුරාවල ප‍්‍රදේශීය සභාවන් පරාජයට පත් වීම හා තමනට බුලත්සිංහල පොලීසියේ පැමිණිල්ලක් දැමීමට පැය තුනක පමණ කාලයක් බලා සිටීමට සිදුවීමෙන් මෙම තීරණය ගත් බවට ඒ මහතා පවසයි.

සංවිධායක ධුරයෙන් ඉවත් වුවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කිරීම සදහා කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

13,423 Viewers
Main News