පාසලක ඹඹර වද ඇවිස්සී සිසුන් සහ ගුරුවරුන් 43 දෙනෙකු රෝහලේ…

July 23, 2018 at 8:02 am | lanka C news
පාසලක ඹඹර වද ඇවිස්සී සිසුන් සහ ගුරුවරුන් 43 දෙනෙකු රෝහලේ…

මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද ජාතික පාසලේ බැඳ තිබූ ඹඹර වද කිහිපයක් ඇවිස්සී සිසුන් හා ගුරුවරුන් ඹඹර ප්‍රහාරයන්ට ලක්වී ඇති අතර එහිදී සිසුන් 42 ක් හා ගුරුවරයෙකු මුලතිව් මහරෝහලට ඇතුලත් කොට ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය කියා සිටියේය.

විද්‍යානන්ද පාසලේ ගොඩනැගිල්ලක හා පාසල අවට ගස් කිහිපයක අදාල ඹඹර වද බැඳ ඇති අතර පසුගිය 20 වනදා පැවති අධික සුලං තත්වයන් හේතුවෙන් ඹඹර වද කැඩී යාම හේතුවෙන් පාසලේ සිසුන්ට දෂ්ට කොට ඇත.

ඹඹර ප්‍රහාරයන්ට ලක්වීමෙන් සිසුන් 32 දෙනෙකු රෝහල්ගත කොට ඇති අතර තවත් 09 දෙනෙකු හා ගුරවරයෙකු ඹඹර ප්‍රහාරයන්ට බිය වී දිවයන අතරතුර වැටීමෙන් තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතරම තවත් එක් සිසුවෙකු සිහි මුර්ජා වීම හේතුවෙන් මුලතිව් රෝහලට ඇතුලත් කොට ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය කියා සිටියේය.

කෙසේ වෙතත් ඹඹර ප්‍රහාරයට ලක්වීමත් සමගම පාසල තාවකාලිකව එදිනට වසා දැමීමට පාසලේ විදුහල්පති වරයා විසින් පියවර ගත අතර වනජීවි නිලධාරීන් හා පොලීසිය එක්ව අදාල ඹඹර වද ඉවත් කිරීමටද විදුහල්පති විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,225 Viewers

One Comment to “පාසලක ඹඹර වද ඇවිස්සී සිසුන් සහ ගුරුවරුන් 43 දෙනෙකු රෝහලේ…”

  1. Weren’t there a principal and staff of teachers and minor staff members at least who could see that there was a bambarawadays?

Main News