පාසල් පවිත‍්‍ර කිරිම ඇරඹේ.. බස්නාහිර පළාතේ රාජ්‍ය ආයතන 58 ක් පරික්ෂාවට..

July 29, 2017 at 2:05 am | lanka C news
පාසල් පවිත‍්‍ර කිරිම ඇරඹේ.. බස්නාහිර පළාතේ රාජ්‍ය ආයතන 58 ක් පරික්ෂාවට..

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය ව්සින් 27 දින සිට 03 ක් දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිත පාසල් සහ රාජ්‍ය ආයතන පිරිසිදු කිරීමෙි වැඩපිළිවෙලට සමගාමීව ඊයේ 27 දින බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ආරම්භ ව්ය. එහිදී පරිශ්‍ර පරීක්ෂා කිරිම සදහා කණ්ඩායම් 1200 ක් පත්කර තිබුනි.

27 දිනය තුල බස්නාහිර පළාතේ පරිශ්‍ර 35,720 ක් පරීක්ෂාවට ලක් කර මදුරු කීටයින් සහිත පරීශ්‍ර 481 ක් සොයා ගන්නා ලදි. පරිශ්‍ර 4827 ක් නිවැරදි කිරීමටත්, 1058 නොතීසි සහ 330 කට නඩු පැවැරීමට ද කටයුතු කරන ලදි.

තව ද රාජ්‍ය ආයතන 58 ක් ඊයේ දිනය තුල පරීක්ෂාවට ලක්ව ඇති අතර, ඉන් ඩෙංගු මදුරු කීටයින් සහිත පරිශ්‍ර 07 ක් සොයා ගැනීමට හැකිව ඇත. ආයතන 15 කට නිවේදන නිකුත් කරන ලද අතර, පෞද්ගලික ආයතන 08 ක සහ කර්මාන්ත ශාලා පරිශ්‍ර 08 ක ද ඩෙංගු මදුරු කීටයින් හමුව ඇත.

දැනට ඩෙංගු අවධානම සහිත පළාත් 05 කි. බස්නාහිර, මධ්‍යම, වයඹ, සබරගමුව සහ දකුණ එම පළාත් වෙයි. ඇතැම් පළාත්වල ඩෙංගු රෝගීන් අඩුවීමෙි ප්‍රවණතාවයක් දක්නට ලැඛෙන අතර, තවත් ප්‍රදේශ කිහිපයකින් අලුතින් ඩෙංගු මදුරු කීටයින් සහ රෝගීන් වාර්තා වී ඇත. පුත්තලම, මාතලේ, උකුවෙල, බදුල්ල සහ හාලි ඇල එම ප්‍රදේශ වෙයි. රෝගීන් වැඩිවීම පාලනය කළ යුතු අතර, මරණ සංඛ්‍යාව අවම කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි. දිවයිනේ ඇතැම් රෝහල්වල ඩෙංගු අධි සත්කාර ඒකක ද ස්ථාපිත කර තිබෙි. ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා අවශ්‍ය මානව සම්පත සහ උපකරණ සියල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙි වනවට ලබා දී ඇත.

28 දින සියළුම පාසල් පිරිසිදු කිරීමෙි වැඩපිළිවෙළක් ද ක්‍රීයාත්මකය. තව ද අගෝස්තු නිවාඩු මාසයේ ද සතියකට වරක් පාසල් පද්ධතිය පිරිසිදු කිරීමට සැළසුම් සකස් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත බෙිරුවල ආසනයේ සියළුම පාසල් 28 දින පිරිසිදු කිරීමෙි වැඩපිළිවෙලට දායක ව්ය. එහි සමාරම්භය බෙිරුවල ආරියවංශ මහා ව්ද්‍යාලයේ දී බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු ව්ය. පාසල් අවට කිලෝමීටරයක වපසරයකින් යුත් ප්‍රදේශයක් මෙහිදී පරික්ෂා කරනු ලබයි. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේානාරත්න මහත්මිය. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්, වෘත්තීය සමිති නායකයින් එක්ව සිටියහ.

මෙි අතර ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය සදහන් කරන්නේ අද දිනය වනව්ට ඩෙංගු රෝගීන් එක්ලක්ෂ 10,372 ක් වාර්තා වී ඇති බවයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 301 කි. ජුලි මස දෙවන සතිය තුළ දී ඩෙංගු රෝගීන් 8704 ක් දිවයින පුරා වාර්තා ව්ය. නමුත් 03 වන සතිය වනව්ට හමු වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 6097 කි. ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය සදහන් කරන්නේ සිව්වන සතිය අවසන් වන ව්ට තවත් රෝගීන් අඩුව්ය හැකි බවයි.

– ප‍්‍රසන්න අධිකාරී

523 Viewers
Main News