පාසල් මිදුලේ බෝම්බයක්.. දරුවන් බයබීත වෙති.. පිපිරුනානම් විනාශයි..

October 10, 2017 at 4:50 pm | lanka C news
පාසල් මිදුලේ බෝම්බයක්.. දරුවන් බයබීත වෙති.. පිපිරුනානම් විනාශයි..

වවුනියාව උතුර අධ්‍යාපන කලාපයට අයත් නෙඩුන්කේනි මහා විද්‍යාල භූමියේ ඉදිරිපස මිදුලෙහි යුද සමයේදී වලදමා තිබූ අධිබලැති බිම් බෝම්බයක් ඊයේ(09) දහවල් සොයාගත් බව වවුනියාව නෙඩුන්කේනි පොලිසිය පැවැසීය.

නෙඩුන්කේනි පොලිසිය පැවසූවේ විද්‍යාලයේ ඉදිකිරීම් කටයුත්තක් වෙනුවෙන් පොළව හාරන අවස්ථාවේදී පාසලේ දරුවන්  බෝම්බය දැක ඇති අතර අනතුරුව පාසල් දරුවන් කල්පනාකාරීව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති විසින් පොලීසිය දැනුවත් කළ බවටයි.

බෝම්බය දැකීමෙන් පසු විදුහල්පතිවරයා විසින් වහාම දරුවන් අදාළ ස්ථානයෙන් ඉවත් කොට පසුව පොලිස් නිලධාරීන් දැනුවත් කොට ඇති අතර මීට පෙර මෙම ස්ථානයේ පාසල් දරුවන් දහස් වතාවක් එම ස්ථානයෙන් ගමන් කල අතර එම අවස්ථාවකදී බිම් බොම්බය පුපුරා ගියෙනම් මහ විනාශයක් වීමට ඉඩ තිබූ බවටද ප්‍රදේශවාසින් කියා සිටියහ.

පසුව අදාල බිම්බොම්බය සම්බන්ධයෙන් වවුනියාව අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය විසින් අද(10) දිනයේ විද්‍යාලයෙන් දරුවන් ඉවත් කොට බෝම්බය ගොඩ ගෙන විනාශ කිරීමටද පියවර ගෙන ඇති බවට නෙඩුන්කේනි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,052 Viewers

One Comment to “පාසල් මිදුලේ බෝම්බයක්.. දරුවන් බයබීත වෙති.. පිපිරුනානම් විනාශයි..”

  1. fass says:

    Ahinsaka LTTE ewun Sahajeewanayata karapu ahinsaka wada thamai me…ko ban ara UN eke gobba Sabhapathiya

Leave a Comment

Main News