පාසැල් සිසුන්ට කොණ්ඩ කපන්න චක‍්‍රලේඛයක්…

September 9, 2018 at 12:40 pm | lanka C news
පාසැල් සිසුන්ට කොණ්ඩ කපන්න චක‍්‍රලේඛයක්…

උතුරු පළාතේ මත්ද්‍රව්‍ය වැටලීම් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන අය පිළිබඳව වැටලීම් කිරීමට පොලීසියට හෝ ත‍්‍රිවිධ හමුදාවට තනියම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා ප‍්‍රදේශයේ ස්වෙච්ඡුා හා සමාජ සේවා සංවිධාන, ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා දෙමාපියන්ගේ පූර්ණ දායකත්වය ලබා දිය යුතුයි. එසේ කිරීමෙන් පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගත හැකි යැයි උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු රෙජිනෝල්ඞ් කුරේ මහතා පසුගියදා යාපනය ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවසීය.

යාපනය දිස්ත‍්‍රික්කයේ අපොස (උ/පෙළ) පන්ති පවත්වන පාසල් වල විදුහල්පතිවරුන් කැඳවා කරන ලද සාකච්ඡුාවේදී ආණ්ඩුකාරවරයා එසේ පැවසූ අතර වැඩිදුරටත් ඒ මහතා මෙසේ කීය.

තරුණ ළමයි විශේෂයෙන්ම පාසල් වල උසස් පෙළ පන්තිවල සිටින තරුණයෝ මත්ද්‍රව්‍ය භාවිතයට ලේසියෙන්ම හා පහසුවෙන්ම ගොදුරුවන නිසා මෙම දරුවන්ව එම ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා කිසියම් වැඩපිළිවෙළක් ආරම්භ කල යුතු නිසායි මා ඔබව අද කැඳව්වේ. පසුගිය දිනක පොලිස් නිලධාරීන්ව මා කැඳවූ අවස්ථාවේ ඔවුන් පැවසූවේ ඔවුන්ට පමණක් තනියම මෙය කල නොහැකි බවත් දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ දායකත්වය ඒ සඳහා ලබා දිය යුතු බවයි. ඔබට දැන් මේ අවස්ථාවේ කියන්න පුළුවන් පාසලේදී දරුවන්ගේ හැසිරීම් රටාව පිළිබඳව. අපි පත්තර බැලූවත් ප‍්‍රවෘත්ති ඇහැව්වත් අහන්න ලැබෙන්නේ පාසල් වල සිදුවන සමාජ විරෝධී, විනය විරෝධී වැඩ පිළිබඳවයි. ඒ නිසා අනිවාර්්‍යයෙන්ම පාසල් දරුවන් මෙයින් මුදවා ගත යුතුමයි. ඒ සඳහා ඔබේ මගපෙන්වීම දෙමාපියන්ගේ සහභාගිත්වය අවශ්‍යයි. මුළු පාසල් පද්ධතියම අවාරණය වන පරිදි වැඩපිළිවෙළක් සකස් කල යුතුයි. ඒ සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් නායකත්වය ගත යුතුයි.

උතුරු පළාතේ වෙරළ තීරයේ පාසල් වලට මෙහිදී විශේෂ වැඩපිළිවෙලක් සකස් කල යුතුම වෙනවා. 80% පාසලට නොපැමිණි දරුවන්ට විභාග වලට පෙනී සිටීමට නොහැකි වන සේ කටයුතු කරන්න එපා. ඒ නිසා ඔවුන් තවත් කළකිරීම් හා වේදනාකාරී තත්වයන් ඇති වෙනවා. එවැනි තහංචි හා බලපෑම් නොකර එම දරුවන්ගේ දෙමාපියන් විදුහලට කැඳවා ඔවුන්ට අවවාද කර දරුවන් යහමගට ගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න. ඒ සඳහා දෙමාපියන්ට බලපෑම් කරන්න.

උතුරු පළාත් අධ්‍යාපන ඇමතිතුමා පාසල් ළමුන්ගේ කොණ්ඩය කැපිය යුතු ආකාරය පිළිබඳව චක‍්‍රලේඛයක් යවලා තියෙනවා. ඒක හොඳ අදහසක්. නැත්නම් පාසල් ළමුන් බහුබූත විකාර රූපී කොණ්ඩ සැරසිලි වලින් පාසලට යන එක වළක්වන්න එවැනි චක‍්‍රලේඛයක් යැවීම වැදගත්. අපි පොඩි කාලේ කොණ්ඩ වවාගෙන පාසලට ගියොත් පන්තිභාර ගුරුවරයා තමයි කතුරක් අරගෙන අපේ කොණ්ඩය කපන්නේ. අද එවැනි ගුරු දෙවිවරු නැති නිසා කොණ්ඩය කපන ආකාරය කියා දෙන්නත් චක‍්‍රලේඛ යවන්න සිදුවෙලා යැයි ආණ්ඩුකාරතුමා වැඩිදුරටත් පැවසූ අතර අද අධ්‍යාපන ක‍්‍රමය අනුව දරුවකු පළමු ශ්‍රේණියෙන් පාසලට ඇතුල් කලාම 11 ශ්‍රේණියෙන් එළියට එනවා. අපි පාසල් යන කාලේ එහෙම තිබුනේ නැහැ. දුර්වල ළමයි හැම පන්තියකදීම අසමත් කලා. දැන් මේ තත්වය නැහැ. එකට ඇතුල් කලාම එකොළහෙන් එළියට එන ක‍්‍රමයක් තියෙන්නේ. ගුරුවරුන්ටත් එහෙමයි. ගුරු පුහුණු, වැඩමුළු අවම වෙලා තිබෙන්නේ. ඉබේම සේවා කාලය අනුව උසස්වීම් ලැබෙන ක‍්‍රමයක් දැන් තිබෙන්නේ. ගුරු ඇගයීම් හා වෙනත් ඇගයීම් ක‍්‍රම අඩු වෙලා. දරුවන්ගේ උපදේශනයට පත් කරන ගුරුවරුන්ට මනා පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව ඒ සඳහා යොදා ගන්න. පාසලේ උගන්වන ගුරුවරුන් ඒ සඳහා යොදා ගන්න එපා. මේ නිසා පාසලේ අධ්‍යාපනය හා ගුරු අධ්‍යාපනය දියුණු කිරීමට විශේෂ වූ වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍ය යැයිද ආණ්ඩුකාරවරයා අවසාන වශයෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ විදුහල්පතිවරුන් මෙසේ පැවසීය.

පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතා කරලා පොලිසීයට අල්ලා දුන්නහම දෙමාපියන් අපිට බලපෑම් කරනවා. ඇතැම් දෙමාපියන් අවුරුදු 10 – 12 පාසල් ළමුන් පාසලට එවන්නේ නැතුව කසිප්පු විකුණන්න යොදා ගන්නවා. ඒක මහ ශෝචනීය තත්වයක්. ඇතැම් පාසල් හැරගිය ශිෂ්‍යයින් බස් නැවතුම් පලවල් ලඟ ඉදගෙන මත්ද්‍රව්‍ය විකුණනවා. ඔවුන් වර්තමාන ශිෂ්‍යන්ට උපදෙස් දෙන්නේ මුදල් හම්බ කරන්න පුළුවන් ලේසිම ක‍්‍රමය මත්ද්‍රව්‍ය විකිණීම බවයි. ඇතැම් ශිෂ්‍යන් ගුරුවරුන්ට පවසනවා ගුරුවරුන්ගේ මාසේ පඩියට වඩා වැඩි මුදලක් මත්ද්‍රව්‍ය විකුණා හම්බ කරන්න පුළුවන් කියා. ඒක තමයි අද පවතින සත්‍ය තත්වය. පාසල් ආශ‍්‍රිත පාළු ගෙවල් වල හා කැළෑ ඉඩම් වල මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් නිතර ගැවසෙනවා. මේ තත්වය නැති කරන්න අපිට පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය අවශ්‍යයි. විභාගවලට 80% නොපැමිණි දරුවන්ට විභාග වලට නොලියන්න ඉඩ නොදුන්නාම දෙමාපියන් තර්ජනය කර අපිට බලපෑම් කරනවා. මේ නිසා යහපත් වැඩපිළිවෙළකට අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවට මෙම විදුහල්පතුවරුන් මෙහිදී පැවසීය.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

11,880 Viewers

2 Comments to “පාසැල් සිසුන්ට කොණ්ඩ කපන්න චක‍්‍රලේඛයක්…”

  1. sunimal says:

    උතුරු පළාතේ මත්ද්‍රව්‍ය භාවිතය පුරුදුකලේ මිනීමරු පිරපාකරන් සයනයිට් කරල සමග කේරලා ගංජා මිටියක් සැමදෙනාටම ලබා දුන්නා

  2. LION says:

    උතුරේ පාසල්වල ළමයි ගේ කොන්ඩේ කපා විකුණා මහා ඇමති මුදල් ලබා ගන්න යන්නේ රජයෙන් මෙයට බදු අය කල යුතුය.

Main News