‘පැයක් දෙන්නම් ගහල පලයල්ලා.. පොලීසිය මහනුවර කැරලිකරුවන්ට කියලා..’- කැබිනට් ඇමතිගෙන් ප‍්‍රබල චෝදනාවක්..

March 13, 2018 at 10:03 am | lanka C news
‘පැයක් දෙන්නම් ගහල පලයල්ලා.. පොලීසිය මහනුවර කැරලිකරුවන්ට කියලා..’- කැබිනට් ඇමතිගෙන් ප‍්‍රබල චෝදනාවක්..

‘උඹලට පැයක් දෙන්නම් ගහල පලයල්ල’ යයි පොලීසිය මහනුවරදී කැරලිකරුවන්ට ඉඩ දී ඇති බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා සදහන් කරයි.

ඇතිවූ කලහකාරී සිදුවීම ගැන මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්චාවකදී ඇමතිවරයා මේ බව කීය.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ ප‍්‍රදේවාසී පන්නා දැමූ බවත් ඉන් පසු පහර දීම සදහා කැරලිකාරයන්ට අවස්ථාව සලසා දුන් බවත් එම ප‍්‍රදේශයන්හි ජනතාව පවසන බව ඇමතිවරයා එහිදී සදහන් කලේය.

‘සමහර ප‍්‍රදේශවලදී මට කිවුවා පොලීසිය කියල තිබුණ උඹලට පැයක් දෙන්නම් ගහල පලයල්ල කියල’ යයිද ඇමතිවරයා පැවසීය.

31,150 Viewers

8 Comments to “‘පැයක් දෙන්නම් ගහල පලයල්ලා.. පොලීසිය මහනුවර කැරලිකරුවන්ට කියලා..’- කැබිනට් ඇමතිගෙන් ප‍්‍රබල චෝදනාවක්..”

  1. Buddy says:

    මේවත් ජාතිවාදී අසත්‍ය ප්‍රචාර. ඇමැතිතුමාත්, ඔහුට මේවා කියූ පුත්ගලයනුත් අත අඩංගුවට ගනු…

    • Amda says:

      දැන් මේවා සන්හිදියාවට බාධා වෙන ප්‍රකාශ නෙවෙයිද හිටං ?
      මේ වගේ උන් අත් අඩන්ගුවට ගන්නෙ නැද්ද?
      ෆේස්බුක් එකේ සින්හල එකෙක් පෝස්ට් දැම්මොත් විතරද අත් අඩන්ගුවට ගන්නේ?

  2. Poramola says:

    Very serious allegation
    Hold an impartial inquiry over this statement

  3. සිරිබිරිස් says:

    දැන් මේවා ජනවර්ග අතර අවිශ්වාසය ඇති කරන, සාමය සංහිඳියාව නැති කරන, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන බොරු සමාජගත කිරීම් ගණයට වැටෙන් නැද්ද?

  4. තුෂාර says:

    මේයින් පෙනීයන්නේ ජාතිවාදී ප්‍රචණ්ඩත්වය ඇති කලේ පොලිසියයි. සිරගත කල සියලු දෙනා නිදහස් කරන්න. ඔවුන් වෙනුවෙන් හඩක් නගන්න…

  5. MAJ says:

    හිතවත් ලංකා සී නිවුස් මේ වගේ නිවුස් ඔබගේ වෙබ් එකේ දාන්න එපා කියා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි! – මේ වැනි පල කීරීම් ද අන්තවාදීන්ට උපකාරයක් වේ යැයි සිතමි.

  6. mahinda says:

    lankawe thawamath mas waddan jeewath wena bawa lokayatama prasiddawee hamarayi. pita rata sitina apita lajjawe baha. hora mineemaru jkahakadayanta danya denna epa. mewani mineemaruwan budu puthrayan wanne keseda?

Main News