පැය ගණනකට වැඩි කල ඉන්ධන මිලට ගෙවූ මුදල් ආපසු ඉල්ලයි..

July 8, 2018 at 4:40 pm | lanka C news
පැය ගණනකට වැඩි කල ඉන්ධන මිලට ගෙවූ මුදල් ආපසු ඉල්ලයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව.

2018/07/05 දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර අතර ඒ අනුව මෙරට ඉන්ධන පාරිභෝගිකයින්ට 2018/07/06 දින ඉන්ධන මිලදී ගැනීමට සිදුවූයේ මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මිල ගණන් අනුවය.

එහෙත් 2018/07/06 දින දහවල් වන විට ඛණිජ තෙල් අමාත්‍යවරයා විසින් ඉන්ධන හල් සදහා උපදෙස් ලබා දී තිබුනේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහල දැමීම සදහා උපදෙස් ලබා දී නොමැති නිසා ඉන්ධන මිල ඉහළ නොදමන ලෙසය.

අමාත්‍යංශ දෙකක මෙම කඔ ඇදිල්ල නිසා අසරණ වූයේ මෙරට පාරිභෝගිකයින් බව අප සංවධානය ඔබ තුමා වෙත අවධාරණය කර සිටින අතර 2018/07/06 දහවල් වන විටත් වැඩි මිලට ඉන්ධන මිලදී ගැනීමට මෙරට පාරිභෝගිකයින්ට සිදුවූ බව දන්වමි.

ඒ සිදුවීම පිළිබදව සළකා බලා මෙරට ප්‍රමුඛම පාරිභෝගික සංවිධානය වන අප සංවිධානය පහත යෝජනා ඔබතුමා වෙත ඉදිරිපත් කරන අතර අප රටේ යහපාලනයක් ස්ථාපිත කිරීම සදහා වෙහෙසන ඔබතුමා ඒ පිළිබදව අවධානය යොමු කරනු ඇතැයි අප සංවිධානය බලා පොරොත්තුවෙමු.

  1. 2018/07/05 දින මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ඉන්ධන මිල ඉහළ දැමීම සදහා වන නිවේදනය අනීතික වන බැවින් 2018/7/06 දින වැඩි මිලට ඉන්ධන මිලදී ගත් පාරිභෝගිකයින්හට නැවත එම පාරිභෝගිකයින් ගෙවූ වැඩි පුර මුදල යළිත් ලබා දීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස.
  2. අප රටේ ඉන්ධන ආශ්‍රිත සේවාවන් වලින් පාරිභෝගිකයා විශාල වශයෙන් පීඩාවට පත්වුවත් ඒ පිළිබදව පැමිණිලි කිරීම සදහා කිසිදු ස්වාධින නියාමන ආයතනයක් ස්ථාපිත කර නොමැති නිසා ඉන්ධන ආශ්‍රිත සේවාවන් නියාමනය කිරීම සදහා 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත පැවරීම සදහා නීති සකසන ලෙස.
  1. ඉන්ධන ජන ජීවිතය සදහා අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන නිසා එම භාණ්ඩය 2009 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 18 (1) වගන්තිය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කොට මිල පාලනය කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත බලය ලබා දෙන ලෙසය.
  1. ඛණිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරිවුම් හල් වල හා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරිවුම් හල් වලින් අලෙවි කරන්නේ එකම නිෂ්පාදනයන් වන නමුත් එම පිරවුම්හල් එම නිෂ්පාදන අලෙවි කරන මිල ගණන් එකි නෙකින් වෙනස්ය. එසේ කිරීම නිසා පාරිභෝගිකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් ඉතා ඉක්මනින් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරිවුම් හල්වලට ඛණිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරිවුම් හල් වල ඉන්ධන අලෙවි කරනු ලබන මිල ගණන් වලටම ඉන්ධන අලෙවි කිරීමට නියෝග කරන ලෙස.

 රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

9,192 Viewers

2 Comments to “පැය ගණනකට වැඩි කල ඉන්ධන මිලට ගෙවූ මුදල් ආපසු ඉල්ලයි..”

  1. Niru says:

    This is the stupidest government in the world. No other government has harassed people like this before.

    • නාගසිංහ says:

      This is what 62 lakhs deserve and they still want more!
      They are getting what they wanted.

Leave a Comment

Main News