පැරදුනත් එජාපය-ශ‍්‍රීලනිප හවුල් වී බලෙන් ගමේ ආණ්ඩු පිහිටුවන්න සූදානම්.. පොහොට්ටුවට ඉඩ නොදෙයි..

February 12, 2018 at 2:10 pm | lanka C news
පැරදුනත් එජාපය-ශ‍්‍රීලනිප හවුල් වී බලෙන් ගමේ ආණ්ඩු පිහිටුවන්න සූදානම්.. පොහොට්ටුවට ඉඩ නොදෙයි..

පළාත් පාලන මැතිවරණයෙන් පරාජය ලබා ඇති එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව රට පුරා පළාත් පාලන ආයතනයන් විශාල ප‍්‍රමාණයක හවුල් ආණ්ඩු පිහිටුවීමට තීරණය කර තීරණය කර ඇති බවට ආන්ඩු හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට පැහැදිලි බහුතරයක් නොමැති සභාවන්හි බලය එසේ පිහිටුවීමට සාකච්චා සිදුවෙමින් බවද සදහන්ය.

කෙසේ වෙතත් මැතිවරණයට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් කියා සිටියේ කිසිසේත්ම එජාපය සමග පළාත් පාලන ආයතනවලදී එක්ව ආණ්ඩු කරන්නේ නැති බවත් එක්වන්නේ පොදුජන පෙරමුණ සමග පමණක් බවත්ය.

48,723 Viewers

14 Comments to “පැරදුනත් එජාපය-ශ‍්‍රීලනිප හවුල් වී බලෙන් ගමේ ආණ්ඩු පිහිටුවන්න සූදානම්.. පොහොට්ටුවට ඉඩ නොදෙයි..”

  1. Rohitha says:

    eka slpp yata issarahata hondai. horikada paksa deka ekata thiyala thalanta puluwan labana parlimentu saha janadhipathi tharangawaladi. jvp karaintanam yanaena man naethiwa inne.

    • Amda says:

      බලු පූට්ටුව හරියන්නෙ නෑ ආයිමත්…

    • ජනතාව says:

      උපුටා ගැනීමකි

      මං ඉස්කෝලේ යන කාලේ එක පාරක් හැම විෂයටම වගේ වැඩි ලකුණු අරගෙන පංතියේ පළවෙනියා වුනා. රිපෝර්ට් එකත් අරන් එනකොට පන්තියේ දෙවෙනියි, තුන්වෙනියයි, හතර වෙනියයි මගේ ලගට ඇවිල්ල කිවුවා “අපි තුන් දෙනාගේම ලකුණු එකතු කරාම ඔයාට වඩා වැඩියි, ඒ නිසා ඔයා පළවෙනියා වුනාට ඔයා පරාදයි” කියලා. මං හිනා වෙලා ගෙදර ආවා……..

  2. ජනක says:

    එජාපය හා ශ්‍රීලනිපය හවුලේ ගම බෙදාගෙන කෑම ඉතාම හොඳයි එවිට ස්රිලනිපයක් ඉතුරු වන්නේ නෑ මුන් දෙගොල්ල එක් වූ තරමට දෙගොල්ලම එකතුවී රට කන තරමට පොහොට්ටුවට ජනතා ප්‍රසාදය ලැබෙනවා .මුන් මොනවා කලත් තියෙන්නේ තව අවුරුදු දෙකයි ඔය අවුරුදු දෙකට උන් පහලට යනවා මිසක් නැගීමක් නෑ. සිරිසේන මරු විකල්ලෙන් ගන්න තීරණ ඕවා .සිරිසේන හිතාගෙන ඉන්නේ මහින්දව හිරේ දාලා සදාකාලිකවම බලයේ ඉන්න .මිනිහගේ ලෝකේ තනිකර කරකවෙන්නේ භීතිය මුල් කරගෙන මිනිහා හැම තීරණයක්ම ගන්නේ භීතිය මතයි .එනිසා මිනිහා ගන්න තීරණ වලින් මිනිහා අඩියෙන් අඩිය අපායටම යනවා .
    ගම කන්න unp ශ්‍රී ලංකා හවුලට ඉඩ දෙන්න ඔය ශ්‍රීලනිප කියන මිනිපෙට්ටියේ අන්තිම අනයත් ගසන්න පඹයාට ඉඩ දෙන්න

    • Gorakaya says:

      Hariyatama hari. Eth Chandra results balapuwama penawa rata adaare minissu hari adui mechara winasayak mun karalath unta chande denna ewun wishala pirisak innawa

  3. ajita de costageneral strike says:

    rawath hodai kicha welama yanna

  4. රාහුල මල්ලී says:

    බණ්ඩාරනායක මහත්තයගේ අවමගුල් උත්සවය රූප ගත කලේ ඒ කාලේ තිබුන රඡයේ චිත්‍රපට අංශයෙන්.. එම චිත්‍රපටියට දාලා තිබුන නම තමයි ගමනක අවසානය….මුහුණත් එක්ක තියෙන තරහවට නහය කපා ගන්නවා වගේ තීරණ ඡනපති ගත්තොත් වැඩිකල් යන්න මත්තෙන් ශ්‍රීලනිපයේ ගමනක අවසානය බලන්න ඡනතාවට පුළුවන්….

  5. Gayantha says:

    Dan janamathaya haidila iwarai mahinda mahaththayata. Chanda padanamak naithi slfp, upfa witharak nemai jeppoth dagena ona rkak hu np unta karanna kiyanna. Waidima wunoth awuruddai aniwa palath saba saha maha chanda hodagena mahinda mahaththayata laibenne.

  6. ExUNPer says:

    රට බල්ලට ගියත් මොකද? ඔන්න ඔහොම පැලැස්තර අලව අලව, ෂෝර්ට් කට් හොය හොය, මොන විදිහෙන් හරි බලයෙ ඉන්න විදිහක් හොයපල්ල.

    මැට්ටනේ මේ වගේ කැත විදිහට පරදින්න හේතුව හොයපල්ලා!

  7. sa says:

    ඒ තැන්වල උන් මුන්ට එකතුවෙලා ගම කන්න දෙමු. අපි විවේචනය කරමින් වැරදි හදමු. අනිත් අපේ තැන්වල ඉතාමත් හොඳට ගමට වැඩ කරමු.ඊලඟ ඉලෙක්සන් එක එනවිට උන් මුන්ට තිබුන චන්ද ටිකත් නැති වෙයි.

  8. Aurora says:

    “ගම කන්නට අපි යාලුයි” නවතම නාඩගම.

  9. ගමයා says:

    වහපාලනය ඉල්ල්න් කන්න වගෙ හදන්නේ. වහාම බහුතර ජන මතයට ඉඩදෙනු

  10. kadiya says:

    “ගම කන්නට අපි යාලුයි” නවතම නාඩගම. හැබැයි මේක හවායි නරියයි ලබු කිරිබත් කාපු කථාවේ නූතන පරිචේදය. UNP නරියාගේ පොල්මුඩ්ඩ අදින එක තමයි ශ්‍රී ලංකා හාවට තියෙන්නේ. ඊට පස්සේ නාන්න පුළුවන්.

  11. kadiya says:

    ඕන්න එකමත් එක රටක හිරිකිත කියල ගමක් තිබුණ. මේ හිරිකොතේ අලි කපටි නරියෙක් වාසය කළා. මේ හිරිකොතට කිට්ටුව තිබුන සරුසාර ඉඩමක්.
    පහුගිය අව්රුදු තුනක්ම මේ ඉඩම අතෑරලා දාල තමයි තිබුනේ. ඔය ඉඩමේ සරුසාරේට ලබු වැලක් වැවෙන්න ගත්ත. ඔය දවස්වල රටේ ගම් අතරේ තිබුණ තරඟයකින් පැරදිලා නන්නත්තාර වෙලා යන හාවෙක් හිරිකොත ළඟ වැට මායිමේ හතරගාතේ දාල ඉන්නවා දැකපු නරිය ඉස්සෙල්ලම හිතුව මූව කාල දාන්න. ඊට පස්සේ හිතුව මුගේ ඇඟේ මස් කලඳක්වත් නැති එකේ ටික දවසක් ඔහේ ඉන්න දීල මහත්වුණාම කාල දානවා කියල. ඉතිං හාවට ටෝකක් දාල බැලුවා, වැඩේ පොසිටිව්. ඉතින් හාවටත් හිරිකොතේම ලැගල ඉන්න නරිය ඉඩදුන්නා. යනඑන මං නැතිව හිටිය හාවටත් මේක හරිම ඉහලයි. හාවා මස්දලා එනවා, ඔය අස්සේ අල්ලපු වත්තේ ලබු වැලත් ලොකු වෙනවා. ඉතිං හිරිකොතට පේන්න ෂෝක් ලබු ගෙඩියක් හොඳට හැදිලා ආව. ඉතිං නරිය හාවට කිව්වා මචෝ අපි මේ ලබු ගෙඩියෙන් ලබු කිරිබත් උයමු කියල. ඉතිං හාව ලබු කිරිබත් උයන කම් නරිය වටපිට මුරකරන්නම් කියල ලබු කිරිබත් උයන එකෙන් ඇඟ බේරාගෙන මාරුවෙලා හිටිය. හාවත් ලබු ගෙඩිය හොරෙන් කඩාගෙන ඇවිත් ලබු කිරිබත ඉව්ව. වෙලාවට ආපු නරියා කිරිබත් කන්න වොෂ් එකක් දාගෙන එන්න කියල හාවව බාත්රුම් එකට යවල ලබු කිරිබත එහෙමම කාල දැම්ම. බඩට ඔරොත්තු නොදෙන නිසාත් බාත්රුම් එකේ හාව ඉන්න නිසාත් නරිය පස්ස පැත්තට පොල්මුඩ්ඩක් ගහගෙන බලන්හිටිය. ඊට පස්සේ…….. හාව නෑව ……..ටිකදවසකට පස්සේ නරිය හාවව කෑවා.

Main News