පැල්පතක තිබී කාන්තා මළ සිරුරක් හමු වෙයි…

January 7, 2018 at 2:11 am | lanka C news
පැල්පතක තිබී කාන්තා මළ සිරුරක් හමු වෙයි…

මුලතිව් කොලොන්නගර් ප්‍රදේශයේ පැල්පත් නිවසක තිබී කාන්තාවකගේ මළ සිරුරක් මුලතිව් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මෙසේ මියගිය කාන්තාව 37 හැවිරිදි තමිල්චෙල්වම් ඥානේස්වරී  බවට හදුනාගෙන ඇති අතර ඇය මිය යාමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මුලතිව් පොලීසිය මේ පිළිබදව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේන් පසුව මළ සිරුර මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පවත්වන ලෙස මුලතිව් අධිකරණය විසින් පොලීසියට නියෝග කොට තිබෙන අතර වැඩිදුර පරික්ෂණ කටයු මුලතිව් පොලීසිය විසින් පවත්වයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,031 Viewers

Leave a Comment

Main News