පිටිදුවේ සිරිධම්ම අදබාලයෙක්.. පෘථග්ජනයෙක්.. නියම බුද්ධාගම මා ලගයි.. එදා දොළුකන්ද හිමියන්ටත් ගැහුවා.. අද මට ගහනවා..- මහමෙවුනා අධිපතිගෙන් ආශ‍්‍රමයට ප‍්‍රහාර..

September 18, 2018 at 10:00 am | lanka C news
පිටිදුවේ සිරිධම්ම අදබාලයෙක්.. පෘථග්ජනයෙක්.. නියම බුද්ධාගම මා ලගයි.. එදා දොළුකන්ද හිමියන්ටත් ගැහුවා.. අද මට ගහනවා..- මහමෙවුනා අධිපතිගෙන් ආශ‍්‍රමයට ප‍්‍රහාර..

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ මේ දිනවල යුරෝපා සංචාරයක නිරත වෙමින් සිටිති. උන්වහන්සේ ලන්ඩනයේදී ඉරිදා දිවයින සමග මෙසේ සාකච්ඡාවක නිරත වූහ.

ප‍්‍ර : ඔබ වහන්සේගේ යුරෝපා සංචාරය ගැන යමක් පැවසුවොත්

පි: අපේ විහාරස්ථාන ලෝකය පුරා විහිදී තිබෙනවා. ඒ අතරින් යුරෝපයේ රටවල් හයක, එනම් බි‍්‍රතාන්‍ය, අයර්ලන්තය, ජර්මනිය, ඉතාලිය, ප‍්‍රංශය සහ නෙදර්ලන්තය යන රටවල විහාරස්ථාන වලට වැඩම කොට දහම් පිළිසඳරක යෙදෙන ලෙස ආරාධනාවක් තිබුනා. බොහෝ කල් සිට සූදානම් කරගත් සංචාරයක් මේ.

ප‍්‍ර : බි‍්‍රතාන්‍යයේ මුල් බැස ගත් ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුළු විහාරස්ථාන බොහෝමයක් මෙහි තිබෙනවා. ඒ විහාරස්ථාන සහ ඔබ වහන්සේ බිහි කර ඇති විහාරස්ථාන අතර වෙනසක් තිබෙනවාද ?

පි: මම කල්පනා කරන්නේ මෙම විහාරස්ථාන අතර වෙනසක් නොවිය යුතුයි කියලා. අසපුව කියලා මම දැම්මේ පන්සලෙන් වෙන් කරන්න නෙමේ. ඒ වචනයේ තිබෙන ලස්සන නිසා. අපි මහණ වුණාට පස්සේ මිනිසුන්ට ලැබෙන්න ඕනේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. පන්සලෙනුයි, අසපුවෙනුයි දෙකක් ලැබෙන්න බෑ. ඒ දෙකම එකක් විය යුතුයි. මමත් මහණ වුණේ පන්සලේ. අවුරුදු 12 ක් පන්සලේ හිටියා. ඒ කාලේ මම බණ කිව්වේ සම්ප‍්‍රදායික ක‍්‍රමයට ධම්මපදයෙන් ගාථාවක් අරන් ඒක තේරුම් කරලා දීලා ඉන්පස්සේ සමාජය විවේචනය කරන එකයි කළේ. ඒක පන්සලේ වැරැද්දක් නෙමේ. ඒ විදියට තමයි පුරුදු වෙලා තිබුනේ. පස්සේ මම භාවනා කරන්න ආරණ්‍යගත වුණා. එතනදි මට නොයෙකුත් ගුරුවරු මුණ ගැසුණා. රහතුන් වහන්සේලා යැයි කියා ගත් අය, නානාප‍්‍රකාර අය. පස්සේ මම බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්ගේ පොත් කියවලා හිමාලයට ගියා ඍෂිවරු හොයා ගෙන. එතන තිබුණේ තනිකරම භූත බලපෑම්. එහි සිටින සාධුවරු තමන් මෝක්ෂය සාක්ෂාත් කර ගත් බව හැෙඟව්වත් ඔවුනුත් නොපෙනෙන බලවේග වල පිහිටෙන් තමයි වැඩ කළේ. කාලයක් මම සායි බබා ළඟත් හිටියා. පස්සේ තමයි මට තේරුණේ මේ ඔක්කොම බොරු දේවල් කියලා. ඒවා බොරු දේවල් කියලා මම තේරුම් ගත්තේ කාගෙන්වත් අසා දැනගෙන නෙමේ. මගේම අත්දැකීමෙන්. මට මතකයි එක ප‍්‍රසිද්ධ හාමුදුරුනමක් අරියධම්ම හාමුදුරුවන්ට කිව්වා උන්වහන්සේ රුසියාවේ රස්පුටින් වගේ කියලා. නිර්ධය ලෙස විවේචනය කළා. නමුත් උන්වහන්සේගේ කවියමයි සමාජයට පිහිට වුණේ. අපි ලොකු දාර්ශනික පසුබිමක් හදලා තියෙනවා. අපි කවි විතරක් කිව්වා නම් සූත‍්‍ර දේශනා එළි දකින්න බෑනේ. දීග නිකාය, මජ්ජිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, ඛුද්දක නිකාය වල තියන බුද්ධ දේශනා ඉස්මතු කරනවා. පටිච්ච සමුප්පාදය කියා දෙනවා. අපි මේවා මුකුත්ම කියා දෙන්නෙ නැතුව කවි ටිකක් විතරක් කිව්වා නම් ඔය චෝදනාව හරි. අපි මිනිස්සුන්ට රුවන්වැලිසෑය වඳින්ට පුරුදු කළා. අපි රහතුන් ගේ චෛත්‍ය වඳින්ට පුරුදු කළා. නමුත් අපිට රැස්විහිදෝගත්තේ නෑ. අපිට මල්මාලා පළන්ද ගත්තේ නෑ. අපි මල්ගුලා වල වාඩිවෙන්න ගියේ නෑ. අපේ පිළිම හදාගෙන වැඳ වැඳ හිටියේ නෑ. ඒකයි භයානක සංස්කෘතිය. දැන් රහත් කියන පිරිසක් ඒක කරනවා. තමන්ගේම පිළිමෙට වැඳ වැඳ ඉන්නවා. ඒ පිළිමෙ ළඟම විෂ්ණු පිළිමෙ තියාගෙන පුද සත්කාර කරනවා. ඔය රහත් කියන අය එහෙම කරන අය අපි පල්ලි වල ගීතිකා ගායනා කරනව වගේ ගාථා කියනවා කිය කිය යනවා. ඔය කියන කවුරුවත් බුද්ධ දේශනා ඉස්මතු කරන්නේ නෑ.මට ඕන වුණා මේ රහතුන් ගේ නිරුවත පෙන්නන්න. මේ ගොල්ලන්ට අපි පොඩි වචනයක් දාපු ගමන් කළබල වෙලා කෑගහන්න පටන් ගත්තා. ඒකෙන් ඒ ගොල්ලො අඳබාල පෘථග්ජනයෝ කියලා ඔප්පු වුණා.මට ඕන වුණේ මේගොල්ලෝ රහත් නෙමේ කියලා ඔප්පු කරන්නයි. ඇත්ත වශයෙන්ම මං සිංහාවලෝකනයෙන් කළේ ඒකයි. රහත් කියන කට්ටිය කවුද කියලා මමත් යූටියුබ් එකෙන් බැලූවා. එතකොට තමයි දැක්කේ කියන භයානක දේවල්. සමහරු කියනවා අපි රහත් අපි සෘද්ධි බලෙන් විස්කි, බ‍්‍රැන්ඩි මවනවා. සෘද්ධි බලෙන් බයිට්ස් මවනවා. සෘද්ධි බලෙන් ගැහැනු මවනවා. මහ භයානක කතා කියන්න ගත්තා. මම මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය පැහැදිලි කරනකොට රහත් කියන කට්ටිය ඔක්කොම සළු පිළි උනා දාලා ඇත්ත තත්ත්වය පෙන්නන්න පටන් ගත්තා.

ප‍්‍ර : මේ කාලේ රහතුන් වහන්සේ වැඩ ඉන්න බැරිද ?

පි: මේ කාලේ රහතුන් වහන්සේ පෘථිවියේ නෑ. ඒක මට ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන්. බ‍්‍රහ්ම ලෝක වල වගේ ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ භික්ෂුණී සංඝයා බිහි කළාට පස්සේ උන්වහන්සේ වදාළා මගේ සාසනය තියෙන්නේ අවුරුදු පන්සීයයි. අපි බුද්ධ වචනය පිළි අරගෙන ඉතිහාසය බලන්න ඕනෙ හරිද කියලා. හරියටම ඒක සිද්ධ වෙලා තියෙනවා. මහාවංශයේ තියෙනවා බුද්ධ ශාසනය ලංකාවේ පිහිටනවා කියලා. ඒකත් ඇත්ත. සත්වයාට දිගින් දිගටම බවයෙන් නිදහස් වීමට ඉඩ නොදී රඳවා ගෙන යන බලවේගයක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ මාරයා කියලා. එයා පාවිච්චි කරනවා මනුෂ්‍යයාගේ තියෙන කෙලෙස් එයාගේ කාරණා ඉෂ්ට කර ගන්න.බුදුරජාණන් වහන්සේ මාරයා පරදවා බුදුවුණා. වසර 5000 ක් යනකං සාසනය පැවැත්වුණත් වසර 500 න් පස්සේ රහත් වෙන්න මාරයා ඉඩ දෙන්නේ නෑ.සම්පූර්ණයෙන්ම කෙලෙස් නැසූ කෙනාට කියන නමක් තියෙනවා. මරසෙන් මැඬළු කෙනා. මාරයා ඉඩදෙන්නේ නෑ ඒකට. නමුත් සෝවාන්, සකෘදාගාමී වගේ ඵල වලට එන්න පුළුවන්.

ප‍්‍ර : ඔබ වහන්සේට නොයෙකුත් චෝදනා අවලාද නැගෙන්නේ ඇයි?

පි: ඵල ඇති රුකටනෙ ගල් ගහන්නේ. බලන්න, දොළුකන්දෙ හාමුදුරුවන්ට මාධ්‍යයෙනුත් ගැහුවා. හාමුදුරුවරුත් ගැහුවා. අද හාමුදුරුවොත් නෑ. ගහත් නෑ.

ධර්මපාලතුමා ඉන්නකම්ම ගැහුවා. එතුමා සිංහල ජාතියටත් සාප කරල රටෙනුත් ගියා. නමුත් මැරුණට පස්සේ පිළිම හද හදා ගුණ ගායනා කරන්න පටන් ගත්තා. ධර්මපාලතුමා කිව්වා සිංහල ජාතියට උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ජාතියෙන් බැනුම් අහන්න ලැහැස්ති වෙන්න කියලා. සමහරු මගෙන් අහනවා ඔබ වහන්සේට බනිද්දි සැලෙන්නේ නැද්ද කියලා. මම සැලෙන්නේ නෑ. හේතුව, මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙනෙහි කරනවා. මට සමහරු බනිද්දි සමහරු ප‍්‍රශංසා කරනවා. නින්දා විතරක් නෙමේ ප‍්‍රශංසාත් ලැබෙනවා. අලාභ විතරක් නෙමේ ලාභත් ලැබෙනවා. දුක විතරක් නෙමේ සැපත් ලැබෙනවා. අෂ්ට ලෝක ධර්මයේ හැම පැත්තක්ම ලැබෙනවා. අනිත් අය හිතනවා නම් ඒ ගොල්ලන්ට අෂ්ට ලෝක ධර්මෙන් එක පැත්තක් විතරක් ලැබෙනවා කියලා ඒක ඒ ගොල්ලන්ගේ වැරැද්දක්.

ප‍්‍ර : ප‍්‍රසිද්ධ හාමුදුරු නමක් ඔබ වහන්සේට ප‍්‍රසිද්ධ විවාදයකට ආරාධනා කරලා තිබෙනවා.

පි: පිටිදූවේ සිරිධම්ම ගැන මම වචනයක් කියන්න කැමතියි. මට ඕන වුණේ එයත් එක්ක වාද කරන්න නෙමේ. එයා රහත් නෑ. එයා අඳ බාල පෘථග්ජනයෙක් කියලා ඔප්පු කරන්නයි. මට ඒක ඔප්පු කරන්න එච්චර මහන්සියක් ගන්න ඕන වුණේ නෑ.මම වචන දෙකයි කිව්වේ. ඉස්සෙල්ලා මම කිව්වා රහත් රංග පීඪය කියලා. කියපු ගමන් ඇවිස්සුනා. තව චුට්ටක් අවුස්සන්න ඕනෙ කියලා දෙවෙනි වතාවටත් ඇවිස්සුවා. එයා අඳ බාලයෙක් කියලා මම දැන් ඔප්පු කරලා ඉවරයි.

ප‍්‍ර : ඔබ වහන්සේ සේරුවිල කරපු පලතුරු පූජාව පලතුරු අපතේ යෑමක් නෙමේද ?

පි: කොහෙත්ම නැහැ. තමන් ගේ වත්තේ හැදෙන පලතුරක් බුදුරජාණන් වහන්සේට පූජා කිරීම අපේ සම්ප‍්‍රදායක්. ඉතිං අපි කිව්වා තමන් ගේ වත්තේ හැදෙන මොනවා හරි පලතුරක් ගෙනත් ලලාඪ ධාතූන් වහන්සේට පූජා කරන්න කියලා. අපි හිතුවටත් වඩා පලතුරු ගෙනත් තිබුණා. මම ජීවිතේට නොදැකපු පලතුරු තිබුණා. සමහර අය ශ‍්‍රද්ධාව නිසා කෙසෙල් කැන් පිටින් ගෙනත් තිබුනා. නමුත් ඒ එකක්වත් අපතේ ගියේ නෑ. දවල් 12න් පස්සේ අකැප වන නිසා ඒ සියල්ලම මිනිස්සුන් ගේ ආහාරයට ගත්තා. කිසි දෙයක් අපතේ ගියේ නෑ.

ප‍්‍ර : එහෙම පූජා ක‍්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණද ?

පි: නෑ. එහෙම පූජා ක‍්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුනෙ නෑ. කතරගම දෙවියන්ට නං මිනිස්සු ලක්ෂ ගණනින් පලතුරු පූජා කරනවා. මේක අපි හැමදාම කරා නෙමේ. හැම තැනම කරා නෙමේ.තව එකක් කියන්න ඕනෙ. අර පුද්ගලයාට ඉස්සර ඉඳලා බුදුරජාණන් වහන්සේට පුදන කොට කේන්ති යනවා. එයාට පුදන කොට එයාට කේන්ති යන්නේ නෑ.අවුරුදු ගණනාවකට කලින් බුදු පිළිම වලින් රැස් විහිදුනා. මිනිස්සු වඳින්න පටන් ගත්තා. මට වර්ෂය මතක නෑ. එතකොට මම හිටියේ ඉන්දියාවේ. එතකොට මේ පුද්ගලයා රූපවාහිනී වැඩ සටහනකට ඇවිත් කිව්වා කවුරුවත් මේකට රැවටෙන්න එපා. බුදුරැස් විහිදෙන්නෙ නෑ. හිත පහදගන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේට හිත පහදගන්න හදනකොට ඒකට විරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ රැස් විහිදෙන්නේ නෑ කිව්වා. තමන්ට ඩිජිටල් රැස් විහිදව ගත්තා. ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයාගේ ප‍්‍රශ්න වලට උත්තර දෙන එකත් නිරර්ථකයි. මේ පුද්ගලයා අඳ බාල පෘථග්ජනයෙක් කියන අවබෝධයේ ඉඳගෙන තමයි උත්තර දෙන්න ඕනෙ.

ප‍්‍ර : ඔබ වහන්සේ පසුගියදා රන් කොත් වෙහෙරේ පැවැත්වූ පූජාවට සීත ගඟුලේ අපිරිසිදු ජලය පූජා කළා යැයි චෝදනාවක් තිබෙනවා.

පි: සම්පූර්ණයෙන්ම වැරදි චෝදනාවක්. මිනිස් වාසයක් නැති සීත ගඟුල පටන් ගන්න තැනින් ගත් පිරිසිදු ජලය තමයි පූජා කළේ.

ප‍්‍ර : රන් කොත් වෙහෙරට ජලය පූජා කරනවාට වඩා එම වෙහෙර පිහිටා තිබෙන පොළොන්නරුවේම වෙසෙන වකුගඩු රෝගීන්ට පිරිසිදු ජලය ලබා දුන්නා නම් හොඳ නැද්දැයි තර්කයක් තිබෙනවා.

පි: අපිට චෝදනා කරන්න ඉස්සෙල්ලා බලන්න ඕනෙ අපි වකුගඩු රෝගීන් උදෙසා කර තිබෙන දේවල්. අපි පිවිතුරු පැන් පූජා කියල පිරිසිදු ජලය ලැබෙන ජලය පෙරන යන්ත‍්‍ර ලබා දෙන ව්‍යාපෘතියක් (Water Filter Project) කරලා තියෙනවා.පොළොන්නරු දිස්ත‍්‍රික්කයට පමණක් නෙමේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයටත්. ජලය පෙරන යන්ත‍්‍ර ලබා දෙන ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ විස්සක් පමණ වැය වෙනවා. ඒ වගේ ව්‍යාපෘති දැනට අපි විස්සක් විතර කරලා තියෙනවා. ලක්ෂ ගණනක් මිනිසුන්ට පිරිසිදු ජලය අපි ලබා දීලා තියෙනවා මේ පූජාවට ඉස්සෙල්ලා.

ප‍්‍ර : ඔබ වහන්සේගේ අසපුවල තිබෙන සමහර බුදු පිළිම

ගැහැනු ස්වරූපයක් ගන්නා බවට චෝදනාවක් තිබෙනවා.

පි: තායිලන්තෙත් තියෙනවා මේ වගේ පිළිම. කෙනෙක් ගියා නම් ඉන්දියාවේ බරණැස කෞතුකාගාරයට ඒකෙ තියෙන බුදු පිළිම දැක්කා නම් පුදුම වෙනවා. ඉන්දියාවෙන් තමයි අපේ පිළිම ආකෘති ලබා ගෙන තියෙන්නේ. වැරදි කෝණෙකින් බැලූවොත් අවුකන බුදු පිළිම වහන්සේටත් චෝදනා කරන්න පුළුවන්. අනුරාධපුරේ සමාධි පිළිමෙටත් ඉස්සර රත්තරන් ගාලා, ඇස් වලට මැණික් ඔබ්බලා තිබිලා තියෙන්නේ.

– Divaina

36,981 Viewers

33 Comments to “පිටිදුවේ සිරිධම්ම අදබාලයෙක්.. පෘථග්ජනයෙක්.. නියම බුද්ධාගම මා ලගයි.. එදා දොළුකන්ද හිමියන්ටත් ගැහුවා.. අද මට ගහනවා..- මහමෙවුනා අධිපතිගෙන් ආශ‍්‍රමයට ප‍්‍රහාර..”

  1. රත්නසේන says:

    එක දෙයක් පැහිදිලියි, මේ අඳබාල චීවර ධාරින් දෙදෙනාම බුදු දහම අමු අමුවේම වලඳනවා! – ත්‍රිපිටකයේ විනය පිටකය කියලා එකක් තියෙනවා කියලා මේ චීවරධාරින් දෙදෙනාටම මතක නැහැ. දෙදෙනාම වෙන වෙනම බුදු දහමක් හදනවා!

      • නානසාර says:

        මම විතරයි තව අඩු.

      • "" කර්ම පටිසංවේදි """ says:

        මා වෙසෙන්නේ එංගලන්තයේ…ඒ නිසා මා මේ දෙය ලිවිය යුතුය කියල හිතුව…!
        කැමතිනම් පලකරන්න!
        දවසක් ලන්ඩන් පන්සලේ පිරිත් පොත් වගයක් තියල තිබුනා ඇතුලුවෙන දොරටුව ලඟ. සැම ඉරිදාවකම දහම් පාසලට එක්කරගෙන යන මගෙ දරුවා ඒ පොත් ගොඩෙන් එක පොතක් ගත්තා අරගෙන බලල කිව්ව මෙන්න මෙහෙම දෙයක් .. මට ගොලුවත රකින්නම…
        “අම්මෙ මේ පිරිත් පොතේ පිරිත් ලියල තියෙන්නේ කවි වලින්නේ…
        එතකොට මට දහම් පාසලේ හාමුදුරුවො කියල දෙන පිරිත් වැරදිද??”

        දහම් පාසලට යන පොඩි දරුවට එහි බරපතලකම තේරුනු නමුදු….

        මේ තරම් විනාශයක් ශාසනයට කරන මේ දෙදෙනාටම නොතේරීම ඛේදවාචයකි!

        “” කර්ම පටිසංවේදි “”” එය බුදුන් වදාල දෙයක්..!

        • කසුන්-ගම්පහ says:

          මෙන්න තවත් හොඳ නිදසුනක් …! මම සිසුවෙක්ව එංගලන්තයේ ඉගෙන ගන්න කාලෙ
          එංගලන්තයේ ධර්මය පතුරුවන්න ගිහියෙක් සැම සති අන්තයකම බුදුදහමට නිගාවෙන විදියට ධර්ම කතා පැවැත්වූවා උගතුන්ගෙ ගෙවල්වල…
          මම නැවතිල හිටියෙ ඒ ගෙදරක..
          මාතෘකා වූයේ ..( මේ ඉන් කිහිපයක් )
          *පිරිත් නූල අතේ බඳින්න එපා ඕව බොරුවැඩ… සුද්දො බලයි මොකක්ද මේ අතේ?
          *සාංඝික කරන ඒව කෑවට කමක් නැහැ .ඇයි සත්තුන්ට කන්න විසිකරන්නේ?
          *දානෙ ගෙවල්වලට ගියාම පිරිත් කියන්න ඕනි නැහැ පිං වඩන ඒවා අමු බොරු වැඩ

          හිතට හරිම වේදනාවෙන් ඒව මම අහගෙන හිටිය මගේ වැඩේ කර ගන්නකම් ඒ ගෙදර නැවතිල.
          මගේ විභාගය ඉවරවෙලා ලංකාවට ආවට පස්සෙ මට දැන ගන්න ලැබුනා එහි විපාක ප්‍රතිඵල ඒ අයට ලැබුන හැටි.
          *පිරිත් නූල අතේ බඳින්න එපා කිව් අයගෙ දකුණු අත වෙව්ලනවා දැන්
          *සාංඝික කරන ඒව කෑව මගේ ඇස් ඉදිරිපිට කාපු ඒ අක්කාට මොළයේ ලේ කැටියක් හිරවෙල ඔපරේෂන් එකක් කලාලු ජීවිතය බේරගන්න
          *පිරිත් කියන්න ඕනි නැහැ පිං වඩන ඒවා අමු බොරු වැඩ කියපු ඇන්ටිලගෙ දරුවො අන්‍ය ජාතීන් සමඟ විවාහ වෙලා ඒ අයගෙ පරම්පරාව එතනින්ම කෙලවර කරල.!

          • Kim says:

            ඕක තමයි මිත්‍යා විශ්වාස කියන්නෙ. බුදුන් දේශනා කල හරි දහම නෙවෙයි මිත්‍යාවට තමා මිනිසුන් තැන දෙන්නෙ. මතක තියාගන්න මිත්‍යා විශ්වාස කියන්නෙ බරපතලම අකුසලය කියලා

          • කසුන් ගම්පහ ගේ අම්මා says:

            කසුන්ක ගම්පහ – කන්ඩ බොන්ඩ දීලා උඹේ විභාගේ ඉවරවෙනකම් ඉංගලන්තේ නවාතැන් දීපු අය ගැන උඹ කතා කරන හැටියෙන්නම පේනවා උඹේ බෞද්ධ කම. උඹනම් නොම්මර එකේ බෞද්ධක්……….

    • Gunaruwan says:

      Me Bhikshun dennama thamange parshawayan hada gena thamange mathawada pathura wanawa. Danuwathwa ho nodanuwathwa dedenama karanne sathya Budu dahama thibiyedi anwashya mathawada pathiraweemayi.

  2. Dev says:

    Kiribath goda hamuduruwo buddha dharshanaya agamak karnna yanawa.Minissunta nika boru pooja widi hadunwala deela

  3. ජූඩ් කබ්‍රාල් says:

    යකෝ මේවද උත්තර?? ගොං පූජා පැවැත්තුවේ ඇයි ඇහුවාම අපි සමාජ සේවාත් කරා කියනවා. ඒක හරියට ගෑනු දූශනය කරේ ඇයි ඇහුවාම අපි ළමා නිවාස වලට දාන දීලත් තියෙනවා කිව්වා වගේ.
    අනික අවුරුදු 500කින් පස්සේ රහතුන් නැත්තම් අහවල් එහෙකටද ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියලා පච කිව්වේ? කවුද ඔයාලට බොරු කිව්වෙ? 😀

    • SARA says:

      ආගමට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම නිසා සමහර දාර්ශනිකයන් සිය ජීවිතයෙන් වන්දි ගෙවපු අවස්ථා ඇත. එහෙත් මිනිසා ක්‍රමයෙන් දියුණු වත්ම ආගමින් පනවා තිබුණු බැමි ලිහෙන්ට පටන් ගත්තේය. අද බුදු දහමට නිගරු කරන, විවේචනය කරන පිරිස් වැඩිවී ඇත ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස්‌ යයි තර්ක කරන මේ අය බොහෝ විට ඒ දෙකින් එකක්‌වත් නොකරන පිරිස්‌ වෙති ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස්‌ යෑයි සියලු දෙනා පැවසුවත්, ප්‍රතිපත්තිය කුමක්‌ ද, එය වැඩෙන මග කුමක්‌ ද යන්න නිවැරදි අවබෝධයක්‌ මෙන්ම වැටහීමක්‌ බොහෝ දෙනකුට නැත–බුද්ධ පූජාව යනු බුදුන් වහන්සේ වෙනුවෙන් බුදුන් උදෙසා බුදුගුණ සිහිකරමින් කරන පූජාවයි ඡේතවනාරාමයේ වැඩ නොසිටින අවස්‌ථාවල සැදැහැවතුන්ගේ වන්දනයට පාත්‍රවුයේ මේ බෝධියයි. මේවා ඵලරහිත නිසරු ක්‍රියා නම් බුදුරදුන් වැඩසිටින සමයේම ආනන්ද බෝධි රෝපණයට අනුබල දෙයිද? තමන් වහන්සේ වෙනුවට ත්‍රිවිධ චෛත්‍යයන්ට පුද පූජා කළ හැකි බව පවසයි ද? එබැවින් සැදැහැවතුන් විසින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන විවිධ ආමිස පූජා අවඥාවෙන් බැහැර කිරීමට පෙර භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක්‌දැයි සම්මා සතියෙන් සිතා බැලීම වැදගත්ය.සේරුවිල කරපු පලතුරු පූජාව පලතුරු අපතේ යෑමක් නොවේ
      නමුත් බෞද්ධ සංඝයා වහන්සේලා ප්‍රසිද්ධියේ ගැටුම් ඇතිකර ගනිමින් එකිනෙකා විවේචනය කරමින් සිටීමෙන් වැළකිය යුතුයි ප්‍රශ්නයක් ඇත්නම් සාමකාමිව සාකච්චා කර විසදා ගත යුතුයි …ඔබවහන්සේලාට තෙරුවන් සරණයි

      .

  4. dennama boru karayo , selfish aya, udbalagena kela gahanawa. aneka paradawa thama lokka/hari niwaradi minisa/ kiya lokkayata penwanna dangalanawa. yakune mahana wuna nam bana daham kiyannatath pera bana bawana karala THAMA PIRISIDU WEYALLA, ochchara sepata jeewatth wenne dahadiya bindakwath nohela dayakayo nisa neda>>> ahare naga viharaye ewun wasthuwabeda ganna minee mara gannawa payin gaman kala
    mawaraelle baddiya himi den milliona100 wahanayaka ayithikaruwek .gemburak nethi lamaka bana kiyanawa. eyata prema sambandatha sandahan nokara bana kiyannama behe…. ane sasunatath giya kalak

  5. Tom says:

    Siridhamma hamuduruwange bana ahuwa.
    Ketharam prayogikada
    meya tamai apita ada awsye

  6. Lalith says:

    මේ සාකච්චාව තුලින් සමන්තබද්‍ර් හාමුදුරුවෝ කෙසේවෙතත් කිරිබත්ගොඩ සාදු නොම්මර එකේ අද බාල පෘතක්ජනයෙකු බව තමාම පෙන්වා ඇත.බලන්න කියලා තියෙන බොරු1..රන්කොත් වෙහෙරට තබපු සියලුම පලතුරු ඒ ඒ අය ගෙවල් වල හදපුවාලු.2.සියල්ල අනුබව කලාලු කිසිවක් අහක ගියේ නැතිලු. බොරු කීම පන්සිල් රැකීමද?

  7. බණ්ඩාර says:

    මේ උන්නාන්සේලා දෙන්නම එකයි..

  8. ලලිත් says:

    කිරිබත්ගොඩ සාදු හත්පොලේ ගාගෙන බලන්න කියන පට්ට බොරු.මෙයා ගේ වාසියට අවු.5000 ස බිංදු දෙකක් කපලා 500 කරනවා .සියලු පලතුරු අනුභව කලාලු කිසිවක් අපතේ ගිය නැතිලු.අද බාල පෘතක්ජනයා දැන් කවුද?

  9. Upasaka amma says:

    kiribathgoda himiyan mama pitarataka inna wita dekka. biksuwakda kiyala hithuna gihiyan karan okkoma dewal karanawa.pitarata nitharam yana wajirarama biksun mata japanayedi saha amerikawedi hamu una deviyane hema wal wedakma karanawa
    Mawarelle baddiya himi nitharama Australia yanawa moda kollan kellange gewalwala nida gannawa. thun welama kanawa mathpen bonawa dollar /salii illa handanawa. salli eragena ewilla million 100 car aragena paskam sepa windinawa
    Budu dahama winasa wenna mema biksun katautu karanawa

    ANE BUDUNWAHANSE HTIYA NAM?mama bodunuwek.

    • තාර්කික says:

      තමන් දන්නවනේ මේවා හරියටම දැනගෙනද, දැකලද කියන්නේ කියල. කිව්වේ ඇත්ත නම් ඔබට පින්. නමුත් කිව්වේ නොදැන හෝ බොරු නම් නියත වශයෙන්ම නිරයම උරුම වේ.

  10. Chamara says:

    Mata hamuwu Budun deshanakala prama sathya deshana karana, Prayogika margaya saralawa sinhalen deshana karana swamin wahanse Samantha Badra Swamin Wahansei, Kiyanne kuwrundei nositha, Unwahase kiyanadeya Madyastha sithin asa Balanna.

  11. soma says:

    rahathun brahma lokawala innawa kiyala ahuwamai. anika rahath nemey Arahathun wahanse wenna ona wachnaya. Arahathun wahansela inne manussaloke misak wena loka wala kiyala mama ahaha ne

  12. Malinda says:

    රහතුන්ගේ පැවැත්ම වසර 500 ද ???
    ————————————————————–
    ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේය.
    ”දැන් ආනන්දයෙනි, සද්ධර්මය පන්සියය වසරක්ම පවතින්නේය යනුවෙනි. නැවත පිරිණිවන්පාන සමයෙහි සුභද්‍ර‍ පරිභ්‍රාජකයා විසින් ඇසූ ප්‍ර‍ශ්ණයට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරණ ලද්දේය.”
    සුභද්‍රයෙනි මේ භික්ෂූහු යහපත් ලෙස වාසය කරත්නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය යනුවෙනි. මෙය ශේෂ නැති වචනයකි. නිරවශේෂ වචනයකි. පරියාය රහිත වචනයකි.
    ඉඳින් ස්වාමීනී නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ” දැන් ආනන්දයනි, සද්ධර්මය පන්සිය වසරක් පවතින්නේය” යන වචනය ඇත්තේනම් ” සුභද්‍ර‍යෙනි, මේ භික්ෂූහු යහපත් ලෙස වාසය කරත්නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය. යන වචනය බොරු වෙයි.
    ඉඳන් තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ” සුභද්‍ර‍යනි, මේ භික්ෂූහු යහපත් ලෙස වාසය කරත්නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය” යන වචනය ඇත්තේනම් ” දැන් ආනන්දයෙනි සද්ධර්මය පන්සිය වසරක් පවතින්නේය” යන වචනය බොරු වෙයි.
    මෙයත් උභතෝකෝටික ප්‍ර‍ශ්ණයකි. දෘෂ්ටි ග්‍ර‍හණයෙන් මහාම ග්‍ර‍හණයකි. බලවත් බවින් අතිශයින්ම බලවත්ය. ගැටයෙනුත් ගැටයෙකි. එය ඔබවහන්සේ ඉදිරියට පැමිණියේය. එහිලා ඔබවහන්සේගේ ඤාණ බලය පතුරුවා සාගර අභ්‍යන්තරයට ගිය මකරෙකු ලෙසින් පෙන්වනු මැනව”
    මහරජාණෙනි, “දැන් ආනන්දයෙනි සද්ධර්මය පන්සිය වසරක් පවතින්නේය” යන වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. එමෙන්ම “සුභද්‍රයෙනි මේ භික්ෂූහු යහපත් ලෙස වාසය කරත්නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය.” යන වචනය පිරිනිවන්පානා සමයෙහි සුභද්‍ර‍ පරිබ්‍රාජකයා හට වදාරණ ලද්දේය.
    මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ ඔය වචනයත් අර්ථ වශයෙනුත් නානාත්වයක් ඇත්තේය. ප්‍ර‍කාශ වශයෙනුත් නානත්වයක් ඇත්තේය. මේ ශාසන සීමාවය මේ ප්‍ර‍තිපත්තිය උද්දීපනය කිරීමය යන මෙකරුණ එකිනෙකට දුර වේ.
    මහරජාණෙනි, යම්සේ අහස පොළොවෙන් දුර වූයේ වෙයිද, නිරය ස්වර්ගයෙන් දුර වූයේ වෙයිද, කුසලය අකුසලයෙන් දුර වූයේ වෙයිද, සැප දුකින් දුර වූයේ වෙයිද, එසේම මහරජාණෙනි, මේ කරුණු දෙක එකිනෙකට දුර වූයේ වෙයි.
    වැළිඳු මහරජාණෙනි, ඔබගේ ප්‍ර‍ශ්ණය හිස් වූවක් නොවේවා.! එය අර්ථ රසයෙන් පෙන්වා පවසන්නෙමි.” දැන් ආනන්දයෙනි, සද්ධර්මය පන්සිය වසරක් පවතින්නේය.” යන වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක්ද, එය ශාසනය නැසීම දක්වමින් ඉතිරිව ඇති සසුන් කාලයත් වදාළ සේක. ” ආනන්දයෙනි, ඉඳින් භික්ෂූණීහු පැවිදි නොවූවානම් මේ සද්ධර්මය වසර දහසක් පවතින්නේය. ආනන්දයෙනි පන්සිය වසරක්ම සද්ධර්මය පවතින්නේය. ”
    යනුවෙන් මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරන්නේ සද්ධර්මයේ අන්තර්ධානය හෝ පවසන සේක්ද, ධර්මාවබෝධය කළ හැකි කාලය ප්‍ර‍තික්ෂේප කරන සේක්ද ?
    නැත ස්වාමීනි
    ” මහරජාණෙනි, ධර්මය අවබෝධ කළ හැකි කාලය නැසී යාමත්, ඉතිරි ශාසනය පිහිටන කාලය පිරිසිඳ වැදෑරීමත් මෙහි කොට ඇත්තේය. මහරජාණෙනි, නැසුණු සම්පත් ඇති පුරුෂයෙක් ඉතිරි වූ සියලු භාණ්ඩ මහජනයාට පෙන්වා මෙපමණ බඩු නැසී ගියේය. මෙපමණක් ඉතිරි වී ඇත්තේයැයි පවසන්නේ යම්සේද, එසෙයින්ම මහරජාණෙනි, ධර්මාවබෝධ කිරීමේ ඇති කාලයෙහි නැසී යාමක් ඉතිරිව ඇති කාලයත් ආනන්දයෙනි සද්ධර්මය පන්සිය වසරක්ම පවතින්නේයැයි භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන්ට වදාළ සේක.
    මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දැන් ආනන්දයෙනි, සද්ධර්මය පන්සිය වසරක්ම පවතින්නේ යැයි වදාරණ ලද්දේද මෙය ධර්මාවබෝධය කළ හැකි කාල පරාසය පෙන්වීමයි.
    පරිනිබ්බාණ සමයෙහි සුභද්‍ර‍ පරිබ්‍රාජකයා හට ශ්‍ර‍මණයන් දක්වා පෙන්වමින් මෙය වදාළ සේක. ” සුභද්‍රයෙනි, මේ භික්ෂූහු යහපත් ලෙස වාසය කරත්නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ යැයි මේ ශාසන ප්‍ර‍තිපත්තිය පෙන්වාදීමයි. ඔබ වනාහී ශාසන පරිච්ඡේදයත් ශාසන ප්‍ර‍තිපත්තියත් එක් අර්ථ රසයෙන් ගත්තේය. ඉඳන් ඔබ එය කැමති නම් එක් අර්ථ රසයක් කොට පවසන්නෙමි. මැනවින් අසනු මැනව නොවිසිරුණු සිතින් මෙනෙහි කළ මැනව.
    මහරජාණෙනි, මෙහිලා නව සිහිල් ජලයෙන් පිරීගිය මුව විටතෙක් පිරීගිය ඉවුරුතෙක් පිරීගිය පොකුණක් ඇත්තේය. ඒ පොකුණේ ජලය නොසිඳී තිබියදී මතු මත්තෙහි දිගින් දිගට වැස්ස වසින්නේනම්, මහරජාණෙනි, ඒ පොකුණේ ජලය සිඳීමකට අවසානයකට යන්නේද?
    නැත ස්වාමීනී
    මහරජාණෙනි, ඒ කවර කරුණක් නිසාද?
    ස්වාමීනි, දිගටම වැස්ස පවතින නිසාය.
    එසේම මහරජාණෙනි, බුද්ධ ශාසනය නම් උතුම් සද්ධර්ම පුෂ්කරණිය ආචාරශීල ගුණය වත්පිළිවෙත් ගුණය යන නිර්මල ජලයෙන් සම්පූර්ණව උතුරමින් භවාග්‍ර‍ය තෙක් හැපී සිටියේය. ඉඳින් එහිලා සසුන්ගත වන කුල පුත්‍රයෝ ආචාරශීල ගුණය වත්පිළිවෙත්ගුණය යන මහා මේඝය නැවත නැවත වස්සවත්නම් විශේෂ කොට වස්සවත්නම් මෙසේ බුදුසසුන නම් උතුම් සද්ධර්ම පුෂ්කරණිය ඉතා දීර්ඝ කාලයක් පවතින්නේය. ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ සඳහාය සුභද්‍රයෙනි, මේ භික්ෂූහු යහපත් ලෙස වාසය කරත්නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ යැයි වදාරණ ලද්දේය.
    මහරජාණෙනි, මෙහිලා මහත් වූ ගිණකඳක් ඇවිලෙමින් තිබෙන කල්හි නැවත නැවත වියළි තෘණ- දර- ලී – වියළි ගොම වැරටි දමත්නම්, ඒ ගින්න මහරජාණෙනි නිවී යන්නේද?
    නැත ස්වාමීනී, ඒ ගින්න වැඩි වැඩියෙන් ඇවිලෙන්නේය. වැඩි වැඩියෙන් දිලෙන්නේය.
    එසෙයින් මහරජාණෙනි, දස සහස්සි ලෝක ධාතුවට පිළිසරණ පිණිස ඇති උතුම් බුද්ධ ශාසනයද ආචාරශීල ගුණයෙන්, වත් පිළිවෙත් වලින් බබලයි.
    ඉඳන් මහරජාණෙනි, සසුන්ගත වන කුල පුත්‍රයෝ පධානීය අංග පසෙන් යුක්තව හැම කල්හි අප්‍ර‍මාදීව මත්තෙහි වීර්යය කරත්නම් ත්‍රිවිධ ශික්ෂාවන්හි හික්මෙන්නට කැමැත්ත උපදවත්නම් චාරිත්‍ර‍ ශීලය හොඳින් පිරිපුන් කරත්නම්, මෙසේ මේ උතුම් බුද්ධශාසනය වැඩි වැඩියෙන් බොහෝකල් පවතින්නේය. ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය සළකා “සුභද්‍ර‍යෙනි, මේ භික්ෂූහු යහපත් ලෙස වාසය කරත්නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ යැයි වදාරණ ලද්දේය.
    මහරජාණෙනි, මෙහිලා සිනිඳු, මට සිලිටි, ප්‍ර‍භාවත් වූ, නිර්මල කැඩපතක් ඇත්ද, එය මෘදු වූ සියුම් වූ ගේරුක සුණු වලින් නැවත නැවත ඔප දමන්නේ නම්, මහරජාණෙනි, ඒ කණ්ණාඩියෙහි මලකඩ, මඩ, දූවිලි ආදිය බැඳෙන්නේද?
    නැත ස්වාමීනි, වඩ වඩාත් නිර්මල වන්නේය.
    එසෙයින් මහරජාණෙනි, උතුම් බුද්ධ ශාසනය ප්‍ර‍කෘතියෙන්ම නිර්මලය. ක්ලේෂ, මඩ, දූවිල්ලෙන් බැහැර වී ඇත්තේය. ඉඳින් සසුන්වන් කුල පුත්‍රයෝ ආචාර ශීල ගුණයෙන් වත්පිළිවෙත් වලින් සල්ලේඛ ගුණයෙන් ධුත ගුණයෙන් උතුම් බුද්ධ ශාසනය බැබලීම් කරත්නම්, මෙසේ මේ උතුම් බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින්නේය. රහතුන්ගෙන් හිස් වන්නේ නැත. යන මෙකරුණ සළකා භාග්‍යවතුන් වහන්සේ ” සුභද්‍රයෙනි, මේ භික්ෂූහු යහපත් ලෙස වාසය කරත්නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය.” යනුවෙන් වදාරණ ලද්දේය.
    මහරජාණෙනි, ප්‍ර‍තිපත්තිය පදනම් කොටගත් ශාස්තෘ ශාසනය ප්‍ර‍තිපත්තිය කාරණය කොට, ප්‍ර‍තිපත්තියෙන්ම අතුරුදහන් නොවී පවතින්නේය.
    ස්වාමීනී නාගසේනයන් වහන්ස, සද්ධර්මය අතුරුදහන් වහන්නේය යන කරුණක් පැවසුවාහුය. ඒ කවර සද්ධර්ම අන්තර්ධානයක්ද?
    මහරජාණෙනි, ශාසනයේ මේ අන්තර්ධානයෝ තුනකි. ඒ කවර තුනක්ද යත්.. අධිගම අන්තර්ධානය ප්‍ර‍තිපත්ති අන්තර්ධානය සහ ලිංග අන්තර්ධානයයි. මහරජාණෙනි අධිගමය අතුරුදහන් වූ කල්හි ඉතා හොඳින් ප්‍ර‍තිපත්තියේ යෙදෙන්නේ නමුත් ධර්මාභිසමයක් නොවෙයි. ප්‍ර‍තිපත්තිය අතුරුදහන් වීමෙන් ශික්ෂාපද සමාදන්වීම අතුරුදන් වේ. ශ්‍ර‍මණ ලකුණම තිබේ. ශ්‍ර‍මණ ලකුණ අතුරුදන් වූ කල්හි ශාසන පරම්පරාව සිඳී යයි. මෙසේ මහාරජාණෙනි. මේ තුනක් වූ අන්තර්ධානයෝයි.
    ස්වාමීනි නාගයන් වහන්ස, උතුම් සංඝයා තුළින් උපන් ඔබ වහන්සේ වෙත පැමිණි ප්‍ර‍ශ්ණය ඉතා හොඳින් පැහැදිලි කරන ලද්දේය. ගැට බිඳින ලද්දේය. පරවාද නසන ලද්දේය. කතාව නිශ්ප්‍ර‍භ කරන ලද්දේය.

    තෙරුවන් සරණයි!

    • යකා says:

      ඉතාම වටිනා කොමෙන්ටුවක් … ඔබට පින්
      එත් තාම පැහැදිලි මදි
      ධර්ම අවබෝධ වන කාලය අවුරුදු 500 කියන්නේ බුද්ධ ශාසනය ඊට වඩා කල් තිබ්බත් මාර්ග පල ලබන්න බැහැ කියන එකද ?

      • ඔය කතාවත් මිලින්ද ප්‍රස්න අටුවාවයි. වසර 500ක් සද්ධර්මය පවතිනවා යනු බුද්ධ වචනයයි. ගැහැනු පැවිදි නොකලා නම් එය වසර 1000ක් වෙනවා යන බුද්ධ වචනයෙන් කාන්තාව පැවිදි වීම සසුනට කොච්චර අහිතකරද යන බව ප්‍රකාශ කලා.
        මෙම අධිගම අන්තරධාන කතාවත් අර “භික්ෂුව හරියට පිලිපදිනව නම් රහතුන්ගෙන් ලෝකය හිස් නොවේ” යන බුද්ධ වචනයට පටහැනියි. වසර 5000 කතාව කොහෙත්ම අදාල නෑ.
        වසර 500 කතාව මෙකයි…
        ගලාගෙන යන ගඟක ආයුස වසර 500ක් නම් ඒ 500 ඉවර වුන ගමන් ගඟ එකවර ඉවර වීමක් නොවෙනව වගෙ සද්ධර්ම ප්‍රවාහය වසර 500ක් ලෝකයේ හොඳින් ගලා ගොස් ඉන් පසුව ක්‍රමයෙන් පරිහානියට පත් වෙලා අතුරුදහන් වෙනවා.
        ඒ නිසා බුද්ධ වචනය අනුව වසර 500න් පසුවත් හරි ප්‍රතිපත්තිය කලොත් සියලු මාර්ග පල ලැබෙන අතර වසර 500 න් පසුව සද්ධර්මයේ පිරිහීම ආරම්භ වෙලා තියන බව ඉතිහාසයෙන්ද පැහැදිලියි.

  13. ගමයා says:

    අඳබාලයන්ට ගැරහීමද බුද්ධ දේශනාව?

    රහතුන් බිහිවෙන්නැත්නම් බුද්ධ ධර්මය පස්සේ දුවන එක තේරුමක් ඇති වැඩක් නෙමේනේ. අන්තිම උත්සහය එතනට ළගාවීමනේ…

    මේ උන්නානසෙලා තම තමන්ට අවශ්‍ය විධිහට ධර්මය නවනවා… අපි බොහොම පරිස්සමෙන් මේ කොයි අයත් කියන ඒවා පිළිගන්න ඕනා…

  14. Love nature says:

    අනුන්ගේ වැරදි අඩුපාඩු නො සොයන්න. අනුන් කළ නො කළ දේ ගැන නො විමසන්න. තමන් කළ හොඳ නො හොඳ ගැන විමසා බලන්න.

    මෙවැනි උතුම් බෞද්ධ අදහස්‌ අමතක කිරීම නො එසේනම් මෙවන් බෞද්ධ ඉගැන්වීම්වලින් ඈත්වීම බෞද්ධයාගේ පිරිහීමට හේතු වී තිබෙන බව තව ම තේරුම් ගත නො හැකිවීම මුළු මහත් ජාතියේ ම අවාසනාවකැයි කිව යුතුයි.

  15. Love nature says:

    අද පවතින බුදුදහම, බුදුන් වහන්සේ පහලවූ නිසාය.බුදුන් වහන්සේ අපට ලැබුණේ, මේ මිනිස් ලොව අදටත් දක්නට ඇතිධර්මතා තුනක් නිසාය.
    එම ධර්මතා තුන නම්,
    ජරා ( මහළු වීම නැතහොත් තරුණ භාවය පිරිහීම )
    ව්‍යාධි ( ලෙඩ වීම නැතහොත් ආරොග්‍ය පිරිහීම )
    මරණ ( පණ නැතිවීම නැතහොත් ආයුෂය පිරිහීම )

    මිනිසුන් මුහුනපාන මෙම ධර්මතා තුනට හේතුව, ඔවුන්ගේ ඉපදීම බව අවබෝධ කරගත් බුදුන්වහන්සේ එකී ඉපදීම නැතිකරන ක්‍රමය පෙන්වා දුන්නා.
    ඒ අනුව ඉපදීම නැති කිරීම තුලින් මුළුමණින්ම ජරා, ව්‍යාධි, මරණ නැතිකල හැකි බව ප්‍රකාශ කලා.
    තම ජීවිත කාලය තුලදීකෙනෙකුට මෙම අත්දැකීම ලබාගත හැකි බවත් ප්‍රකාශ කලා.

    නූතන ව්ද්‍යාවෙන් මෙම ධර්මතා තුනට ලැබී තිබෙන පිළිතුරු මොනවාද?
    නූතන විද්‍යාවෙන්, ජරා (මහළු වීම ) මුළුමණින්ම නැතිකර තිබේද?
    නූතන විද්‍යාවෙන්, ව්‍යාධි(ලෙඩ වීම ) මුළුමණින්ම නැතිකර තිබේද?
    නූතන විද්‍යාවෙන්, මරණ (පණ නැතිවීම ) මුළුමණින්ම නැතිකර තිබේද?
    අදටත් පවතින මේ ධර්මතා තුන මුළුමණින්ම නැති කිරීමට නූතන විද්‍යාව සමත් වී ඇත්ද?

  16. nanayakkara says:

    මොනවා උනත් සමන්තභද්‍ර හාමුදුරැවන්ගේ කතාව විතරක් ඇත්තයි

  17. පැණිසේන says:

    පිටිදූවේ සිරිධම්ම හිමියන් කියන්නේ ඇත්ත!

  18. gorilla says:

    තමුසෙල දෙන්නම ආගම විකුර්තිකරන චීවරදාරීන්.

  19. sam De says:

    thawath Pisoonwahanselaa ….dennek ..Saadu Saadu

  20. ෴හෙළයා෴ says:

    සැබෑ බෞද්ධයිනි,මේ දෙදෙනාම දහමෙහි හැසිරෙන්නෝ නොවෙති.දහම අනුභව කර දූෂණය කරන්නෝ වෙති.බෞද්ධයිනි ,ඒ දෙදෙනාට යුධ වදින්නට ඉඩදී නුඹලා දහමෙහි හැසිරියල්ලා.

  21. Dinesh Jayasinghe says:

    Dennama karanne business ekek. dennage customers la wedi karana kaiwaru gahanne Prabakaran wage. Prabakaran punchi kollo kelloenge molaya seduwa, me denna karanneth e tikai modayange olu hodala thaman hari kiyana mathaya godanaganawa. modayo mula wenewa, me denna pitupasa yana laga kisima winayak ne, iwasimak ne, taraha mulawa, maanaya, thanhawa pirila. ekenma penewa meyalage minissu monataram pirihilada kiyana eke. thaman hari kiyala modayo alla gannawa, Dahama hoya yana nugath minissu nawathinne pudhgala sarana thula. Sad and sympathize about gal horu and donkey bakthas!

  22. LISTON says:

    Budu dahama nivaradhiwa danaganna one num Rerukane hamuduruwange poth kiyawanna. Me therumak nathi minnissu passe yanne nathiwa

Main News