පිටිදුවේ සිරිධම්ම මහ රහතන් වහන්සේ කෙලෙස් සපිරි මල්වතු මහනාහිමිට වැද සමාව ඉල්ලයි..[Video]

October 15, 2017 at 10:46 pm | lanka C news
පිටිදුවේ සිරිධම්ම මහ රහතන් වහන්සේ කෙලෙස් සපිරි මල්වතු මහනාහිමිට වැද සමාව ඉල්ලයි..[Video]

දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් විසින් මල්වතු මහ නාහිමියන් ප‍්‍රමුඛ එම නිකායේ කාරක සංඝ සභාවෙන් වැද සමාව ගනු ලැබීය.

සිරිධම්ම හිමියන් විසින් කරන ලද ධර්ම දේශනයකදී දලදා වහන්සේට හා ලළාට ධාතුන් වහන්සේටත් අපාසස කලේ යයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හා මල්වතු මහ නාහිමි ඇතුළු නාහිමියන් අපහසුතාවයට පත් කරමින් කරන ලද්දේ යයි කියන ප‍්‍රකාශ සම්බන්ධයෙන් මෙසේ සමාව ගනු ලැබීය.

අදාල චෝදනාවන් සම්බන්ධයෙන් සිරිධන්මම හිමියන් නිකායෙන් ඩවත් කිරීමට තීරණය කර ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස ලිඛිතව කරන ලද දැන්වීමක් අනුව මෙම සමාව ගැනීමද ලිඛිතව සිදුවිය.

තමන් සත්‍ය අවබෝධ කරගත් රහතන් වහන්සේ නමක් යයි නිතර දේශනා කරන පිටිදුවේ හිමියන් විසින් කෙලෙස් නොනැසු බවට උන් වහන්සේම කියන මහ නාහිමිවරු ඇතුළු කාරක සංඝ සභාව හමුවේ සමාව ගැනීම විශේෂය.

45,036 Viewers

56 Comments to “පිටිදුවේ සිරිධම්ම මහ රහතන් වහන්සේ කෙලෙස් සපිරි මල්වතු මහනාහිමිට වැද සමාව ඉල්ලයි..[Video]”

  1. harshana says:

    දැන් මොකද බොලා කියන්නේ සමන්ත බද්දගේ ගොන් සෙට් එක
    කෝ උඹලා හැන්ගිලාද මොකද වීරයාට උනේ ?බොක්ක රත්වුනා නේද ?ඔය ටික වෙන බව අපි කිව්වා නේද?
    රහතා සමාව ගත්තා කියන්නේ මාර නෝන්ඩියක් නේ ඔයි රහතුන් වැරදි කරන්නේ නෑ නේ

    • OLU says:

      වැරදි නොකල කෙනෙක් සොයා ගැනීමට අපහසුයි ..තමන් කල වැරැද්ද පිළිගැනීම උතුම් ක්‍රියාවක් ..
      .එය අපි අගය කල යුතුයි ගරු කල යුතුයි
      ගරුතර පිටිදුවේ සිරිධම්ම හිමියන්ට සත්‍ය වැටහේවා

      • Kamal says:

        යුඑන්පී හාමුදුරුවො ඉස්සරහා නේද මේ යකා දෙකට නැමුනෙ

        • SAPU says:

          මල්වතු මහ නාහිමියන් ප‍්‍රමුඛ එම නිකායේ කාරක සංඝ සභාවට අපේ පාද පුර්ව නමස්කාරය
          රට දැය සමය රැ ක ගත්තේ චීවරයයි
          රට දැය සමය සුරකින්නේ චීවරයයි
          එවැනි සසුන අද සමහර හිමිවරු නසති
          සසුනට ගරහන උන් වනසා රට රැකුම
          තමයි අද දවසේ මහන කම

          • ජනක says:

            අනිවාර්නම මචන් අපි කොච්චර බැන්නත් මේ ප්‍රශ්නේ ඉතාම ශ්‍රේෂ්ට විදියට විසදුවේ මහනායක හාමුදුරුවරු සහ ඒ සඟ සභාව .නිහඩවම වැඩේ දුන්නා කට උත්තර නෑ සරලයි ලස්ස්සනයි .

            මහනායක හාමුදුරුවනේ සින්හලයාව නැතිකරන්න ගෙන බුදුදහමට ප්‍රමුකස්තානය දෙනවා කියල කොලේ වහලා පස්සේ දොරින් ඒ ප්‍රමුකස්තානය නිශේද කරන අලුත් ආණ්ඩුක්‍රම වියවස්තවටත් ඔය විදියටම නිහඩව ගේමක් දෙන්නකෝ පින් අයිතිවේවි මුළු මහත් ජාතියේම

    • Ranil says:

      බත් කන කකුල් දෙකේ harshana වැනි හරක්ට මොනවද තේරන්නේ ?
      මහානායක හාමුදුරුවොත් දාතු කතාවට මොකුත් කියල නැහැ

      • සුලක්ෂණ says:

        නෑ නෑ මහා නායක හාමුදුරුවරු මුකුත් කිව්වේ නෑ ලිපියක් ලියල එව්වා වහාම සමාව ගත්තේ නැතිනම් නිකායෙන් පන්නනවා කියලා නිකාය ගැන බනින මිනිහා “බය “උනා මාව නිකායෙන් පන්නුවොත් මල කෙලියක් නේ කියල මහා රහත “බය” උනා පුසෙක් වගේ ගිහිල්ලා සමාව ඉල්ලුවා .මහා නායක හාමුදුරුවෝ කිව්වා එහෙම කට වචනෙන් සමාව ඉල්ලලා හරියන්නේ නෑ ලිකිතව දීපන් කියල වචනයක් කියන්නේ නැතිව පුසා වගේ කියන විදියට ලියල දීලා අත්සන් කළා .
        රහතුන් කිසිවකට “බය ” නෑ රහතන්ට නිකායක් ඕන නෑ නමුත් අපේ පිටිදුව “බය”උනා
        පිටිදුවට මහා නායක හාමුදුරුවරු සහ දිවියාගහ යසස්සි හාමුදුරුවෝ උපදෙස් දුන්නා පිස්සු නටන්නේ නැතිව ශාසනික කටයුතු කරගෙන යන්න කියල හැබැයි නියම විදියට කලේ නැතිනම් ආයේ පියවර ගන්න බවත් කිව්වා අන්න එකට තමා ඒ සමාව ලිකිතව ගත්තේ .
        සෙල්ලන් දැම්මා බල්ටි ගැහුවා සින්දු හැදුවා කෝචෝක් කළා දැන් හොට බිම ඇනුනා
        පිස්සුව හෙළිවුණා .තවත් මේ මිනිහා පස්සෙන් යන මිනිස්සු ඉන්නවනම් උන්ටත් ඇත්තටම පිස්සු සහ නුගත් මෝඩයෝ උන් .
        මෙයා රහත් නොවන බව එතන හැසිරුණු විදියෙන් හැමෝටම පෙනුනා .මිනිහා රුපවාහිනියට කිව්වේ “මගේ ප්‍රකාශය විකුර්ති කළා “කියල නමුත් සිහිබුද්දිය තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා මිනිහා කිව්ව කිසිම දෙයක් වෙනස් කරලා එඩිට් කරලා නැතිබව .නමුත් පිට්ටා එහෙම කිව්වේ ඩැමෙජ් කොන්ට්‍රෝල් කරගන්න තමුන්ගේ නිකායෙන් දොට්ට දාවී කියන “බයට ”
        රහතුන් වහන්සේලා මෙහෙම බය වෙනවා අපි අහලා නෑ .
        අපි දැනගත්තා මේක මෙහෙම වෙන බව .අන්න එනිසයි බොලාට කිව්වේ වැඩිය අබියෝග කරන්න එපා කියල .නායක හාමුදුරුවරු වැඩි සද්දයක් නැතිව ලස්සනට කිසිවෙකුට අගවුරවයක් නොවන විදියට වැඩේ කළා එච්චරයි .දැන් ඉතින් පිටිදුවෙට කියපන් නිකන් නටන්නේ නැතිව ඉස්සර වගේ හොඳ බණක් කියාගෙන ඉන්න කියල .

        • සුරිය says:

          “පූසෙක් වගේ ගිහිල්ල සමව ගත්තා”

          සමන්ත බඩඩගේ මුණ මතක් වෙනකොට මේක අහල මට ඉල අදෙනකම් හිනා ඔයි
          මිනිහනම් පුසෙක් තමයි හැබැයි තඩි හොරපුසෙක්
          බලාගෙන මිනිහා තව පිම්මක් පනින්නයි යන්නේ

    • මැතිව්ස් says:

      me dawaswala jis deyiya naa. mata baduma thamaa.

    • Dev says:

      E umbala danna rahatun.
      poth wala inna rahatun.

    • CORBRA says:

      @ harshana

      ගිහියෙක්වූ ඔබට ගෞරවනීය සංඝයාවහන්සේලාව විවේචනය කිරීමට කිසිම අයිතියක් නැහැ ..එය එම නිකායේ කාරක සංඝ සභාවෙන් කලයුතු කාර්යක්
      නොදන්නා දේවල් ගැන බොරුවට අවමන්, අපහාස ,විවේචන නෝකර උබේ වැඩක් බලාගනින් මෝඩයෝ

    • සිංහය says:

      සිංහ වෙස් ගන්න හදපු හිවලෙකුට වෙච්ච වෑඩක් .

  2. මරුසිරා says:

    අපි පව්බන්.

    මෙයට,
    ඇන්ජලෝ මැතිව්ස්

  3. ඥානඥොක්කිත says:

    රහතන් වහන්සේ නමක් වුවත් තමන්ට වඩා උපසම්පදාවෙන් වැඩි භික්ෂූන්ට වන්දනා කල යුතුයි. එයයි බුද්ධ විනය.
    අස්ගිරි මහ නායකට සිදුනා නම් සමා වෙන්න කියලා මිසක් ප්‍රකාශයන් ඉල්ලා අස් කරගත්තේ නෑ.

    අනික මල්වතු හහිමිවරුන් ට උන්වහන්සෙගේ රහත් බාවය ගැන ගැටලුවක් නෑ.. ඒ ගැන ගැටලුවක් මතු කරලා නෑ. අර දාතු කේස් එකක් නිසා නේ රිදුනේ.

    • sarath gunapaala says:

      ඥානඥොක්කිත, පල ඩෝ යන්න. උඹට බුදු හාමුදුරුවෝ ඇවිල්ලා ඔහොම එකක් කියුවද? මූ හරියට බලාගෙන උන්න වගේ මේවා කියන්නේ!

      • එච්.ආර්. මැනේජර් says:

        සරතො, බොලා අහල නැද්ද අග්‍රශ්‍රාවක වුණාට පස්සෙත් අරහත් සැරියුත් හාමුදුරුවො සෝවාන් ලාභීව සිටි අසිත හාමුදුරුවන්ට (බුදු හාමුදුරුවන් වෙත ඒමට මඟ පෙන්වූ නිසාවෙන්) දිනපතා වැඳ නමස්කාර කොට සැලකූ බව? එහෙම තමයි බොල රහත්තු, බොලා වගේ නෙවේ.

  4. Bandula says:

    දැන් ඉතින් අස්ගිරි-මල්වතු ආශිර්වාදය මැද වැඩේ කරන්නයි තියෙන්නේ. මේක සමන්තභද්‍රයන්ට හොඳ ආරම්භයක් විතරයි. හූ කියන්න බලන් හිටි නරි රැල සදා අනාථ වීමක් විතරයි වෙන්නේ.

    • janaka says:

      ඔව් ඔව් දඟලලා බලපන් අස්ගිරි හාමුදුරුවෝ දැන් මිනිහට අර “වානරයා පොතේ වානරයාට “දාපු මාලයක් දාලා තියෙන්නේ වැරදි දෙයක් කිව්ව ගමන් දැහැන මතුරනවා වානරයා සරෙන්ඩර්
      අනේ පලයන් යන්න .
      පිස්සු හැදෙන්න ඉස්සරවෙලා හිටපු පිටිදුවේ නැවත අආවොත් අපිත් යනවා බන අහන්න නමුත් මේ පිස්සගෙ පිස්සු අහන්න නම් යන්නේ නෑ
      නයක් හාමුදුරුවරුන් ගේ දේශපාලනය ගැන නම් අපේ කිසිම පැහැදීමක් නෑ නමුත් මේ සිද්දිය ඉතාම ගවුරවනිය විදියට කළා අන්න ඒ ගැන අපේ ප්‍රණාමය ඔබවහන්සේලාට පුදකරනවා .
      ඕනෑම මිනිහෙක් දැනගන්න ඕනා තමුන්ගේ සීමාව පිස්සු නටන මිනිහාට එකේ වන්දිය ගෙවන්න වෙනවා .මේක මේ රටේ ඉන්න ආණ්ඩුවත් දැනගත්තොත් හොදයි ඔය දේම ආණ්ඩුවේ කට්ටියටත් ළඟදීම වෙනවා

  5. RAW says:

    aiyo mehema nondi weemak. sinhaya wage talks deela balu kukka wela enawa. kamak nehe ehema wath sathya awaboda una nam. samantha baddage walige ellila giya gon rela paw

  6. sira says:

    ඊළඟට ඉරාජ්ගෙන් සමාව ගත්ත නම් සත්‍ය අවබෝධ කර ගන්න හැකි වේවි.
    අනේ ඉරාජ් කොළුවො උඹ අවුල් කල මුන්නාන්සෙගෙ මනස උඹම ප්‍රකෘති තත්වෙට අරං දීපං.උන්නාන්සෙට බෙහෙත් ගන්න උදව් කරපං.උඹට පිං?????

  7. රොන් says:

    මම දින දෙකකට පෙර (October 13 දින) සමන්තභද්‍ර හිමියන් ගැන පහත සඳහන් දේ ලියා තිබුණා.ඒ කියමන හරි වගේ.

    රොන් says:
    October 13, 2017 at 12:39 am

    තාවකාලික රහත්බව අවසන්වි අඳනකඩෙත් නැතිව දුවන දිනය පැමිණෙනතුරු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

    • Harshie says:

      Aa…..ban Ron,ko mekage oluwa wate karakena res walalla?api pinthuruwala dakina rahathan wahanselage ehema ewwa tibuna wage mathakai.mekata me danduwama lihil wedi…..

  8. Manel says:

    Dear folks, If you think you are buddhist please refrain from making any comments on this matter. Does not matter who is right or wrong. Your comments can cause more damages.

  9. Wijebahu says:

    Whether he is arahath or not I like some of his talks. He is a sharp preacher.

  10. ෆෙඩරල් එපා says:

    සියලුම දේ අත හැරිය උන්වහන්සෙට සම්ප්‍රදායික, හණමිටි, ගෝත්‍රික (උන්වහන්සේගේම අදහස් ) නිකාය අත හරින්න බැරි වුනේ මක්කෙයි.
    බුදු දහම පිහිටන මේ රට ජාතිය සංස්කෘතිය අත හරින්න කිව්වට අපි ඒක අත නොහරින්නෙ සංසාර සාගරෙන් එතෙර වෙන අයට අවශ්‍යය පතිරූප දේසය පවත්වාගෙන යාම සඳහාය.
    රට බෙදන ව්‍යවස්තාවට විරුද්ධ වෙමින් මරාගෙන මැරෙන්නෙත් අනාගතයේදිත් සසරින් එතෙරවීම සඳහා පමනක්ම සිත යොමු කරවන අයට අතුරු ආන්තරාවක් නැතිව එම කටයුත්තේ නියලීමට සුදුසු වාතාවරණය සැලසීම සඳහාය.

  11. thushara says:

    උන්වහන්සේගේ වාසනාවට සමව දෙනවා කියන කොට උන්වහන්සේට සිනා ගියා. උන්වහන්සේට තියෙන වාසනාව ඔය එක නරියෙකුටවත් නැත. උන්වහන්සේට අවවාද අනුසාසන දෙන්න පුළුවන් කෙනෙක් මේ ලොවෙත් නැත. බොරු සද්ද දන්නේ නැතිව හිත රිදුනනම් විතරක් සමා වෙලා ඔය duty එක කරගෙන ඉන්න. රහත්නන් වහන්සේ කෙනෙකුට අවවාද දෙන්න තිය මේ set එකට ළඟටවත් එන්න බැ . උන්වහන්සේ ගේ කරපු ප්‍රකාශයන් එකක්වත් ඉල්ලා අස් කරගත්තේ නැත. ඒ කියපු දේවල් තවමත් සත්යි.

    • saranga says:

      දැන් ඉතින් ඔහොම හිතලා හරි හිත හදාගනින් .මොනව් කරන්නද උඹලගේ මෝඩ කමටනේ නිකන් බොරු කාරයන්ගේ පිටුපාසේ ගිහින් කාලය නාස්ති කරගත්තේ

  12. අනාථ ජනයා says:

    අරිහත් නම් ආර්‍ය සත් චානයට හිමිකාරයෙක් විය යුතුයි, එවිට අතීත අනාගත වර්තමාන නොහොත් තුන්කල් දනී. එහෙම උනානම් මෙහෙම වෙනවද? අනුවන වැඩකරල පෘතග්ජනයින්ට වැදවැටෙන්න වෙනවද? මේ මෝඩ වන්දනාවෙ යන ගෝල පිරිසට අබමල් රේනුවක මොලයක් තිබේනම් බුද්ධ

  13. රාහුල කොලුවා says:

    මේකෙන් සිද්ධ වුනේ මෙච්චර කාලයක් තිබිච්ච රහත්භාවය රහත් වෙච්ච එක… දැන් නම් රහතන් වහන්සේ කියලා කියන්න බෑ…

  14. භික්ෂු says:

    අරිහත් නම් ආර්‍ය සත් චානයට හිමිකාරයෙක් විය යුතුයි, එවිට අතීත අනාගත වර්තමාන නොහොත් තුන්කල් දනී. එහෙම උනානම් මෙහෙම වෙනවද? අනුවන වැඩකරල පෘතග්ජනයින්ට වැදවැටෙන්න වෙනවද? මේ මෝඩ වන්දනාවෙ යන ගෝල පිරිසට අබමල් රේනුවක මොලයක් තිබේනම් උතුම් බුද්ධ දර්ශනට බුද්ධ ප්‍රච්නප්තියට නිගානොදෙන්න. දැන්වත් මනුෂ්‍ය බුද්දිය ඉස්මතු කරගන්න. දහම ගවේෂණය කරන්න තමුන්ගෙ වැටහීමට ගෝචරනම් පමනක් පිලිපදින්න. යම් දිනක හරි දැකීම ලැබෙනු ඇත

  15. ExUNPer says:

    Ven Siridhamma thero did the right thing.
    It is an example to everyone.
    If you make a mistake, acctept and fix it , rather than arguing that what you did is right.
    So, people, be happy….
    Ven Siridhamma thero and mahanayake thero’s just avoided division…when ngo people are working hard to form further divisions.

    • SUNITH says:

      You are correct he did the RIGHT thing .wait a minute…. That means he did wrong things ?
      HOW COME ? ARIHATH THEOROS DONT DO WRONG THINGS.

  16. neil says:

    I do not 100% fancy about his preaching. But most of the time make sense. Make sense to intelligent people. But he failed to express without hurting lay persons with feelings which were moulded by more than 2500 years by so called Buddhist organisation not Dharma.

    Apologising is a mark of high intelligence and humbleness.

  17. Asiridamma says:

    Nuduru anagathayedi janadipathitath wandala samawa illuwath puduma wenna deyak naha. Api upekshawen balan indimu.

  18. sam says:

    mama danna widiyata nam maharahath bikshuwak prutakjana bikshuwakagen samawa gatta palamu awasthawa.meka api uthsawa pawathwanna watina awasthawak.sadu..sadi….

  19. Binoj says:

    All these are cheating poor foolish Sinhaese. Inside temples……no way to talk

  20. gorrila says:

    පිටිදුවේ කියන්නේ හොදට මොලේ තියෙන ඩයල් එකක් ඒක පිලිගන්න ඔනේ. මැන්ස් ත්‍රිපිටකයක කටපාඩම් කර ගන්නැති සම්හර විට. අර බලංගොඩ හාමුදුරුවෝ කිව්ව වගේ මිනිහනම් මාරය එවපු ඩයල් එකක්. බුදාගම ඇතුලට රිංගල එක විනාශ කරන්න ආපු පොරක්.රහතන් වහන්සේලා මියික්‍රොබයෝ ඩිග්‍රි ගැන කියෝ කියෝ ඉන්න එකක් නැ.

    • Gunaruwan says:

      Matath oya tika hithila thiyenne. Oya aluth nikaya wal hada gena asrama, asapu hada gena anith hamuduru waru wiwechanya karanne a apu set eka thamayi.

  21. මේධානන්ද හිමි says:

    වස බීව ද, ඉල්ලා අස්කර ගත්ත ද, දෙදන නමා වැන්ඳ ද අදටත් පෘථිවිය සූර්‍යා වටා භ්‍රමණය වෙමින් පවතී.
    සොක්‍රටීස් සම්භව්‍ය ග්‍රීක දාර්ශනිකයෙකි. බටහිර දර්ශනයේ නිර්මාතෘවරයෙකි. “කුමක් ද සද්ගුණය? කුමක් ද යුක්තිය? කුමක් ද සත්‍යය?” යනුවෙන් ප්‍රශ්නයක් අසන සොක්‍රටීස් එය දන්නවා යැයි සිතා උත්තර දෙන්නෙක් අල්ලා ගත් විට ඉතා ප්‍රමුදිත වෙයි. ඊළඟට ඔහු කරන්නේ ඒ උත්තර වල වැරදි සොයා පෙන්වීමයි. එසේ පෙන්වා දීමේ දී උත්තර දෙන්නට පැමිණි අය තමන් නොදන්නා බව වටහා ගනියි. සොක්‍රටීස්ගේ අරමුණ ද එය ම වෙයි. සංවාදය අවසන් වෙන්නේ නොදන්නා දේ ගැන සොයා යෑමේ කර්තව්‍යයට අනෙකා එකඟ වීමෙනි. ප්‍රඥාවට බොරු අයිතිවාසිකම් කියා ගන්නා අය හෙලිදරව් කිරීමට ඔහුගේ මුළු කාලයම වැය වින. තරුණයෝ ඔහුගේ සංවාද අසා ප්‍රීතියට පත් වූ නමුත් පාලකයන් අතර සිටි ධනවතුන් තම වැරදි හෙලිදරව් කරනවාට අකමැති වූහ.
    තමාට සුදුසු දඬුවමක් කියන්නට යැයි ජූරිය ඔහුට පවරන ලද විට සොක්‍රටීස් කිව්වේ ඇතිනියානු වැසියන් විසින් තමන්ට ප්‍රතිමාවක් හදා එය නගර චතුරශ්‍රයේ තැබිය යුතු බවයි. ජූරිය තවත් කෝපාවිෂ්ට වී ඔහුට මරණය නියම කළේ ය. තමන් ගත් තීරණය ගැන පසුව ලැජ්ජා වෙන ඔවුන් සොක්‍රටීස් මුර කරන්නට තැබූ මුරකරුවන් ඉවත් කර ඔහුට පළා යන්නට අවස්ථාව දුන්න ද, සොක්‍රටීස් ඊට එකඟ වූයේ නැත. පලා යෑමෙන් නීතිය කැඩුවහොත් තමා සියලු නීති වලට හතුරෙක් වෙන බව සොක්‍රටීස් පැහැදිලි කළේ ය. අවසානයේ ඔහු හෙම්ලොක් විෂ පානය කර මිය ගියේ ය.
    ඉතාලි ජාතික ගැලීලියෝ ගැලිලි භෞතික විද්‍යාවේ පියා සහ නූතන විද්‍යාවේ පියා ලෙස හැඳින්වේ. සඳු පෘථිවිය අසලින්ම භ්‍රමණය වන බවත්, පෘථිවිය එයට සමගාමීව සූර්‍යා වටා භ්‍රමණය වන බවත් පැවසුවේ වතිකානුවෙන් නැගී ආ මහා විරෝධය නොතකාය. ඒ වන විට හිරු, සඳු, තාරකා ගැන එකල විසූ පාදිලිවරුන් මහාචාර්‍යවරුන් සිතා සිටි මති මතාන්තර, ගැලීලියෝ විසින් පට්ටපල් බොරු බව ඔප්පු කරන ලදී.
    ගැලීලියෝ විසින් ඉදිරිපත් කල මතය සාවද්‍ය බව ප්‍රසිද්දියේ කියන ලෙස පාප් ඇතුළු වතිකානුවේ පාදිලිවරු පැවසුවේ ය. ගැලීලියෝට මෙවන් සාපරාධී මත අන් අයට කියා නොදෙන ලෙසට අවවාද කෙරිනි. පෘථිවිය සූර්‍යා වටා භ්‍රමණය වන වග මොනම අවස්‌ථාවකදීවත් සිය මුවින් පිට නොකරන ලෙසට නියෝග ලැබිනි. ඔහු රෝමයට ගෙන්වා ප්‍රසිද්ධ නඩු විභාගයක්ද පැවත් වූ අතර, කිසි විටෙක අසත්‍ය ඉදිරියේ හිස නොනැමූ ගැලීලියෝ තම මතයේම පිහිටා කටයුතු කරන ලදී. එහෙත් අධිකරණයේ බලහත්කාරකමට හිස නමා පෘථිවිය සූර්‍යා වටා භ්‍රමණය වෙමින් පවතී යන අධිකරණ ලියවිල්ලට ඔහුට අත්සන් කිරීමට සිදුවිය.
    නමුත් “මම මෙසේ අත්සන් කිරීමට අවනත වීමෙන්, විශ්වයේ යථාර්ථය වෙනස්‌ නොවේ.” යැයි ඔහු හෙලි කළේ ය.
    ඉතිහාසය පුනරුච්චාරණය වෙමින් පවතී.

    • හර්ෂණ says:

      මේදානන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේට ලජ්ජා නැද්ද මේ කොහෙවත් ඉන්න මිනිස්සු ගැන කියවන්න .
      මෙයා ඒ විද්‍යාඥයන් ට සම කරලා පෙන්වලා මෙයත් අන්න ඒ ජාතියේ කෙනෙක් බව වියන්ගයෙන් කියන්න ?
      හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ සත්‍ය සොයාගෙන ඉවරයි .පිටිදුවෙට තව හොයාගන්න දෙයක් ඉතුරුවෙලා නෑ .ඔය කියන සොක්‍රටීස් ජාතියේ කෙනෙක් නෙවෙයි මෙයා බුදුහාමුදුරුවෝ උඩුගං බලායන දහස් කියල බුද්දත්වයට පත්වෙලා සත්‍ය ලෝකෙට දායාද කළා දැන් පිටිදුවෙට තියෙන මමත්වය පලි නෑ එකට මිනිහට බුදුදහම අලුතින් කියන්න දෙයක් නෑ .නිකන් අපරාදේ ඔබවහන්සේගේ කාලය මේ ඉතිහාස කතා ලියලා නාස්ති නොකර පන්සලට වෙලා බාවනාවක් කොරගන්න

    • indika says:

      මේධානන්ද හාමුදුරුවනේ ඉල්ලා අස්කරගත්තත් සත්‍ය සත්‍ය හැටියට තියෙන්න මෙයා කිසිම සත්‍යක් හොයාගෙන ප්‍රකාශයක් කරලා නෑ මිනිහට ඒවගේ ප්‍රකාශයක් කරන්නත් බෑ මොකද මිනිහට ලෝක සත්‍ය හොයාගන්න දෙයක් නෑ අර කිව්ව වගේ බුදුහාමුදුරුවෝ ඒ මාර්ගය හොයාගෙන ඉවරයි .එනිසා මේදානන්ද හමුදුරුවෝ කියන ඔය කතා වලට මෙතන කිසිම සම්බන්දයක් නෑ .
      පිටිදුවේ කල ප්‍රකාශය තමා මහනායක හාමුදුරුවන්ට අපහස කරන ප්‍රකාශ ,දළදා වහන්සේට ලලාට දාතුන් වහන්සේට අපහස කරන ප්‍රකාශ (දැන් ඒවා මාද්‍ය වෙනස් කළා කිව්වට සම්පූරණ කතාව බලපු අය දන්නව එහම මාද්‍ය මගින් දෙයක් සිදු නොවුන බව )
      මේවා හාමුදුරුවෝ මොහොමද සොක්රටිස්ලගේ ගලිලියෝලගේ ප්‍රකාශ එක්ක සම්බන්ද කරන්නේ ?
      මේවා පිටිදුවේගේ වයිර කතා අරවා විද්යාගනයන්ගේ සොයාගැනීම් .හාමුදුරුවෝ කියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතා හාමුදුරුවන්ගේ .ඔය කට්ටිය ගැන කියල පිටිදුවේගේ පවු සමා කරන්න බෑ පිටිදුවේ ඔය කතා කිව්ව කියල අර මිනිස්සු වගේ ශ්‍රේෂ්ටයෙක් වෙන්නෙත් නෑ කවදාවත්ම .
      හාමුදුරුවොත් තමුන්ගේ බුද්දිය වර්දනය කරගන්න .ගිහිල්ල නිවැරදිව තර්ක කරන්නේ කොහොමද කියල එඩ්වර්ඩ් ඩි බෝනො ගේ පොත් කියවල ඉගෙන ගන්න නැතිනම් හැමදාම කොහෙද යන්නේ මල්ලේ පොල් කියා කියා ඉඳීවි

  22. siraa says:

    Okkoma pisso…

  23. hELAYA says:

    Pitiduwe Arhant Thero who is a member of Asgiriya Siam Nikaya Sanga sabha, which is open to GOIGAMA caste exclusively should should start a movement to open this (HIS) Asgiriya sanga sabha to any and every citizen of Srianka to get ordination as a Bhikku in this sanga sabha!

  24. isanka says:

    විනය පිටකයේ සඳහන් වෙන්නෙ උපසපන් භික්ෂුවකට රහතෙක් උනත් ගරු කරන්නෝන වඳින්න ඕන කියලා. දේශපාලඥයො මරාගන්නවා මාධ්‍ය වලිං පෙන්නනවා හැබැයි උං එකට වාඩි වෙලා තේබොනවා. ඒක පිලිගන්ඩ බැරි ගොන්නු සමන්තභද්‍ර හිනාවෙලා, ආතල් එකට අත්සන් පාරකුත් දාලා ප්රප්ලේන්ටියකුත් ගහලා ආවා කියලා පිලිගනිඈ…

  25. amindi says:

    සර්වඥ කියලා කියන්නේ තමා ගැන දැන ගැනීම මිසක් බාහිර දේ දැන ගැනීම නොවේ. ( සිරි සමන්ත භද්‍ර අරහත් හිම් )
    රහතුන් ට වරදින්න පුළුවන් බාහිර දේ. ගහකට නගින්න ගිහින් වැටෙන්න පුළුවන්. වතුර බොන්න කෝප්පය ගන්න ගිහින් වැටෙන්න පුළුවන්. කෝප්පය වැටුනාම ස්වාමීනී කෝප්ප ය වැටුනා කියනවා මිසක් නෑ ස්වාමීන් වහන්ස කෝප්පය හුලගට වැටුනා නොකියන්න. උන්වහන්සේ ට තමන් අතින් සිදුවූ වරද දකින්න පුළුවන් නම් අපට උන්වහන්සේ ගේ ධර්මය ඇසූ කෙනෙක් ට බැරි ඇයි ? සම්මත වැරදි විවේචනය කිරීමට යාම තුලින් ඒ රටේ නීති සහ භික්ෂු නීතියට පටහැනි වෙන්න පුළුවන්. එහිදී තම වරද නිවරදි කිරීම කල යුතුයි. නැත්නම් ඒ රටේ සිටීමට එය ප්‍රශ්නය ක්. උන්වහන්සේ ම දිනක් කීවා භික්ෂුව රටේ නීතියට ගරු කල යුතු බව. ඒ නිසා උන්වහන්සේ කල දේ නිවරදී. උන්වහන්සේ මහානායක ලාගේ වැරදි විවේචනය කලා සේ උන්වහන්සේ අතින් යම් වරදක් වුවා නම් උන්වහන්සේ එය පිලිගත යුතුය. රහත් බව කියන්නේ අව්‍යාජ බව මිසක් වෙන කුමක් ද? බුදුන් වහන්සේ කාන්තාවන් ට පැවිදි වීමට දුන්නෙ නෑ. පස්සෙ කාන්තාවක් නිසාම ඒ අවසරය දුන්නා. රාහුල මහණ කිරීම තුල ඇතිවූ දේ. ඒ වගේ සිදුවීම්. ඒක නිහතමානී බව සහ තමන් අතින් සිදුවූ අතපසු වීම් පිලිගැනීම යි. අංගුලිමාල ට හැමදේම නිවරදි ව දැකිය හැකි ව තිබුණා නම් ඔහු දුක්ඛිත මරණයකට මුහුණ දෙන්නෑ. ජේසුස් වහන්සේ ටද එසේ මය. කැලණි තිස්ස රහතුන් ටද එසේ මය. රහත් වෙනවා කියන්නේ ලෝක තියන හැමදේම නිවරදිව කරන්න පුළුවන් වෙන එක නම් ඉංජිනේරු වෝ වෛද්‍යවරුන් මේසන් ලා වෙන්න හරි ලේසි. ඉගෙන ගන්න ඕනී නෑ. නිවන් මග වැඩුවා නම් හරි. උන්වහන්සේ අතින් වරදක් සිදු වූවා සම්මත කරුණු මත. එය වරදක් වන්නේ භික්ෂු නීතිය සහ රටේ නීතිය මත. එය උන්වහන්සේ පිළිගත්තා සේ අපද එය පිලිගත යුතුය.

  26. dammika says:

    විශිෂ්ථයි. ඔබ සැබවින්ම නිහතමානී ස්වාමින්වහන්සේ නමක්. එබැවින් ඔබටද අනුගාමිකයන් වන අපටද ඔබගේ දන ගැස්ම සිතෙහි කිසිදු චලනයක් ඇති නොකරයි. එබැවින් මෙය අපට සිත දෙස බැලීමට එක් කමටහනක් පමනි.

    • sidath says:

      පල පල ඩො යන්න .උඹලගේ රහත නිකායෙන් අහක් කරනවා කිව්වම බය උනා .රහතා බය උනා මොකද මිනිහා හොර රහත් කෙනෙක් .උඹලා මෝඩයෝ .බුදුදහම ඉගෙනගන්න මෙච්චර විශිෂ්ට හාමුදුරුවරු ඉන්න රටේ මේ කොහෙද යන පල හොරෙක්ට අහුවෙලා .

      • Dev says:

        Eka baya weemak nowe garu kireemak ethuma vitharai hariyata bana kiyanne

        • සුරාජ් says:

          දැන් ඉතින් ඔය වගේ කත කියා කියා පලයන් හිතේ දුකටත් එක්ක අයි යකෝ මාර වස නෝන්ඩිය නේද උනේ .ගමේ මහා ලොක්කා වගේ කිවා නේද මම නම් බන අහන්නේ ලෝකේ ඉන්න හොන්දම හාමුදුරුවන්ගෙන් උඹලා බන අහන්නේ මේ පොඩි කාලේ ඉඳලම මහන වුනු බොරු මහනුන්ගෙන් කියල .දැන් කොහොමද ගමට මුහුණ දෙන්නේ නේද බන්

      • අරා says:

        විනය පිටකයේ සඳහන් වෙන්නෙ උපසපන් භික්ෂුවකට රහතෙක් උනත් ගරු කරන්නෝන වඳින්න ඕන කියලා. දේශපාලඥයො මරාගන්නවා මාධ්‍ය වලිං පෙන්නනවා හැබැයි උං එකට වාඩි වෙලා තේබොනවා. ඒක පිලිගන්ඩ බැරි ගොන්නු සමන්තභද්‍ර හිනාවෙලා, ආතල් එකට අත්සන් පාරකුත් දාලා ප්රප්ලේන්ටියකුත් ගහලා ආවා කියලා පිලිගනිඈ…

  27. Thara says:

    මාන්‍යය බිංදුවට සිඳලු අප මහ රහතුන්

    • ලක්ෂිත says:

      අනේද කියන්නේ මානය අන්තිමටම නැගලා පිස්සු කෙලිය අපේ මුනිට මහානායක හිමිවරුන්ගෙන් ලියුම ආව විතරයි නිකායෙන් ඉවත් කරන බව කිව්ව විතරයි තේරුනා දැන් නම් මම පිස්සු කෙලලා අහවරයි කියන තැනකට වැඳලා ශේප් එකක් දාගත්තේ නැත්නම් මගේ සියලුම ලැබීම අහවරයි කියල .
      අන්න බැස්සා මානය බින්දුවටම ආව පුස් පැටියෙක් වාගේ පන්සලට මාදයට දොස් කියල නහයෙන් ඇඩුවා මම කල වරදක් නෙවෙයි මේක මාද්‍ය කරපු දෙයක් කියල, ඉල්ලුවා සමාව .මහා නායක හාමුදුරුවෝ කිව්ව නිකන් ඔය කට වචනෙට ඔයාට සමාව් දෙන්න බෑ කරලා තියෙන කියල තියෙන දේවල් බොහොම බරපතලයි එනිසා අපිට ලියල සමාව ඉල්ලන්න මිට පස්සේ මේවගේ දේවල් කොරන්නේ නෑ කියල පොරොන්දු වෙන්න කියලා අනේ ඔන්න ඉතින් මානය බින්දුවට බස්සගෙන කියන විදියට ලිව්වා නැතිනම් බෑනේ කොරන්න .නායක හාමදුරුවෝ කිව්ව පලවෙනි වතාව දෙවැනි වතාව තෙවෙනි වතාව කියල දෙයක් නෑ ආයේ මේ වැරදි කලොත් අනිවාර්යෙන් දඩුවම් දෙනවා කියල අනේ ඉතින් මොනවා කියන්නද ?මම රහත් උඹලා රහත් නෑ කියල කියන්නද ,කියන දේ අහගෙන නැට්ට කකුල්දෙකේ ගහගෙන ආව . දැන් ඉතින් උන්දැගේ ගෝලයන්ට තමුන්ගේ මානය ගැන ප්‍රශ්න .මොකද මෙච්චර කල් මෙයාගේ කුණු අහල ඔලුව කුලප්පු වෙලා අනික් මිනිසුන්ට අපහස කරමින්නේ හිටියේ “අපි බන අහන්නේ රහත් කෙනෙක්ගෙන් එයා විතරයි මේ ලෝකේ ඉන්න නියම බන කියන කෙනා අනික් උන් බන දන්නේ නෑ පොඩිකාලේ ඉදන්ම මහන වුනු කට්ටිය මෝඩයි “කියල .දැන් කෙලිය තාප්පෙට කිව්වලු
      ඉතින් අනේ මේ අසරණ ගෝලයෝ ටික දැන් මෙතන නැතිවුණු මානය අල්ලගන්න නිකන් බයිලා කතා හදනවා .
      දැන් අපිට කියන්න තියෙන්නේ සමන්ත බඩ්ඩ මලා දැන් ඉන්නේ පිටිදුවේ විතරයි ආයේ සෙල්ලන් දැම්මොත් සරම තමා අඳින්න වෙන්නේ .අන්දලා අර සංගීත ටින්කර් බාස් එක්ක එකතුවෙලා කුණුහරුප ගීතයක් මාට්ටු කරගෙන ජිවත් වෙන්න තමා වෙන්නේ

  28. adrian says:

    ethakota me mahanun nikayen ayin karanne thibbotuve boss ta jaraa kathavak kivvoth vitharayi. Buddhagamata hena gahuvath malwathu Boss ta avulak naha

  29. මෙලෝ රහත් නැත says:

    අප්පට සිරි කෙලියා නේද තාප්පෙට. රහතා රහත් වූ සේක. කඩේ ගියවුන්ද ගෝලයො රොත්තද රහත් විය. ඉරකි තිතකි.

  30. සිංහය says:

    සිංහ වෙස් ගන්න හදපු හිවලෙකුට වෙච්ච වෑඩක්

Main News