පිටිදුවේ සිරිධම්ම හිමි ජාතියෙන් සමාව ගනී.. [Video]

May 13, 2017 at 9:20 am | lanka C news
පිටිදුවේ සිරිධම්ම හිමි ජාතියෙන් සමාව ගනී.. [Video]

දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් වෙසක් පෝදා වෙනුවෙන් සිදු කරන ලද ධර්ම දේශනාවක කොටසකි මේ.

ඔවුනගේ නිල ෆෙස්බුක් ගිණුමට මෙම වීඩියෝව මුදා හැර ඇත්තේ ‘සමන්තභද්‍ර හිමි ජාතියෙන් සමාව ගනී’ හිසින් යුතුවයි.

46,259 Viewers

21 Comments to “පිටිදුවේ සිරිධම්ම හිමි ජාතියෙන් සමාව ගනී.. [Video]”

  1. OLU says:

    අවසරයි ගෞරවනීය හාමුදුරුවනේ .
    .ඔබවහන්සේගේ දේශනාව වත්මන් අපේ සමාජය විවේචනය කිරීමක් ..එය අගය කල යුතුයි …අද අපේ රටේ සිටින බෞද්ධයින් බොහෝ දෙනෙක් ධර්මයෙන් පිරිහුණ කොටසක් ..නමින් පමණක් බෞද්ධයින් …අද සිංහල බෞද්ධ සමාජය වැඩියෙන් යොමුවී ඇත්තේ දේව විශ්වාසයට නොපෙනෙන දෙවියන්ට පුද පුජා කරමින් පිහිට පැතීම පමණයි ….තමන්ගේ වැඩ තනිවම කිරීමට ඔවුනට ආත්මශක්තියක් නැති නිසා නොපෙනෙන දෙවියන් යදියි
    .අන්තවාදී මුසල්මානුවන් අතින් වැනසියන නැගෙනහිර බෞද්ධ උරුමයන් රැකගැනීමට උනන්දුවන්නේ අපේ රටේ සුළු පිරිසකි උතුරේ බුදුපිළිම ඉවත්කරමින් බෝ ගස් කපමින් කරන විනාශයට බෞද්ධ විරුධත්වය පලකලේත් සුළු පිරිසකි
    පන්නිපිටියේ බෝධීන් වහන්සේ කපා දැමීමට විරුද්ධව කටයුතු කලෙත් අපේ බෞද්ධයන් සුළු පිරිසකි .බෞද්ධයන්ගේ උතුම් පුජනිය ස්ථානය වූ .ශ්‍රිපාදේ බුදුපිලිමක් තැබීමට අවසර නොදෙමින් අන්තවාදී මුසල්මානුවන්ගේ ආදම්ගේ පාදය බවට පත් කිරීමට උත්සාහ දරන චිවරදාරියන් සිටින මේ රටේ බෞද්ධ සාසනය අද විශාල තර්ජනයකට අවාසනාවන්ත තත්වයකට පත්ව ඇත ..තිරුපති හනුමා අදහන නමින් පමණක් බෞද්ධයන් වූ අපේ රටේ වත්මන් දේශපාලකයන් ජනතාව මුලා කරමින් අපේ බෞද්ධ සංස්කෘතිය බෞද්ධාගම විනාශකරමින් සිටි ..අවුරුදු 2600 පැරණි බෞද්ධ රටේ සර්වාගමික ,බහුආගමික උමතුවෙන් ඔක්කොම ආගම් එකයි කියමින් අපේ බෞද්ධ සිද්ධස්ථාන අන්‍ය ආගමිකයින්ට පල්ලි කෝවිල් හදා ගැනීමට ලබාදෙයි ..මේ රටේ මහජාතිය සිංහල බෞද්ධයා තමාගේ ආගමට බෞද්ධ ප්‍රතිපත්ති වලට ගරු කරයි නම් ඒවාට ඉඩදී බලා සිටීද ? දේශපාලුවෝ ඔවුන්ගේ බලය රැකීමට..දේශපාලන වාසි ලබාගැනීමට අපේ රට ජාතිය ආගම පාවා දෙයි ..අපේ සිංහල බෞද්ධ රට අගාදයට යයි
    බුදුබණ කියන්නේ කිසිකලක වෙනස් නොවන සනාථන දහමක් …එය රැකගැනීම බෞද් ධයන්ගේ යුතුකමක්
    අනන්ත බුදුගුණ බලයෙන් මුළු ලොවම සැනසේවා

  2. Alapaluwa says:

    අවසර අපේ හාමුදුරුවනේ ඔබගේ කථාවනම්100% සම්පුර්ණ සත්‍යයයි කිසිම විවාදයක් නැ මේ ඔබගේ සම්පුර්ණ කථාවස්තුවට. මට මෙයට වඩා දෙයක් නම් කියන්න දෙයක් නැ.නමුත් චුටිම චුටි දෙයක් දැනගන්න කැමතියි ඔබ තරහෙන්ද මේ කථාකරන්නේ? එසේනම් අපගේ තථාගත බුදුපියාණන් වහන්සේ මේ සසරෙන් එගොඩවී ධර්මදේශනා කලේ සිතේ ව්‍යිරකින් නොවේ නේද?නමුත් ඔබගේ මේ කථාවට නම් මට වචන නැ කියන්න එතරම්ම සත්‍යයයි. අද පන්සල්වල සිටින්නේ පිනට දන්ටික වළදමින් බඩගෙඩිය ලොකුකරගෙන නිදාගෙන ඉන්න එක විතරයි.ඔබ අඩුතරමින් ආදර්ශවමත් සංවර්දනයක් වත් කරනවා රටට ජනතාවට වසවිස තොරෙන් එළවලු සහා පළතුරු කුෂිකර්මවැඩවලින් රටටවත් දායකවෙන්න අන් අයට ආදර්ශමත් විදියට. එයාටනම් මගේ පුර්වනමස්කාරය.

  3. Perera says:

    හූ තබාපල්ලා හූ තබාපල්ලා

    • සැටලයිට් says:

      මේ වීඩියෝ එක යුටියුබ් එකේ නරබනවානම් එම වීඩියෝව අවසන් වූ පසු සමන්ත බද්ද ගේ එයාර් බ්‍රෂ් කරන ලද පින්තුරයක් දිස්වේවි .ඒ ඔහුගේ රහත් ආලෝකයද ?නැතිනම් ෆොටෝ ෂොප් එකේ සෙල්ලන්ද ?මේවා විහිලු මේවාගේ නෙය්යාඩගම් වලට අහුවෙන්නේ අන්තම මෝඩ මිනිස්සු

    • Gamini Weerasinghe says:

      හූ තැබිය යුත්තේ කාටවත් නොව ඔබ ඔබතමය​

  4. ashen says:

    සමන්ත භද්‍ර කියන සමහරදෙවල් ඇත්ත තමයි. එත් මෙයා මේව කියන්නෙ වෛරෙන් ක්‍රෝධෙන්. බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් හොඳ අය වගේම නරක අයත් හිටිය. මෙයා මේ පිස්සුවෙන් දොඩවන්නෙ. පේන්නෙ නැද්ද ක්‍රෝධය උතුරනව.

    • Sihala Yaka - සිහල යකා says:

      ඔබේ බුද්ධියට එසේ සිතුනාට ඔබ කෙසේද දන්නේ කෙනෙක් ගේ සිත ගැන ? ​

  5. ගාමිණී says:

    තමන් රහත් යැයි කියමින් මිනිසුන් මුලා කිරීම තරම් අපාගත වෙන, සාසනයේ අධ්‍යාත්මය විනාස වෙන විනය විරෝධී වැඩක් තියෙන්න බෑ. රහත් නම් ඒක කියව කියව සාසනේ විනාස නොකර සත්වයන්ගේ හිත සුව පිනිස ගම් නියම් ගම් සැරි සරමින් දේශනා කරන්න පුලුවන්. රහත් ද නැත්ද කියල ප්‍රශ්න විචාරල දැන ගන්න විදිහක් නෑ. රහත් බව නොවෙයි කෙනෙක් භාවනාවෙන් මනස උසස් තැනකට පත් කරගෙනද නැද්ද කියලවත් භාවනාව ප්‍රගුණ නොකල කෙනෙකුට දැන ගන්න බෑ. නමුත් රතන් වහන්සේ කෙනෙක් දිව්‍යය භෝජන සහිත් දාන පාටි, අලි පතරංග උපන් දින කේක් පාටි සංවිධානය නොකරන බවටනම් විස්වාසයි. දැන්වත් ආගංකාරයන්ගේ උවමනාවට සාසනය විනාස කරන එක නවත්වන්න.

    • Saturn Rings says:

      ඔබේ මිනුම් දඬු සම්පූර්නයෙන්ම නොගැල පේ. රහත් කෙනෙක් කන්නෙ මෙහෙමයි කියා අපට දිග පළල හදා ගන්න බෑ. බුදුන් දවස රජවරු සිටු වරු දානෙ කෙසේ දුන්නද අප දැකල නෑනේ.

    • Visu says:

      සමන්ත බද්‍ර හිමියන්…………. රහත් ද……. රහත් නැතිද……… අපිට මොකද…….. ? නමුත් කියන දේ හරිද…….. වැරදි ද ……….. සිතා බලමු………..
      අද පන්සල්වල………… පන්සිල් පද 5 සිටම බුද්ධ දේශනාව නොවේ අපට කියා දෙන්නේ………. අනික බුදුහාමුදුරුවන් වීර්යයෙන් සොයාගත් නිවන් මඟ………. නැවතත් අප ද වක ගසාගන සෙවිය යුතු ද නැත………

      • ගාමිණී says:

        ඒකම තමයි මමත් කියන්නෙ. තමන් රහත් කියල කීමෙන් පිරිස් එකතු කර ගන්න පුලුවන්. ත්‍රිපිටකය හදාරපු ඕනෙම හොරෙකුට ඔය වැඩේ කරන්න පුලුවන්. එහෙම එකතු කරගත්ත අයට ජේසු,අල්ල,යෙහෝව,බ්‍රහ්ම ආදීන්ගෙ ආත්මවාදය සහ බුදුහාමුදුරුවන්ගේ අනාත්මවාදී නිර්වානයයි (වාදී කියන එකත් වැරදියි ) සමාන කිරීමෙන් සාසනයට සිදුවෙන හානිය වටහාගන්න බැරිවෙන්නෙත් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් වියෝවීමෙන්මයි.
        සමන්ත්‍ර බද්ධ හිමියන් සම්ප්‍රදායට පහර ගහනව කියමින් ඇත්තටම පහර ගහන්නෙ සිංහලයන් නිර්වාන අවබෝධයට සුදුසු ආකාරයට තනාගත් සංස්කෘතියටයි.
        බුදුහාමුදුරුවො දාන පාටි ඕගනයිස් කෙරුවෙත් නෑ. සිටුවරු විහාර සාදා පූජා කෙරුව මිස සිටුවරු එකතු කරමින් වෙහෙර විහාර හදා ගන්න පිරිස් ඕගනයිස් කරගත්තෙත් නෑ. ගම් නියම් ගම් චාරිකා කරමින් තමන් අවබෝඅධ කරගත් ධර්මය සත්වයාගේ හිතසුව පිනිස දේශනා කෙරුවා මිස උපාසක උපාසිකාවන්ට නොයෙකුත් ගුලි ගිල්ලවමින් ඇම දමමින් ජේත්වනාරාමයට ගෙන්වා ගත්තේ නෑ.
        සිහි නුවනින් කටයුතු නොකර හාමුදුරුවන්ගේ කකුලු හොද්දට රහ වැටුනොත් සසර කෙලවර කිරීම කෙසේ වෙතත් කල්ප ගානකට නවතින්න වෙන්නෙ නිරයෙ.
        තෙරුවන් සරණයි.

  6. udith says:

    අනේ හමුදුරුවනේ ඔබ වහන්සේ රහත් වෙන්න ඉස්සරත් දැනුත් හොදට බණ කියනව සැරට කියනව ඒක වටිනව නමුත් ඔය රහත් කතව අයින් කරල ඉස්සරවගේ බණ කියන්න අපි අසයි අහන්න.ඔබ රහත් වුනා නම් හොදයි අපි කැමති ඒකට නමුත් කියන්න එපා හිතේ තියාගෙන නැවත සුපුරුදු සාමන්ය තත්වයෙන් දකින්න අපි ආසයි

    • saman says:

      අවංකව කියනවා නම් මේ හාමුදුරුවන්ගේ සෝතාපත්ත දේශනා හා 2012 විතර දේශනා අහලා සෑහෙන දැනුමක් ලබා ගත්තා. ඒ වගේම නියම ගෞතම බුදුන්ගේ දේශනාව මොකද්ද කියලා සෑහෙන දුරකටට වටහා ගත්තා. මේ තරම් දැනුමැති වෙනත් හිමි කෙනෙක් ඉන්නවාද සැකයි. ප්‍රශ්නය නම් නොකල යුතු යැයි සිතෙන කතාවල්, තරමක් ද්වේශය දනවන කතාවල් දැන් දැන් ඇහෙනවා වැඩියි. මේ ගැන ලඟ සිටිනා දායකයන්ටවත් කියන්න බැරිද?

  7. Joy says:

    ගරු සමන්ත බද්‍ර හිමියන්ට අපේ නමස්කාරය…..ඉතාම අගයකලයුතු බණ දෙසුමක්
    අපේ රටේ බෞද්ධ උරුමයන් රැකිම ගැන ඔබවහන්සේගේ අවධානය යොමුකරන මෙන් ඉල්ලමි
    සිංහල බෞද්ධයෙනි, දැන්වත් බුදුබණ තේරුම් ගනිව් ..එය රැකීමට අපේ රට ජාතියත් රැකිය යුතුයි ..මේ ලෝකයේ එකම සිංහල බෞද්ධ මාතෘ භූමියයි
    බුදුන් වහන්සේ තෙවරක් වැඩිය උතුම් මව් බිමයි බෞද්ධයෙනි දැන්වත් යුක්තිය වෙනුවෙන්…! දෙනෙත් හරින්න!
    ඩෝසර් කෙරුනු මුහුදු මහ වෙහෙර රැකගැනුම වෙනුවෙන්, ඩෝසර් කෙරුනු දීඝවාපී පරිවාර චේතිය වෙනුවෙන්, ඩෝසර් කෙරුනු මොට්‌ටයාගල දාගැබ වෙනුවෙන්, ඩෝසර් කෙරුනු සෙනවිරත් පිරිවෙන වෙනුවෙන්, බලෙන් අල්ලගෙන සිටින කූරගල බොදු පින්බිම වෙනුවෙන්, දඹුලු පුදබිම තුළ බලෙන් ඉඳිකෙරුනු මුස්ලිම් මස්ජිදය වෙනුවෙන්, අපේ සිංහල බෞද්ධයා කලේ කුමක්ද? නිහඩව සිටීම පමණි .මේ අසමසම බෞද්ධ උරුමය, අතීත ජාතියේ පෞර්ෂත්වයේ, ප්‍රෞඩත්වයේ සහ සෞභග්‍යයේ වත්මන් කැඩපතයි! එය රැකුම වෙනුවෙන් ගරුතර සංඝයාවහන්සේලා ඇතුළු සිංහල ජනතාව මේ වෙසක් සතියේ අදිටන් කල යුතුයි … එය රැක ගත යුතුයි .අද සිංහල බෞද්ධයා ආත්මාර්ථකාමී වී ඇත බොහෝ දෙනෙක් පන්සිල් පද 5 වත් හරියට පිළිනොපදින බව නම් පැහැදිලිව පෙනේ

    • janaka says:

      සමන්ත බඩ්ඩ මස්ජිඩ් ඉදිකිරීමට විරුද්දව කරපු කෙන් ගෙඩියක් නෑ එහෙම දෙයක්වත් කලානම් සමාව දෙන්න තිබුනා නමුත් මේ කරන්නේ මුස්ලිමුන් බුදුදහමට කරන බාහිර හානියට වඩා වැඩි හානියක් .මොහු දහම විකුර්ති කරමින් ඔහුගේ වැරදි හැසිරීම් බුදුහිමියනුත් මෙසේ කළා යයි කරුණු නොදන්නා මෝඩ ශ්‍රාවකයන්ට දෙසමින් බුදුදහමට කරන හානිය ඉතාම කනගාටුදායකයි .මෙවැනි මහනුන් උපවිදිකිරීමට සියලු නිකායන්ගේ එකඟතාව මත දෙන අවසරයකින් රජයට කළහැකි ලෙස නීති සකස් කලයුතුයි .
      ඉන්පසු පළමුවෙන්ම සමන්ත බඩ්ඩ උපැවිදි කලයුතුයි

      • saman says:

        විකෘතියට උදාහරන? ධර්ම දේශනා සම්බන්ධයෙන් මොනවද විකෘති දේවල් කියල තියෙන්නෙ?

        • Gamini Weerasinghe says:

          සමන් විකුර්තියට හොඳම උදහරනය බලන්න හොඳම ක්‍රමය මම කියන්න ද​? ඔයා කණ්නාඩියක් ඉස්සරහට ගිහින් ඒම දිහා ඇස් දෙකෙන් ම හොඳට බලන්න​. එතකොට පේන එක තමයි විකුර්තියට හොඳම උදහරනය!

        • යකා says:

          සමන්ත බද්‍ර බුදු හිමියන් ඉර්ධි ප්‍රාතිහාර්ය නොපෑ බව ප්‍රසිද්දියේ පවසයි. නමුත් බුදුන් ඉර්ධි ප්‍රාතිහාර්ය පෑ බව සුත්‍ර පිටකයෙන් පෙන්විය හැක . මන් කලිනුත් කිව්වා වගේ සමන්ත බද්‍ර ගේ තට්ටේට තාර ගා, බලෙන් උපවැදි කොට , පස්චාත් භාගයට පයින් පහරවල් දෙකක් ගසා එළවා දැමිය යුතුය. රජ කල මෙවැනි දුශ්ශීල මහනුන්ට දුන්නේ එවැනි දඬුවම් ය.

      • Gamini Weerasinghe says:

        Janaka,
        You probably need to mind your language in public as it shows your lack of intelligence!

        • janaka says:

          Hey Weerasinghe (වීරසින්හේ )
          I am no liberal minded guy(LIBTARD)
          so I use whatever language style suited for specific situation/person
          In this case the language is bit crude as i want to reflects the same crudeness of the language used by your බඩ්ඩ

  8. Gamini Weerasinghe says:

    මේ තරම් කාලීන වූ තවත් යුගයක් ධර්ම සංඝායනාවකට ඇත්දැයි යන්න ම විසින් ඇසිය යුතු එකම ප්‍රශ්ණයයි. ප්‍රමාදය හැම විටම පසු තැවිල්ලට ම හේතු නූන ද මේ වනාහී පසු තැවිල්ලට ම හේතු විය හැකි සමයක් යැයි මට සිතේ.ඒ සඳහා වගැත්තෝ මෙ බැව් වහා වහා පසක් කර ගත්වා! සැමට තෙරුවන් සරණයි!

Main News