පුංචි ඡන්දය ගැන බුද්ධි අංශ තොරතුරු රජයට දැඩි අවාසියි..

November 26, 2017 at 11:20 am | lanka C news
පුංචි ඡන්දය ගැන බුද්ධි අංශ තොරතුරු රජයට දැඩි අවාසියි..

ශ‍්‍රී ලාංකේය ජනතාවගේ සර්වජන ඡන්ද බලය කොල්ලකමින් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය සහ නැගෙනහිර, සබරගමුව. උතුරු මැද යන පළාත් සභාවල මැතිවරණ කල් දැමීමේ පළමු වගඋත්තරකරු එජාප-ශ‍්‍රී ලනිප ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුව බවත් එසේම දෙවන වගඋත්තරකරු මේ දිනවල පළාත් පාලන මැතිවරණය ඉල්ලා මර ලතෝනි දෙන ජනතා විමුක්ති පෙරමුණ බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පෙන්වා දුන්නේය.

නිසි කලට මැතිවරණ පැවැත් වූ රාජපක්‍ෂ පාලනය අවසන් කිරීමට බොරු බේගල් වපුරමින් මේ ඊනියා යහපාලනයට පාර කැපූ ජනතා විමුක්ති පෙරමුණ 2015 ජනවාරි 09 වැනිදා පිහිටු වූ ‘දින 100 එජාප අගමැතිගේ ආණ්ඩුවේ’ ජාතික විධායක සභාව නියෝජනය කළ බවත් එවැන්නන් දැන් 2015 පෙබරවාරි 18 වැනිදා සිට මේ රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා දීමට අරගල කරන ඒකාබද්ධ විපක්‍ෂයට මැතිවරණ දිනා ගැනීමට සටන් වැදීමට ආරාධනා කිරීම විහිළුවක් බවත් ජයන්ත සමරවීර මහතා මෙහිදී සිහිපත් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘අද වන විට මේ ආණ්ඩුව වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ පළාත් පාලන මැතිවරණය කල් දමමින් සිටිනවා. පසුගිය ආණ්ඩුව විසින් සකස් කර තිබූ පළාත් පාලන ආයතන 335කට අදාළ සීමා නිර්ණයන් අතුරින් මේ ආණ්ඩුව පිළිගත්තේ 135ක් පමණයි. අනෙක් ආයතන 200ට අදාළ සීමා නිර්ණයන් අලූතෙන් සිදු කරන තෙක් මැතිවරණය කල් දමන බවයි මේ යහපාලන ආණ්ඩුව මුලින් කිව්වේ. දැන් ඒ ප‍්‍රති සීමා නිර්ණ කටයුතු අවසන් වෙලත් මාස 09කට වැඩියි. කෙසේ හෝ ඒ සීමා නිර්ණ කටයුතු තමන්ට උවමනා පරිදි සිදුකර ගෙන පළාත් පාලන මැතිවරණ ඡුන්ද විමසීම් (සංශෝධන) පනතත් තමන්ට වාසිදායක ලෙස සම්මතකරගෙන දැන් මේ ආණ්ඩුව සිදු කරන්නේ කුමක්ද? තවත් කාලයත් උප්පරවැට්ටියක් මගින් මේ පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමයි.

ඒ උප්පරවැට්ටිය තමයි, සීමා නිර්ණ ගැසට් නිවේදනයට එරෙහිව ආණ්ඩුවේ හෙන්චයියන් ලවා අභියාචනාධිකරණයේ නඩු පැවරීම. මේ තනිකරම යහපාලන ආණඩුවේ මෙහෙයුමක්. නඩු දැම්මේ ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් යාපා අබේවර්ධන, ලක්‍ෂමන් කිරිඇල්ල යන ඇමතිවරුන්ගේ ගෝලයෝ මේ නඩුවලට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපාගේ පියාට අයත් නීතිඥ සමාගම.

පළාත් පාලන මැතිවරණය පමණක් නෙවෙයි, මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණ ද නොයෙකුත් උප්පරවැට්ටි හරහා කල් දැමීමට කටයුතු කරමින් සිටිනවා. පළමුවෙන් සියලූම පළාත් සභාවල ඡුන්දය එකම දිනයක පැවැත්විය යුතු බව පවසමින් ඒ සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනයක් ගෙන ආවා. නමුත් එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලබන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක ඡුන්දයත්, ජනමත විචාරණයකුත් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. ඒ නිසා 20 වැනි සංශෝධනය පැත්තක දමපු මේ යහපාලන ආණ්ඩුව පළාත් සභා ඡුන්දය කල් දැමීමට ගහපු දෙවන ගැටේ තමයි, පළාත් සභා ඡුන්ද විමසීම් (සංශෝධන* පනතට සංශෝධන ගෙන ඒම.

කොහොමද මේ සංශෝධන ගෙන ආවේ. බොහොම අහිංසක විදියට කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා යැයි කියමින් තමයි පිටු 02ක පමණ සංශෝධනයක් ගෙන ආවේ. ශ්‍රේෂ්ඨාධිකරණයත් පවසා තිබුණේ මේ සංශෝධනයට පාර්ලිමේන්තුවේ 2/3 ඡුන්දය ප‍්‍රමාණවත් බවයි. කෙසේ නමුත් කාරක සභා අවස්ථාවේදී පිටු 15ක පමණ සංශෝධන මේ පනත් කෙටුම්පතට අතුළත් කරලා තිබුණා. 2/3ක ඡුන්දය ලබාගන්න පාර්ලිමේන්තුවේ සිටින ජාතිවාදී බෙදුම්වාදී පක්‍ෂවල සහාය ඕනෙ වුණාම මේ යහපාලන අෘණ්ඩුව කළේ පළාත් සභාවලට නියෝජිතයන් තෝරා ගැනීම කේවල 50% සහ සමානුපාතික 50% ලෙස වෙනස් කිරීමයි. පළාත් පාලන ආයතන සඳහා මේ ප‍්‍රතිශතය කේවල 60% සහ සමානුපාතික 40% ලෙසයි තිබෙන්නේ. ඒ විතරක් නොවෙයි, මේ පළාත් සභා ඡුන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත 2/3 ගැනීමට ආණ්ඩුව නොකළ දෙයක් නැහැ. ඡුන්ද විමසීම ප.ව. 6:30ට සිදු කළේ නැහැ. ප.ව. 7:00 දක්වා කල් දැම්මා. ප‍්‍රසූත නිවාඩු ලබා සිටි මන්ත‍්‍රීවරියෝ පවා හෙලිකොප්ටර්වලින් ගෙනාවා 2/3 හදා ගන්න. අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රිවරු 06 දෙනාගේ ඡුන්දය නිසා මේ පනත් කෙටුම්පත 2/3ක ඡුන්දයෙන් සම්මත වුණා. කාන්තා නියෝජනය වැඩි කිරීමේ මුවාවෙන් ගෙන ආපු පළාත් සභා චන්දය කල් දැම්මේ පනත් කෙටුම්පතට ජවිපෙ සහාය දුන්නේ කොන්දේසි මතයි කියලා ඒ දිනවල ඇ`ග බේරා ගන්න ඔවුන් පැවසුවා.

ජවිපෙ ජාතික සංවිධායකවරයා එක්තරා ජාතික පුවත්පතකට කියනවා, ‘අපි පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනතට ඡන්දය දුන්නේ පළාත් පාලන මැතිවරණය යම් කාල රාමුවක් තුළ පවත්වා අවසන් කිරීමට ආණ්ඩුව එක`ග කරවා ගැනීමෙන් අනතුරුවයි’ කියලා. කෝ දැන් ඒ එක`ගතාවන් ක‍්‍රියාත්මක වෙනවාද? ඒ එකගතාවන් වෙනුවට අද ආණ්ඩුව උප්පරවැට්ටි යොදලා පළාත් පාලන ඡුන්ද විමසීම් තවදුරටත් කල් දැමීමටයි හදන්නේ.

‘ජවිපෙ ජනතාවගෙන් සමාව ගත යුතුයිෟ’

මේ යහපාලන ආණ්ඩුව මේ සියලූ මැතිවරණ කල් දමන්නේ ඔවුන් පිළිබඳ ජනතාව තුළ තිබෙන අප‍්‍රසාදය හොඳින් දන්නා නිසයි. රජයේ බුද්ධි අංශවලගින් ලැබෙන තොරතුරු විතරක් නොවෙයි සමූපකාර ඡන්ද ප‍්‍රතිඵලවලිනුත් මේ ආණ්ඩුවේ ප‍්‍රධානීන් ඉන්නේ ඡන්ද සිතියම අනන්තයට හැකිළිය යුතුයි කියන මතයේ. මේ තත්වයට විරුද්ධව උද්ඝෝෂණ කරන්න ඒකාබද්ධ විපක්‍ෂයට ආරයුම් කරන්න කලින් ජවිපෙ නායකයන් මේ රටේ මැතිවරණ සිතියම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැකිළවීමට සහ එජාප ආණ්ඩුවක් බලයට පත් කිරීමට දායකවීම පිළිබඳව ජනතාවගෙන් සමාග ගත යුතුයි. ඉන් පසුව පමණක් අපට ඔවුන්ගේ ඉල්ලීම් සලකා බැලිය හැකියි.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

15,894 Viewers
Main News