පුංචි ඡන්ද සියල්ල එකම දවසක.. ජෝතිෂ්‍යවේදියෙක් නොවූ ගම්මන්පිල අනාවැකියක් කියයි..

November 27, 2017 at 4:40 pm | lanka C news
පුංචි ඡන්ද සියල්ල එකම දවසක.. ජෝතිෂ්‍යවේදියෙක් නොවූ ගම්මන්පිල අනාවැකියක් කියයි..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

අද දින මැතිවරණ කොමිසම පළාත්පාලන ආයතන 93ක් සඳහා මැතිවරණය පැවැත්වීමට නාමයෝජනා කැඳවා තිබෙනවා. ඔන්න බලන්න ඉතිරි පලාත්පාලන ආයතන වලත් ප්‍රශ්න විසඳිලා අපූරුවට මැතිවරණය පවත්වන්න පුළුවන් තත්වයක් එනවා.

දැන් නාමයෝජනා කැඳවන ආයතන 93න් සාතිශය බහුතරයක් ඒකාබද්ධ විපක්ෂයට වාසියි. අපි ඒ වාසිය අරගෙන ඊ ළඟ වටයට එන විට තිබෙනවාටත් වඩා ලොකු රැල්ලක් අපට හැදෙනවා. ඒ නිසා ඡන්ද කල් දාන්න උසාවි ගිය ආණ්ඩුවට ඒකම බූමරංගයක් වෙලා තිබෙන්නේ.

අර ඉස්පිලි පාපිලි වැරදි තිබෙනවා කියා මැතිවරණය කල් දාපු ආයතන 40ක් තිබෙනවානෙ. අද හෙටම ඒ සියල්ල හැදිලා ගැසට් මගින් ප්‍රසිද්ධ කරාවි. උසාවියේ පවරා තිබෙන නඩුත් ඉවත් කර ගනීවි. අඩුම ගණනේ තහනම් නියෝගය ඉවත් කර ගනීවි. ඒ නිසා මා විශ්වාස කරන්නේ රට පුරාම පුංචි ඡන්දය එකම දවසේ පැවැත්විය හැකි වනු ඇති බවයි. ජෝතිෂ්‍ය වේදියෙක් නොවුනත් ඒ අනවැකිය මම බය නැතුව ප්‍රකාෂ කරනවා.

මේ මැතිවරණය ලබා ගැනීමට හැකි වුණේ මැතිවරණ කොමිසම කොන්ද කෙලින් තබා ගෙන සෘජු තීරණයක් ගත් නිසා. මේ ආයතන 93 මැතිවරණ ගැසට් මගින් ප්‍රකාශ නොකලානම් කීයටවත් අනික් ප්‍රශ්න විසදෙන්නේ නෑ. මැතිවරණ කොමිසම සෘජුව සිටියා නම් මැතිවරණය වසර තුනක් කල් යන්නේ නෑ.

අපි මැතිවරණ කොමිසම පිළිබඳ කර්කශ විවේචන එල්ල කලේ තරහකට නොවේ. අද ගත් තීන්දුව ගැනීමට මැතිවරණ කොමිසම තල්ලු කර ගන්නයි. මැතිවරණ කොමිසම ගත් එඩිතර තීන්දුවට අපි හිස නමා ආචාරය පුද කරනවා. ඒවගේම මෙවන් එඩිතර භාවයකින් ඉදිරිකාලයේ සෑම මැතිවරණයකදීම කොමිසම කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

16,125 Viewers

5 Comments to “පුංචි ඡන්ද සියල්ල එකම දවසක.. ජෝතිෂ්‍යවේදියෙක් නොවූ ගම්මන්පිල අනාවැකියක් කියයි..”

  1. Nim says:

    COME ON GAMMANPILA
    RATATA JAYA
    OBATA JAYA, APATA JAYA
    JANATHAWATA JAYA

    • saman says:

      පළාත් පාලන ඡන්දෙන් පසු වාහන, දරැවන්ට ශිෂ්‍යත්ව, මුදල් මත යහපාලනයට යන පළවැනියා කවුද?

  2. K.shantha says:

    Great comment and analysis

  3. nuwan says:

    chanden passe karanna ithuruwela thiyena job eka dan indalama karala purudu wena eka hondai

Main News