පුංචි මන්ත‍්‍රීන් ගණන දෙගුණ කිරිමෙන් දීමනා සහ ගොඩනැගිලි පහසුකම් වෙනුවෙන් බිලියන 12ක.. ඒත් කුනු අදින්න ට්‍රැක්ටරයක්වත් තවම දීලා නෑ…

November 25, 2017 at 12:00 pm | lanka C news
පුංචි මන්ත‍්‍රීන් ගණන දෙගුණ කිරිමෙන් දීමනා සහ ගොඩනැගිලි පහසුකම් වෙනුවෙන් බිලියන 12ක.. ඒත් කුනු අදින්න ට්‍රැක්ටරයක්වත් තවම දීලා නෑ…

සමහර ප්‍රාදේශිය සභා සඳහා කුණු ඉවත් කිරිමට අත්‍යවශ්‍ය රුපියල් මිලියනයක් වටිනා ට්‍රැක්ටරයක් වත් දීමට අපොහොසත් වූ ආණ්ඩුව උතුරු නැගෙනහිරට බලය බෙදීමේ ව්‍යායාමයක යෙදි සිටින අයුරින්ම පැරණි රජ දවස වූ පණ්ඩුකාභය රජතුමාගේ සමයේ සිට පැවත එන ගම් සභා ක්‍රමය ජනතාව හිස රදයක් කොට විනාශ කිරිමේ අභිමුවට පැමිණ ඇත. ඒ මේ වනවිටත් එම ආයතනයකන් අක්‍රර්මන්‍ය වී වසර 3 කට ආසන්න විමයි.

කොළඹ මලා ප්‍රවාහන පද්ධතිය මේ වනවිට අලුත් වැඩියා නොකොට වැහි ජලය ගලා බසින් කාණුවලට වැසිකිලි මලාප්‍රවාහන සම්බන්ධ කොට ඇති බැව් පසුගිය දා පැවසුවේ ආණ්ඩුවේ ප්‍රබලයෙකි. ඒ මහා නගර අමාත්‍ය චම්පික රණවක මහතායි, ඔහු පැවසුවේ ඊට අවශ්‍ය රුපියල් මිලියන 4000 ක මුදලවත් මේ වන තෙක් ආණ්ඩුව ලබා දී නැති බවයි.

රටේ ජනතාව ඉල්ලා සිටියේ ගමට නගරයට හොද සේවාවක් ලබාදීමට අවශ්‍ය කොට්ඨාස මට්ටමින් නියෝජිතයින් පත් කිරිමට අවස්ථාවකි. ඒත් ආණ්ඩුව ජනතාවට දීමට සූදානම් වන්නේ ඊට හාත්පසින්ම වෙනස් වු ගමට නගරයට ඔරොත්තු නොදෙන මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවකි. ඒ ආණ්ඩුවේ සිටින නොයෙකුත් පාර්ශවයන් පිනවීම සඳහා දිවයිනේ පිහිටි කොට්ඨාස ප්‍රමාණයට මන්ත්‍රීවරු දෙගුණයකින් වැඩි කිරිමයි. ඒ අනුව රටේ සමස්ථ ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමේ ගැටලු රාශියක් නිර්මාණය වනු ඇත.

පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් පසුගිය දා නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව මන්ත්‍රීවරු සංඛ්‍යාව 8436 දක්වා දෙගුණයකින් වැඩි කොට ඇත. ඒ සඳහා සභික දීමනාවට පමණක් වසරකට රුපියල් මිලියන 1080 සිට රුපියල් මිලියන 2160 දක්වා වැඩි වනු ඇත. ඒ අනුව ඔහුනගේ ධූර කාලය වසර 4 ක් වන බැවින් ආණ්ඩුවට ඒ සඳහා වසර 4 කට අතිරේක රුපියල් මිලියන 4320 ක් වැය කිරිමට සිදු වේ.

මීට අමතරව පලමු වර්ෂයේ සිට පලාත් පාලන 341 සඳහා රැස්වීම් ශාලා පහසුකම් දෙගුණයකින් වැඩි කිරිමට සිදු වේ. කොළඹ මහ නගර සභාවේ පහසුකම් දෙගුණයකින් වැඩිකිරිමට අවම වශයෙන් රුපියල් මිලියන 100 ක් වත් අවශ්‍යය.

එමෙන්ම අති දුෂ්කර ප්‍රදේශයක් වන වනාතවිල්ලුව වැනි ප්‍රාදේශිය සභාවක් ශාලා පහසුකම් වැඩිකිරිමට රුපියල් මිලියන 10 ක් වත් අවම තරමින් අවශ්‍යය. ඒ අනුව මිලියන 25 ගනනේ දල වශයෙන් ගනන් බැලුවත් ඒ සඳහා ද රුපියල් මිලියන මිලියන 8000 ක් පමණ අවශ්‍ය බවයි. ඒ අනුව වසර 4 ක ධූර කාලය සඳහා අමතර රුපියල් මිලියන 12000 ක් පමණ වැය කිරිමට ආණ්ඩුවට සිදු වේ.

ඉහත අතිරේක වියදම අනුව එක් පලාත් පාලන ආයතනයක් සඳහා මිලියන 40 ක් ලබාදීමට හැකියාවක් ඇත. එම මුදල් එම ප්‍රාදේශිය සභාවේ ජනතා සුභ සිද්ධියට විශාල සේවාවක් කිරිමට අවශ්‍ය මුදල් ය. ඒ අනුව ජනතාවට් අවශ්‍ය පානිය ජලය, පොදු වැසිකිලි, කොන්ක්‍රීට් ඇතිරූ කුඩා පාරවල් කැලිකසල ප්‍රතිචක්‍රිකරණය වැනි පොදු වැඩ කිරිමට හැකිය.

3,728 Viewers

One Comment to “පුංචි මන්ත‍්‍රීන් ගණන දෙගුණ කිරිමෙන් දීමනා සහ ගොඩනැගිලි පහසුකම් වෙනුවෙන් බිලියන 12ක.. ඒත් කුනු අදින්න ට්‍රැක්ටරයක්වත් තවම දීලා නෑ…”

  1. චේතියසේන says:

    පලතුරැ වත්තකට වැදුනු රිලා රංචුවක් මේ දේසපාලු හැතිකරේ විතර විනාසකාරී නෑ.

Main News