පුටින් මෙන් අභීත, මහතීර් මොහොමඩ් මෙන් කලමණාකාරී, ලීකුආන් යූ මෙන් දුරදර්ෂී ලක් ඉතිහාසයේ අති විශිෂ්ඨතම ජනාධිපති අපේක්‍ෂකයා සූදානම්…

May 14, 2018 at 10:37 pm | lanka C news
පුටින් මෙන් අභීත, මහතීර් මොහොමඩ් මෙන් කලමණාකාරී, ලීකුආන් යූ මෙන් දුරදර්ෂී ලක් ඉතිහාසයේ අති විශිෂ්ඨතම ජනාධිපති අපේක්‍ෂකයා සූදානම්…

ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ රුසියාවේ ව්ලැදිමීර් පුටින් දක්වන නිර්භීතභාවයත්, මැලේෂිටාවේ මහතීර් මොහොමඩ් දක්වන කලමණාකාරණයේ සුවිශේෂී හැකියාවත්, සිංගප්පුරුවේ ලී කුආන් යූ දැක්වූ දුරදර්ෂීභාවයත් යන සිවුශේෂි ලක්‍ෂණ තුනම සහිත ලක් ඉතිහාසයේ බිහිකල හැකි සුවිශේසීම ජනාධිපති අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීමට ඒකාබද්ද විපක්‍ෂ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

1981 සිට 2003 දක්වා වසර 22ක් මැලේසියාව පාලනය කළ වෛද්‍ය මහතිර් මොහොමඩ් පසුගිය 10 දා පැවැති මැතිවරණයෙන් නැවත අගමැති ධූරයට ජනතාව විසින් තෝරා ගත්තා.  දැන් එතුමාට වයස අවුරුදු 93ක් වුණත් නැවත එතුමාට රට භාර දීමට වයස ප්‍රශ්නයක් වුණේ නෑ.  ඊට හේතු වුණේ එතුමාගේ යුගය තමයි මැලේසියාවේ ස්වර්ණමය යුගය.  එතුමා පාලනය කළ වසර 22 තුල මැලේසියානු ආර්ථිකය සිව් ගුණයකින් වර්ධනය වුණා.

ලංකාවේත් මහතිර් මොහොමඩ් කෙනෙකු හිටියා.  ඒ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා.  එතුමාගේ වසර 9ක පාලන කාලය තුල ලංකාවේ ආර්ථිකය සිව් ගුණයකින් වර්ධනය වුණා.  වෙනත් වචන වලින් කියනවා නම් අගමැති මහතිර් වසර 22කින් කළ වැඩේ ජනපති මහින්ද වසර 9න් කළා.

මැලේසියානු ජනතාව තමන්ගේ ආණ්ඩුව වැඩ බැරි දූෂිත ආණ්ඩුවක් බව පෙනුනාම අලුතින් පක්ෂයක් හදා ගත් මහතිර් මොහොමඩ් මැතිතුමාට රට භාර දුන්නා. ලංකාවේ ආණ්ඩුවත් වැඩ බැරි දූෂිත ආණ්ඩුවක් බව ජනතාව තේරුම් අරන්. මහින්ද රාජපක්ෂ මැතිතුමාත් අළුත් පක්ෂයක් හදා ගෙන ජනතාව ඉදිරියට ඇවිත් ඉන්නේ.  ජනතාවට වුවමනා නායකයා ජනතාවටම පත්කරගන්න මැලේසියාවේ පුලුවන් උනත් ලංකාවේ එහෙම කරන්න බෑ.  19 වන සංශෝධනය කියන ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධණයෙන්  තමන් කැමැති නායකයාව පත් කර ගැනීමේ අයිතිය ජනතාවගෙන් උදුරා ගෙන තිබෙන්නේ.  යම් පුද්ගලයෙක් රටේ නායකයා විය යුතුද නැද්ද යන්න තීරණය කල යුත්තේ ජනතාව මිස ව්‍යවස්ථාව නොවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඡන්දයට ඉදිරිපත්වීමට බාදකය වී  තිබෙන්නේ ජනතා කැමැත්ත නැති කම නෙමෙයි. ව්‍යවස්ථාවේ ඉඩ නැති කම. ඒ නිසා තමන් කැමති නායකයෙකුට රට බාරදෙන්න මැලේසියාවේ ජනතාව කල වරද නිවරදි කර ගැනීමේ ක්‍රියාවලිය ඉටුකරගන්න ශ්‍රී ලංකාවේ ජනතාවටත් අවස්ථාව දෙන්න ජනතාවගෙන් උදුරාගත් තමන් කැමති නායකයෙක් පත් කරගැනීමේ අයිතිය නැවත ලබා දීලා 19 වන සංශෝධනය හකුලා ගන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා.

– අරවින්ද අතුකෝරල

35,558 Viewers

30 Comments to “පුටින් මෙන් අභීත, මහතීර් මොහොමඩ් මෙන් කලමණාකාරී, ලීකුආන් යූ මෙන් දුරදර්ෂී ලක් ඉතිහාසයේ අති විශිෂ්ඨතම ජනාධිපති අපේක්‍ෂකයා සූදානම්…”

  1. අැත්ත says:

    සමිපුර්න අැත්ත කතාවක් මේ අවස්තාවේවත් සිහිනය සැබැ කරමු

    • cim says:

      thibba goldface ekatath kelauna

    • Nishantha says:

      19 ta wirudda wenna kondak thibbe Sarath Weerasekarayanta pamanai

    • මොරටුමුල්ලේ තිසිර. says:

      චම්පික මතිදුනි, 2020’දී මුළු රටම ඔබ සමගයි.

      • Kamal says:

        එතකොට චම්පික ගැනද ඔය කියල තියෙන්නෙ.

      • Asitha says:

        Get your brain checked..

      • Mattee says:

        Champikaya Wasavarrhu Marayek. Mini sun keeyakata Jewitha haani kota aththda? Champikata rata baradeema ponsekata rata baradeema haa samanaya.

      • Dushantha says:

        හා හා ආලාපාළු පච් රණවකයා. ඌ නගරසබාවකවත් නායක කමට සුදුසු නෑ.

      • Hitan@Hutan.com says:

        2020දි මුළු රටම සූදානම් පචයට ටොකු අනින්න​.කොණ්ඩෙ බූගාගෙන ලෑස්ති වෙලා ඉන්න කියපං මොරටුමුල්ලෙ තිසිර කොල්ලො,

  2. Prof. Udheni Jagathchandra says:

    That great candidate is non other than Mr. Gotabaya Rajapakse!

    • chri says:

      O yes Sir ,You are exactly correct,අනේ දන්න දෙයක් කියපන්

      • Yasmin says:

        Anunta upadhes dhenda enne umba siyalla dhathdha?
        Kata wahagena hitu, kuhaka jeppa!

  3. හෙට දවසේ අපේ රට says:

    මේ රට ගොඩ ගත හැකි එකම මාර්ගය වන්නේ ඉහල සිට පහලටම රටේ විනය සැකසීමයි.
    ඒ සදහා නිවැරදි නායකත්වයක් තෝරා ගැනීමට කාලයයි මේ.අපි ඒ දෙස දෑස් අයා බලා සිටිමු.

    • chris says:

      විකාර දොඩවන්න එපා හෙටට ඉස්සෙල්ල අද කාල ඉන්න උනේ ,නැව ගිලුනත් බෑන් චුන් ,

  4. Saradiel says:

    කොලබ නගරය අපායක් වී තිබියදී අලංකාර නගරයක් කල අපේ වීරයා කාටත් අමතක වෙන්නේ නැහැ.

  5. Manel says:

    Gota is our dream. Make it a reality.

  6. Damma says:

    May the Triple Gem Bless, the Leader and this sacred Motherland.

  7. daminda says:

    apae diyasenn kumaru obaya ……. mathindu…….

  8. සීගිරි says:

    ඕස්ට්‍රේලියාවේ ඩෝල් කාරයෙක් ඇමරිකාවේ ග්‍රීන් කාඩ් කාරයෙක්ව පුටින්ට සමකිරීම පිලිකුල් සහගතයි….

  9. Milina says:

    Gota ho Mahinda hara kisiwekutawath lankawa godaganna baha. Anith okkoma pendo. Me tika therenakota rata sahena durata watila. Danwath oluwa pawichchi korapalla.

  10. LION voice says:

    Gotabaya obathumata jayama wewaaaaaaaaaaaaaaaaaa!!!!!!!

  11. kalana says:

    මහින්ද ට අපි චන්දය දෙන්නේ නැහැ, පරද්දන්න ඕන තරම් හේතු තිබුන, දැන් ඉන්න උන් අන්ත ජරා නිසයි මහින්දට අද තැනක් තියෙන්නේ. නැත්නම් කවුරුවත් ගණන් ගන්නේ නැහැ. මහින්ද හරියන්නේ නැහැ, මහින්ද කලේ හම්බයට දැන් ඉන්න උන් වගේම, මොනවද කලේ සිංහල මිනිහට විශේෂයෙන්? මොනවද කලේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න? මොනවද කලේ දුප්පත් සිංහල මිනිහගේ ආර්ථිකය වැඩි කරන්න?

    • Dushantha says:

      උඹ ඉපදුනේ 2015 දි ද ගොන් නාම්බො? අවුරුදු 30ක් තිබ්බ යුද්දෙ ඉවර කලේ උඹලගෙ අප්පොච්චි රටේ නායකයා වෙලා හිටපු කාලෙද? රටටම ලයිට් කප කපා හිටියෙ නොරෙච්චෝලෙ හෑදුවෙ කව්ද? හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපල අධිවේගී මාර්ග, රට පුරාම ගම වලට පාරවල් හෑදුවෙ කව්ද?

  12. alpa says:

    Hitapu Idi amin Polpot Macos la wage aya noweinam kamak naha ..

  13. Sunil Rajapakse says:

    Is it Gommanpila or any other Killer.

  14. අපේ විරුවා says:

    ඔහු” වීර ගෝඨාභය රාජපක්ෂ” නම් වන්නේය.

  15. hari says:

    Mahithri Puntin ta Me GOBILAYO SASADANA PULUWANDA

  16. චම්පුක says:

    ඔන්න දොස්තර මහත්තයෝ පිස්සන් කොටුවෙන් පැනපු එකෙක් මොරටුමුල්ලට ගිහිල්ල.

  17. රත්නසේන says:

    “පුටින් මෙන් අභීත, මහතීර් මොහොමඩ් මෙන් කලමණාකාරී, ලීකුආන් යූ මෙන් දුරදර්ෂී ලක් ඉතිහාසයේ අති විශිෂ්ඨතම ජනාධිපති අපේක්‍ෂකයා සූදානම්…” – මේ වගේ මිනිස්සු කොහෙද… මේ රටේ… මොකා වුනත් මු ලංකාවේ එකෙක් නම් වෙන්න බැ!

Main News