පුත්තලම් වෙරල වැනසූ ඉන්දීයානු කසල මන්නාරම් වෙරලත් වසා දමයි.. දහස් ගණන් මසුන් මිය යති..

August 20, 2018 at 12:40 pm | lanka C news
පුත්තලම් වෙරල වැනසූ ඉන්දීයානු කසල මන්නාරම් වෙරලත් වසා දමයි.. දහස් ගණන් මසුන් මිය යති..

තලෙයි මන්නාරම, මන්නාරම හා පුනරීන් මුහුදු වෙරලට මේ දනවල ඉන්දියානු සමාගම්හි ලිපිනයන් සඳහන් විවිධ අපද්‍රව්‍ය හා විවිධ විෂකාරකයන් ගොඩගැසීම හේතුවෙන් මසුන් විශාල ලෙසින් මිය යාම හා පාරසරික ගැටලු රැසක් මතු වී ඇති බවට මන්නාරම් ධීවරයින් කියා සිටිති.

මීට පෙර පුත්ලම් වෙරලට ගොඩ ගැසූ මෙම අපද්‍රව්‍ය මේ වන විට මන්නාරම් වෙරලට ගොඩ ගැසීම හේතුවෙන් උතුරු මුහුදු වෙරල සාමාන්‍ය ජනතාවට මෙන්ම ධීවරයින්ට අහිමි වීමේ අවධානමක්ද පවතින බවට මන්නාරම් ධීවර සමිති මගින් පෙන්වා දෙයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් අද (20) දිනයේදී අදාල ඉන්දියානු අපද්‍රව්‍ය විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර එම අපද්‍රව්‍ය අයිතිකරුවන් පිළිබඳවද පරික්ෂාවකට ලක් කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් අදාල අපද්‍රව්‍ය මන්නාරම් මුහුදු වෙරලට ගසාගෙන ඒම හේතුවෙන් මේ වන විටත් මන්නාරම් මුහුදු වෙරලට දුර්ලබ ගණයේ මසුන් හා විවිධ වර්ගයන්ට අයත් මසුන් වර්ග විශාල පමාණයක් මිය ගොස් ගොඩ ගස් ඇති අතරම ඒ අතර කැස්බෑවුන්ද සිටින බවට මන්නාරම් ධීවර සමිති විසින් පෙන්වා දෙයි.

එමෙන්ම මන්නාරම් ධීවරයින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ සිට ගසාගෙන එන ලද අපද්‍රව්‍යන්හි විෂකාරකයන් හේතුවෙන් මන්නාරම් මුහුදේ මසුන් ඇල්ලීමද අවධානම්ව පවතින අතරම අපද්‍රව්‍යන් හේතුවෙන් ඇති වී තිබෙන පාරසරික ගැටලු හේතුවෙන් ධීවර වාඩිවල ජීවත්වීමද අවධානම් තත්වයක පවතින බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,907 Viewers

5 Comments to “පුත්තලම් වෙරල වැනසූ ඉන්දීයානු කසල මන්නාරම් වෙරලත් වසා දමයි.. දහස් ගණන් මසුන් මිය යති..”

  1. Neutral Man says:

    This is just the beginning. Since SL has agreed to share our territorial waters under Singapore agreement, they can dump anything in our seas. Wait until Singapore start using SL as its waste dumping ground.

  2. Rajitha the kunu datha says:

    Mama asdekin dakka Mahinda Rajapakse owa gihin werala dige danawa. Gotabaya, Basil Namal thamai udawwata hitiye.

  3. ALAPALU RANAWAKA says:

    DON’T WORRY NUCLEAR WASTE IS DUE TO ARRIVE FROM SINGAPORE. WAIT AND SEE. HOW IS GOOD GOVERNANCE? ARE YOU HAPPY?

  4. John the baptice says:

    අපේ එකම සතුරා දැන් හදුනා ගත හැකිය මොදිගේ ඇදුම ඇන්ද එකේ විපාකය

  5. නුවන් says:

    ඉන්දියාවේ කුනු මේ රටේ වෙරලේ පමණක් හමුවේනම් කොතරම් සතුටුද?

Main News