පුතා මව සමග පිහියෙන් පොරබදද්දි අවුරුදු 4ක දැරියගේ ගෙල කැපී මිය යයි.. සිත් තැවුලෙන් පුතත් වස බී මරුට.. මවටත් බරපතලයි…

January 19, 2018 at 4:40 pm | lanka C news
පුතා මව සමග පිහියෙන් පොරබදද්දි අවුරුදු 4ක දැරියගේ ගෙල කැපී මිය යයි.. සිත් තැවුලෙන් පුතත් වස බී මරුට.. මවටත් බරපතලයි…

යාපනය පොතුවිල් මන්සන්ධියේදී මව හා පුතා අතර පිහියක් සමග ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් වයස අවුරුදු 4 ක දැරියක් මිය ගොස් ඇති අතර දැරියගේ මිය යාමෙන් සිත්තැවුලට පත් දැරියගේ ලොකු තාත්තා විසින් වස පානය කොට සිය දිවි හානි කරගෙන ඇති අතරම තරුණු කැපුම් තුවාල සහිතව මවද යාපනය මහරෝහලට ඇතුලත් කොට ඇතයි යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය.

අවුරුදු 4 වයසැති දැරිය ඇයගේ ආච්චි සමග නිවසේ සිටින අවස්ථාවේදී ආච්චිගේ පුතෙකු නිවසට පැමිණ මව සහ පුතා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුතා විසින් පිහියකින් මවට පහරදෙන අවස්ථාවේදී ඊට දැරිය මැදිහත් වී ඇති අතර අදාල පිහි පහරවලින් පළමුව මවට දරුණු කැපුම් තුවාල සිදුවන අතරම පසුව මැදහත් වූ දැරියගේ බෙල්ල ප්‍රදේශශයෙන්ද කැපී ඇත.

කැපුම් තුවාල සහිතව ඇද වැටෙන දැරිය එම අවස්ථාවේදීම යාපනය මහරෝහලට රැගෙන ආවද ඒ වන විටත් දැරිය මිය යාම හේතුවෙන් ඉන් සිත් තැවුලට පත් දැරියගේ ලොකුතාත්තා වස පානය කොට සියදිවි හානි කොට ගෙන ඇති අතරම පුතාගේ පිහිපහරින් තරුණු කැපුම් තුවාල සහිතව මව යපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට කෝපායි පොලීසිය කියා සිටියේය.මෙහිදී මිය ගොස් ඇත්තේ සිව් හැවිරිදි ධනූෂණ් ඩිලක්ෂණී හා සියදිවි හානි කරගත් ලොකු තාත්තා ගුණරත්නම් ඩැනීෂ්වරන් හා කැපුම් තුවාල සහිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ගුණරත්නම් පරමේෂ්වරී යන අය වන අතර යාපනය කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,534 Viewers

6 Comments to “පුතා මව සමග පිහියෙන් පොරබදද්දි අවුරුදු 4ක දැරියගේ ගෙල කැපී මිය යයි.. සිත් තැවුලෙන් පුතත් වස බී මරුට.. මවටත් බරපතලයි…”

  1. චන්දිමානි says:

    ඒ අහිංසක දැරියට මතු සංසාරයේ මෙවන් අභාග්‍ය සම්පන්න කිසිදු අගතියක් නොවේවා!!!
    මෛත්‍රී බුදුන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් සසර කෙලවර අමෘතමහා සංඛ්‍යාත නිර්වාණයම අවබොධ වේවා !!! මෙවන් පවිටු ඥාතීන් සසර වසනා තුරු මුණ නොගැසේවා!!!!!!

    • Haramanis says:

      පත පත හිටපිය, එතකොට ඔක්කොම ප්‍රශ්ණ හරි. මෝඩ හැත්ත.

  2. චන්දිමානි says:

    ඒ අහිංසක දැරියට මතු සංසාරයේ මෙවන් අභාග්‍ය සම්පන්න කිසිදු අගතියක් නොවේවා!!!
    මෛත්‍රී බුදුන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් සසර කෙලවර අමෘතමහා සංඛ්‍යාත නිර්වාණයම අවබොධ වේවා !!! මෙවන් පවිටු ඥාතීන් සසර වසනා තුරු මුණ නොගැසේවා!!!!!!!!!!!

  3. Rohitha says:

    mokadda madushanka me kathawa? oyage sinhala paehaedili nae ne.

  4. Lolla says:

    Mental සක්කිලි

  5. Saradiel says:

    යහපාලන රජය ආදා සිට මිනීමැරුම් වැඩි වී තිබේ මුන්ට චන්දය දීමෙන් වලකින්න

Main News