පුද්ගලයෙකුගේ මුහුණට මිරිස්කුඩු ගසා පහරදී ඝාතනය කරයි.. මිය ගොස් ඇත්තේ ඇමරිකානු පුරවැසියෙක්..

March 8, 2018 at 5:30 pm | lanka C news
පුද්ගලයෙකුගේ මුහුණට මිරිස්කුඩු ගසා පහරදී ඝාතනය කරයි.. මිය ගොස් ඇත්තේ ඇමරිකානු පුරවැසියෙක්..

කිලිනොච්චිය, කනකපුරම්, සෙල්වනගර් ප්‍රදේශයේදී ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් පහරදීමෙන් ඊයේ(07) ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පැවසුවේය.

කිලිනොච්චිය පොලීසිය පැවසූවේ රත්නම් දුරේයිසිංහම් නමැති 71 හැවිරිදි පුද්ගලයෙකු එලෙස පහර දීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවටයි.

මෙසේ මිය ගොස් ඇති අදාළ පුද්ගලයා මෙරට පවතින මුල් පදිංචි ඉඩම් පරීක්ෂා කිරීමට ඇමරිකාවේ සිට පසුගියදා පැමිණ ඇති අතර, එහිදි පසුගිය 06 වැනිදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් මියගිය පුද්ගලයාගේ නැවති සිටි ස්ථානයේදී   මුහුණට මිරිස් කුඩු ගසා මෙම පහරදීම සිදුකොට ඇති බව පොලීසිය පැවසීය.

පහර දීමෙන් බරපතල තත්වයේ සිටි තුවාල ලැබු පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (07) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය සඳහන් කොට සිටියේය.

අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහරදුන් බවට සැකකෙරෙන මුගුරක්ද ගෙවත්තේ තිබී හමු වූ බවටත් පහරදීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවටත් කිලිනොච්චිය පොලිසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

29,095 Viewers

6 Comments to “පුද්ගලයෙකුගේ මුහුණට මිරිස්කුඩු ගසා පහරදී ඝාතනය කරයි.. මිය ගොස් ඇත්තේ ඇමරිකානු පුරවැසියෙක්..”

  1. Ratawasiya says:

    Me manushya gaathanayata wiruddawa maanawa himikam, UN saha NGO kaarayo saha jaathi waadiyo kiyanne monawada balamu? Mokuth kiyana ekak naha!

    • jayamal says:

      මේවා මහා පාපකර්ම! මොනම හේතුවක් නිසාවත් එක් අයෙකුගේ හෝ ජීවත් වීමේ අයිතිය උදුරා ගැනීම මහා ඛේදවාචකයකි. ජාතිවාදී අරගල වලට උසි ගැන්වීමත් මෙවැනි සාපරාධී ක්‍රියාත් හෙළා දැකිය යුතුය. රටේ හැම අයෙකුගේම ආරක්ශාව සැලසීම පවතින රජයේ වගකීමයි. පාලනයේ දුර්වල කමින් මුලු රටම කඩා වැටිලා බව අමුතුවෙන් කිව යුතු නැත.

  2. Roshan says:

    appata siri mekath jaathiwadaya pathuranna pacha ranawaka ge golayo maruwada danne naha.

  3. Kolitha says:

    kaanu katagen ahala balamu…meka Rajapaksalage wadak neda?

  4. Athula says:

    ඔන්න අල්ලනවා නම් හොඳම case එක . Mr.මද්දුමබණ්ඩාර පුළුවන් නම් වැඩ පෙන්නන්න .

  5. David Milli-banda says:

    Ratawasiya………… oya kiyana goiyala okkotama ninda gihilla.

    madduma bandara is not a cop but the Minister.
    Mini Maruwa ahuwela…………………………………… nrajapakshe waru lu.

Main News