පුද්ගලික රෝහල් ඇතුළු සියළු සෞඛ්‍ය සේවා VAT බද්දෙන් නිදහස්…?

March 7, 2018 at 8:02 am | lanka C news
පුද්ගලික රෝහල් ඇතුළු සියළු සෞඛ්‍ය සේවා VAT බද්දෙන් නිදහස්…?

සියලුම සෞඛ්‍ය සේවාවන් වැට් බදු වලින් නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සුදානම් වෙයි.

අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

පෞද්ගලික රෝහල් සේවා සිදු කිරීමේ දී රෝගීන්ගේ බිල්පතට වැට් බදු එකතු කිරීම නිසා රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විවිධ සංගම් සහ පෞද්ගලික රෝහල් සංගමය පෙන්වාදීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණයට එළඹුනි.

සෞඛ්‍ය සේවා ව්‍යාපාර නොවන බවත්, සේවාවක් බවත් පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා රෝගීන් පීඩාවට පත්වන තීන්දු තීරණ පිළිබදව යළි සළකා බැලිය යුතු බව ද ප්‍රකාශ කරයි.

– ප‍්‍රසන්න අධිකාරී

9,901 Viewers

5 Comments to “පුද්ගලික රෝහල් ඇතුළු සියළු සෞඛ්‍ය සේවා VAT බද්දෙන් නිදහස්…?”

  1. නයා says:

    ඉපදෙනවට මැරෙනවට ලෙඩවෙනවටත් බදු ගැසූ ඊනියා යහපාලකයිනි.
    දැන්වත් නිවැරදි වෙයල්ලා තොපි කරගත් පාප කර්ම දැන් ඇති

  2. Genetal says:

    Why the hell these taxes were put in place with so much of resistance, in the first place?

    This shows the inefficiency and non-directional policies of someone who is dealing with these activities. This is called incompetency + inefficiency + moron-mind = Rajitha

  3. Mendela says:

    Good work. Thanks

  4. sanjeewa says:

    Amaruwen salli hoyagana karapu mage operation ekata Rs 72000 vat ewa apahu ganna baida

  5. Nisauru says:

    oowa boru add witharai, den thawath gaana wedi karala bill dawi

Main News