පුද්ගලික වෛද්‍ය සේවාව නිසා දොස්තරලා බාධා කරගන්නවා..

September 17, 2017 at 8:02 am | lanka C news
පුද්ගලික වෛද්‍ය සේවාව නිසා දොස්තරලා බාධා කරගන්නවා..

හදිසි හෘදයාබාධයක් නිසා හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මිය යාම, හදිසියේ හෘදයේ සංකූලතාවයක් ඇති වී ප්‍රතිකාර කිරිම සදහා රඹෑව රජයේ ග්‍රාමීය රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි පාසල් සිසුවාට ප්‍රතිකාර නොකිරීම, මාතර මහ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කරමින් සිටි වෛද්‍යවරියකට බැණ වැදීම යන සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට තමන් දැනුම් දුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කලුතර මහ රෝහලේ ළය චිකිත්සාගාර ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා. ‘සෞඛ්‍ය සේවාවේ ප්‍රමුඛ කාර්යයක් වන්නේ රෝගී සත්කාරක සේවාවයි. උදාහරණයක් ලෙස හදිසි හෘදයාබාධයක් හේතුවෙන් හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මියයාමේ සිද්ධියේ දී විදුලිය නෑ කියා ප්‍රතිකාර නොකර ඉන්න බැහැ. හදිසි ප්‍රතිකාර කිරීම සිදු කළ යුතුයි. දේශපාලන සහ වෘත්තීය යන කරුණු දෙකම එකට පටලවා ගත්තාම මෙහෙම වෙනවා. ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ආයතන සංග්‍රහයට අනුව කිරීමට නොහැකි ක්‍රියාකාරකම් සෞඛ්‍ය ක්ෂේතුය තුල සිදුවීම කණගාටුවට කරුණක්. කැපවීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීමට රාජකාරී කරන පිරිසකුත් ඉන්නවා. ඊට හොදම උදාහරණය තමයි මහනුවර මහ රෝහලේ හෘද බද්ධ සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායම. සේවයට කැප වූ වෛද්‍යවරු ද සිටිනවා. හෘද බද්ධ සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායමේ ඉල්ලීමට අනුව සැත්කමට භාජනය වූ කාන්තාවට නිවාස අමාත්‍යාංශයෙන් නව නිවසක් ලබාදීමට ද කටයුතු කරනවා. ඒ සදහා නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද කැමැත්ත පළ කර තිබෙනවා. එවැනි මනුෂ්‍යකම් දන්නා වෛද්‍යවරු ද සිටිනවා. මේ අතර සමහර වෛද්‍යවරු සිටිනවා තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් සැත්කම් සිදු කරනවා නම් ඊට බදා කිරිමට, මෙයට හේතු වී ඇත්තේ පෞද්ගලික වෛද්‍ය සේවාවයි’

– ප‍්‍රසන්න අධිකාරී

4,005 Viewers

One Comment to “පුද්ගලික වෛද්‍ය සේවාව නිසා දොස්තරලා බාධා කරගන්නවා..”

  1. Kamal says:

    මෙවැනි දොස්තරලාගේ වැඩ තහනම් කල යුතුයි.

Main News