පුදුකුඩිඉරිප්පුවෙන් මහපරිමාණ දැව ජාවාරමක් කොටු කරගිනී…

August 3, 2018 at 2:08 am | lanka C news
පුදුකුඩිඉරිප්පුවෙන් මහපරිමාණ දැව ජාවාරමක් කොටු කරගිනී…

මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේදී නිවසක් තුල මහපරිමාණයෙන් සිදුකරගෙන ගිය දැව ජාවාරමක් (01) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේය.

පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුනු තොරතුරකට අනුව දේවිපුරම් ප්‍රෙද්ශයේ පිහිටි අදාල නිවස පරික්ෂා කොට ඇති අතර පොලිස් නිලධාරීන් දැක නිවසේ හිමිකරු පලා ගොස් ඇත.

පසුව පොලිස් නිලධාරීන් විසින් නිවස පරික්ෂා කිරීමේදී විවිධ වර්ගවලට අයත් රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් ඉරන ලද දැව තොගයක් තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර පැන ගිය නිවසේ හිමිකරු අත්අඩංගුවට ගැනීමටද පරික්ෂණ ආරම්භ කොට ඇති අතරම නිවසේ සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුදුකුඩිඉරිප්පු පොලීසියි විසින් පියවර ගෙන ඇත.

අදාල නිවසේ සිට මුලතිව් පුදුකුඩිඉරිප්පු රක්ෂතයෙන් කපාගන්නා ලද දැව ඉරා විකිණීම කලක සිට සුදු කොට ඇති බවටද පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,081 Viewers
Main News