‘පුළුවන්නම් වැඩ කරන්න බැරිනම් නිකං ඉන්න..’ මහින්ද ලුණු ඇඹුලෙන් වෙල්ගමට දෙසයි… වෙල්ගමට මතකයත් නැතිවෙයි..

September 9, 2018 at 12:01 am | lanka C news
‘පුළුවන්නම් වැඩ කරන්න බැරිනම් නිකං ඉන්න..’ මහින්ද ලුණු ඇඹුලෙන් වෙල්ගමට දෙසයි… වෙල්ගමට මතකයත් නැතිවෙයි..

මෑතකදී පැවති මංගල උත්සවයක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉතා තදින් අවවාද කර ඇති බව වාර්තා වෙයි.

තමන්ගේ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් වෙනත් කිසිවකුට කඩේ යන්න තමන් සූදානම් නොමැති බවටත් වෙල්ගම මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සහ කලින් කරන ලද ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන් මේ ආකාරයේ තදබල ලෙස අවවාද කිරීමක් හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇත.

තමනට කඩේ යන්නයි කිසිවිටකත් කීවේ නැති බවත් ඊළඟ ජනාධිපතිවරණයට කාටත් පිලිගත හැකි විස්වාසවන්ත කෙනෙක් නම් කළ පසු හැකි නම් එයාට වැඩ කරනා ලෙසත් බැරිනම් නිකන් ඉන්නා ලෙසත් රාජපක්ෂ මහතා දැඩිව පවසා ඇත.

කෙසේ වෙතත් පිලිතුරු ලෙම කුමාර වෙල්ගම මහතා පවසා ඇත්තේ තමන් විසින් එවන් ප්‍රකාශයක් කළේ යැයි මතකයක් නැති බවයි.

ඊට මහින්ද රාජපක්ෂ මහතා සිනහමුසු පවසා ඇත්තේ එය මතක නැති වීම ප්‍රශ්නයක් නැති බව දැන් තමන් කියූ දේවල් හොදින් මතක තියාගන්නා ලෙසත්ය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් කරන ලද ප‍්‍රකාශයන් කිහිපයක් හේතුවෙන් මීට පෙරද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙල්ගම මහතාට අවවාද කිරීම් කර තිබින.

48,377 Viewers

24 Comments to “‘පුළුවන්නම් වැඩ කරන්න බැරිනම් නිකං ඉන්න..’ මහින්ද ලුණු ඇඹුලෙන් වෙල්ගමට දෙසයි… වෙල්ගමට මතකයත් නැතිවෙයි..”

  1. nonoris says:

    hoda wade okta lagakadi idan amutuma gayak hadila

  2. wipula says:

    GR. NAMA KIYANAKOTA UNP YATATH WADAA BAYA WELAA INNE WELGAMA.ME MOKADA
    KIYALA MATA NAM HITHAA GANTA BEHE.
    DANNA KENEK ME GENA PEHEDLI KARANNA.

  3. LION voice says:

    WELL SAID&DONE Mahinda…..[walagama mala yaka go home NOW….umbata kauruwath chanday denneth naha….pala…

  4. PULATHISI says:

    VERY GREAT SIR.
    welgama thinks he is an actor, like joker R.Ramanayaka

  5. සිංහල බන්ඩා says:

    හරි හ‌ෝ ව‌ේවා වැරදි හ‌ෝ ව‌‌ෙ‌වා තම සගයන්ට සහ උදව් උපකාරකයන්ට ප්‍රසිද්දිය‌ේ බැන වැදීම අනාගත ජයකට හ‌ොද නැහැ.

    • Aceman says:

      Giyapaara waradinna hondama hethuwak wune upset weda karana henchayyanta kisima widiyakin danduwamak wath awawaadayak wath dunne nethi ekay. It is really good that he is doing this now. if he loses a few votes for that, it is fully worth it.

  6. Elabuwa says:

    Oka nathuwa Mahindata Kalutara nattang.

  7. රටට හිතැති says:

    උතුරන්න සල්ලි තිබුනට, ලෝකේ තියෙන වටිනාම වාහන පරිහරණය කලාට, දකින හැම ගෑනිත් එක්කම යහන්ගත වෙන්න හිතුනට, මයික් එකක් දැක්කම විලි ලජ්ජා නැතිව ඕන කුණුහරපයක් දෙසා බෑවට ජනප්‍රිය දේශපාලකයෙක් වෙන්න බැහැ, ඒක මහා ගොන් බූරු පිස්සුවක්!!! තමන් ගැන අධි තක්සේරුවෙන් ඉන්න කාට කාටත් අන්තිමේදී හිමිවෙන්නේ ඉතිහාසයේ කුණු බක්කිය විතරයි!

  8. n.s fasions kurunegala says:

    der education the issue

  9. Sam Fernando says:

    Let this man go. He is not popular at all. Mahindra will lose votes if he stays in Pohottuwa.

  10. Kadiya says:

    Mahinda correct. All JO members must get ready to do accordingly. If not wait and see the general public decision. If we don’t do politics in public we general public know what is the best and best candidate for next PE.

  11. හිතා ඉන්නේ මහින්ඳ ජනාඩිපතිවරනයට ඉදිරිපත් නොවුනොත් වල්ගම ජනපති වෙන්න ඒකටයි ඔය දතකන්නේ මේ තවත් ආප්පයෙක්ද……

  12. Dine says:

    Mahinda ehama kiyanakota me media karayath ethana ithala.
    If said that is good.
    This is how our media making news

  13. තමුන්ගෙ පවුලෙන් පිට එකෙක් කට ඇරියොත් කොහොමත් තදින් අවවාද හෝ ගුටි හෝ ඉවරෙටම ඉවර හෝ සියල්ලම. වහල්ලු දැනගන්න ඕන තමුන්ගෙ වහල් හිමියට යටහත්ව ඉන්න. උන් පිම්බෙන්න ගියොත් සොරි තමයි.

  14. Rathgama MC says:

    කඩේ යනවයි කියන එක අද මුහුණු පොතේ පාවිච්චි කරන ඉතාම ජනප්‍රිය වචනයක්.වෙල්ගම කියන්නෙත් මුහුණු පොතේ ඉන්න ජනතාව සමග ඉන්න,මුහුණු පොත වැඩිපුර පාවිච්චි කරන දවසින් වැඩි කාලයක් දේශපාලනය වෙනුවෙන් කැප කරපු ජනතාවාදී දිස්ත්රික් නායකයෙක් පොහොට්ටුවේ .2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී කුමාර වෙල්ගම මැතිතුමා බදුල්ලෙන් පොහොට්ටුවෙන් පළවෙනියට එනවා එජාපයේ හරින්ටත් වඩා මනාප අරගෙන පළවෙනිය වෙලා, ඒ වගේම සේනාල් වෙල්ගම මැතිතුමා පොහොට්ටුවෙන් කළුතරින් වැඩිම මනාප අරගෙන පළවෙනියට එනවා .දැන් ඔන්න ලංකා සී නිවුස් එකේ වැටුනම වෙල්ගමට ලුණු ඇඹුල් ඇතිව මහින්ද මහත්තය දුන්න කියල පහත ප්‍රවුර්තිය වෙල්ගමට දිගට හරහට අපහාස කරනවා මෝඩ පොහොට්ටු කාරයෝ.

    ඒත් එයාලට පෙන්නේ නැහැ වෙල්ගම කරන සේවය පොහොට්ටුවට.මම නම් වෙල්ගම හඳුනන්නේත් නැහැ,ඒත් මම එකාබද්ධයේ ඕනෑම ප්‍රබලයෙකුට අවලාද ,මඩ ගහන විට මා ඊට එරෙහිව ලියනවා.ලඟදි රණවිරු සංවිධානයේ කපිතාන් අසේල ධර්මසිරි කළුතර දිස්ත්‍රිකයේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහත්තයට ඉතාම අසික්කිත විදියට මඩ ගහල තිබුන වෙලාවෙත් මා ඊට එරෙහිව ලිවුවා.ගොඩක් අය තේරුම් නොගත්තට මා නම් අවබෝධ කරගෙන ඉන්නේ 2020 ජනාධිපතිවරණය දිනාගෙන ඒ හරහා මහින්ද මහත්තය මේ රටේ මීළඟ රාජ්‍ය නායකයා කරන්න පොහොට්ටුවේ අපට කරන්න තියෙන සටන DO OR DIE පන්නයේ සටනක් බව.
    කුමාර වෙල්ගම මහත්තය පැත්ත ගියත් කෙලින්,කතා කරන වංගු නැතිව කෙලින් යන කෙනෙක්.එතුමා කියන්නේ මම වැඩ කරන්නේ එක රාජපක්ෂ කෙනුකටයි කියල,එතුමා ළඟ යටි කුට්ටු වැඩ නැති නිසා දැන් ඉන්නේ අපේ නායකයා ලෙස මහින්ද මහත්තය නිසා මහින්ද මහත්තයට විතරක් වැඩ කරන බවයි කුමාර වෙල්ගම මහත්තය කියන්නේ.ඒක හරි නේ.අපි වැඩ කරන්නෙත්,අපේ නායකයත් මහින්ද මහත්තය පමණයි එතුමා දේශපාලනයේ රැඳී ඉන්නතුරු.කුමාර වෙල්ගම මහත්තය දැඩි ලෙස විශ්වාස කරනවා 19 තියෙන නීතියේ හිඩැසක් තුලින් මහින්ද මහත්තයම 2020 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වෙයි කියල.තවම ඒක තීන්දු වෙලා නැහැ ශ්‍රේෂ්ටාධිකරණයෙන්, 19 නිසා මහින්ද මහත්තයට ඉල්ලන්න බැහ කියන එක.අපි වෙන අපේක්ෂකයෙක් ගැන හිතන්න ඕන අපේ මේ බලාපොරොත්තුව බිඳ වැටුනට පස්සේ.ඔය කතාවම තමයි වෙල්ගම ටිකක් දැඩි ස්වරයෙන් කියන්නේ.නමුත් වෙල්ගම කිසිතැනක කියල නැහැ මහින්ද මහත්තයට ඉල්ලන්න බැරි උනොත් එතුමා විසින් නම් කරන ඕනෑම අපේක්ෂකයෙකුට වැඩ නොකරන බවක්.වාසුදේව මහත්තයත් ඉන්නේ මේ මතයේමයි.එයාල කියන්නේ මහින්ද රාජපක්ෂ වගේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ඕනෙයි කියල,මහින්ද මහත්තයට ඉල්ලන්න බැරි නම්.ඔවු ඉතින් ඒක ඇත්තනේ ජනතාවත් කැමති නැහැ නේ ඒකාධිපති නායකයෙකුට.

  15. Sadda says:

    ඉතාමත්ම සුදුසු දෙයක් තමා වෙලා තියෙන්නේ . එයාගෙ කට වැඩි තමා

  16. samare says:

    නායකය කියල පිළිගන්නවනම් නායකය හරි හෝ වැරදි හෝ ඔහුත් සමග සිටිය යුතුයි. නායකයට ඉහලින් බැහැ. එහෙම උනොත් රටක් තියා ආයතනයක් වත් ගෙනියන්න බැහැ. නායකය නරක නම් ඒක එන්න ඕන බහුතර ජනතාව තුලින්මයි. දැං ඉන්න එවුන්ට කරනව වගේ. නැත්නම් එක එකාට ඕන විධියට නටන්න දෙනව නම්
    නායකය හොදයි. පාර්ලිමේන්තුවේදී අවශ්‍ය ඔලූගෙඩි ටික තියාගන්න ඕන නිසා නායකයටත් සමහර අවස්ථාවන් වලදී නම්‍යශීලි වෙන්න වෙනව. පසුගිය ආණ්ඩුවෙ ඒවයින් හොදට ප්‍රයෝජන ගත්ත එකෙක් තමයි මර්වින් සිල්ව, මුතුහෙට්ටිගම වගේ එවුන්. ආණ්ඩු පක්ෂෙ ඉන්නවනම් උං හැමෝවම සතුටු කරන්න ඇමති උප ඇමතිකම් දෙන්න ඕනෙ. දුන්නත් වඩා හොද එකක් නෙවෙයිනම් ඉන්නේ අසතුටින් කල් මර මර වෙලාව එනකම් යටි කූට්ටු වැඩ කරමින්. අවස්ථාව ආව හැටියේ අමනුෂ්‍යෙයා, තිරිසන්නු වගේ වෙනව අනිත් පැත්තට පැනල. කොහොම හොදට සැලකුවත් වරප්‍රසාද දුන්නත් අන්තිමට කරන්නෙ ඔයටික තමයි. ඒ එකක්වත් ප්‍රතිපත්තිමත පිහිටා කරන ඒව නෙවෙයි හුදු බඩගෝසතර වාදය නිසාමය. වර්තමාන ලොක්ක පාලනය නොතේරෙන කමට අටවගත්තු සංහිදියාව
    අනුව බඩගෝසතර වාදියො දැං ප්‍රජාතන්ත්‍රවාදය හොදින් භුක්ති විදිනවළු. නමුත් ඒ මුවාවේ ඉදං ගහන ගැහිලි කොහොමද? නොගහන්නෙ කවුද? අනිත් අය හොරු කියාගෙන ආපු එවුන්නේ. පරම්පරා ගානකට හොරාකාල දැං උන් ඉන්නේ ගෙදරගියත් කමක් නැහැ කියල. ආණ්ඩුව පෙරලුනත් උන් දන්නව වැඩිම උනොත් විපක්ෂයෙ ඉන්න වෙන්නේ අවුරුදු 6 ක් විතර බව. ඊලග මැතිවරණයේදි උන්ගේන උන්වත් නොදන්න දෑහිතකාමී සත් ගුණවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව 82,00000 කින්වත් යුද්ධ පිට යුද්ධ දින්නත්, සංවර්ධනය අහස උසට කලත්, උස්මුරුත්තාව හැදෙනතුරු කන්න දුන්නත් බුද්ධිමත් ජනතාව ස්කූටරයක් දෙනවා කිව්වොත් බඩගාගෙන ඇවිත් ඡන්දෙ දෙන විත්තිය. මෙවැනි පසුබිමක අත්දැකීම් ඇති නායකයෙක් ලෙස මෙවුන් හැකි තරම් පාලනය කරල තියාගන්න පුළුවං, ආව හැටියෙම හොද ව්‍යවස්ථාවක් හෝ ගෙනත් උගත් බුද්ධිමත් එවුන්ටම පාර්ලිමේනතුවට ආ හැකි ලෙසත් ගසාකෑම් වලට දැඩි දඩුවම් දිය හැකි ලෙසත් නීති සකස්කරන්න. තවත් තට්ටුමාරුවක් නම් එපා.

  17. නෙවිල් says:

    මහින්ද මහත්තයා පැරදුනේ ඔය වගෙ අපතයෝ නිසා තමයි

  18. Love nature says:

    වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක්..

  19. පමා වී හෝ මහින්ද මැතිඳු කල දෙය හොඳයි.
    මොහිගේ ප්‍රකාශ ප්‍රශ්න සහගතයි ???? සහ විරුධධාවදීන්ට අවි සැපයීමකි.
    ඔවා දී හදා ගත යුතු මහත්මයෙකි.
    පොහොට්ටු විජයග්ග්‍රහණයේ සෙන්පතිවරු එක මිටට හිඳීම පොදු ජන පැතුමයි !

  20. Sadda says:

    මිලිබන්ඩා, දැනගත්තොත් හොදයි , එතුම ජීවතුන් අතර සිටිනා තුරු පන්මනක් නොවේ, සදහටම එතුමාව ආදරේ බව.අපි මේ රටේ පයගසා ඉන්න කලගුනදත් සිංහලුන්ය.

  21. david milibanda says:

    Must maintain party decipline…….. Also must remember Namal too should be kept in his place.

  22. සමන් says:

    මෙයාට අමතක වන රෝගය මහින්ද මහත්තයාගෙන්ද බෝවුනේ?

Main News